සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං මෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි අතර, නැගෙනහිර, ගිනිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශවලටද තද වැසි පැවතිය හැකියි.