මුඛයේ සැත්කම් 7 කුත් සිදු කරන්න වුණා....
සැත්කම් 27 කින් අනතුරුව මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් දිරිය දියණියක් වූ වත්සලා කුමාරි ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දී ඒ සාමාර්ථ 2 ක් හා බී සාමාර්ථයක් ලබා ගනිමින් ඉහළ ජයක් වාර්තා කළේ සමස්ත දරු පරපුරටම ආදර්ශයක් ගෙන දෙමිනි.
ඇය මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලින් සාමාන්‍ය පෙළ හදාරා ඒ 8 ක් හා බී 1 ක් ලබා ගනිමින් උසස් පෙළ හැදැරීමට පිවිසෙන්නේ මහනුවර උසස් බාලිකාවටය.
ඇය උපතින්ම ආබාධ රැසක් සහිතව උපදින අතර ඇගේ මුල්ම සැත්කම සිදුවන්නේ මාස තුනෙනි. උසස් පෙළ විභාගයට මාස දෙකකට පමණ පෙර ඇය ඇගේ 27 වැනි සැත්කම අවසන් කරන්නීය.
ඇයගේ දකුණු අතේ ආබාධයක් ඇති අතර ඒ සඳහා සැත්කම් 20 ක්ද, මුඛයේ සැත්කම් 7 ක්ද සිදුවන්නේ විටින් විටය. එවන් ආබාධ සහිතව සිය ජිවිතය ජයගත් මේ දියණිය සමස්ත දරු පරපුරටම ආඩම්බරයකි.
සිළුමිණ පුවත්පත..