“මීට වඩා හොඳ සංයෝජනයක් ගැන
මට හිතාගන්න බැහැ.”
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය අතුරුපසක් වන කිරි පැණි වලට තමා වඩාත් ඇලුම් කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයින් බී. ටෙප්ලිට්ස් පවසනවා.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි.
එම සටහනට සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. කොළඹ හෝටලයකදී කිරි පැණි අතුරුපසට ගත් ඇය තැබූ සටහනයි මේ....
"කිරි පැණි, එය ප්‍රණීතයි.. ප්‍රබෝධමත්, රසවත් ශ්‍රී ලාංකික අතුරුපසක් සඳහා මීට වඩා හොඳ සංයෝජනයක් ගැන මට හිතාගන්න බැහැ. ඊළඟ වතාවේදී මම මේ අතුරුපස මැටි බඳුනක දමා වෙනස රස විඳිය හැකි දැයි බලන්නම්.. කිරි සහ පැණි රස විඳිමට මම වගේ කැමැති කවුරුහරි ඉන්නව ද?"
ඇයගේ එම ට්විටර් සටහනට ලාංකිකයන් හා විදේශිකයන් රැසක් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.