Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
07
“දුවට මම නැතුව බෑ....” - කොවිඩ් වසාගත් ඉන්දියාවේ සිරවී සිටින, අවුරුදු 5ක් වයස සිඟිති දියණිය ගෙන්වා ගැනීමට නොහැකිවූ, දෙමව්පියන්ගේ කඳුළු කතාව - Photos

- “දුවට මම නැතුව බෑ....” - කොවිඩ් වසාගත් ඉන්දියාවේ සිරවී සිටින, අවුරුදු 5ක් වයස සිඟිති දියණිය ගෙන්වා ගැනීමට නොහැකිවූ, දෙමව්පියන්ගේ කඳුළු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,016 Views
මේවන විට කුඩා දරුවන් 173 දෙනෙකු
දෙමව්පියන් නොමැතිව හිරවෙලා...

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීම හේතුවෙන් ඉන්දියාවේ සිටින අවුරුදු 5ක් වයසැති දියණිය තමන් වෙතට ගෙන්වා ගැනීමට නොහැකිවූ මාපිය යුවළක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යුවළගේ දෙමව්පියන් කේරළ ප්‍රාන්තයේ ජීවත්වන අතර දියණිය ඔවුන්ගේ භාරයේ පසුවනවා.

2019 වසරේ නොවැබ්මර් මාසයෙන් පසු මෙම යුවළට තම දියණිය හමුවට යාමට හැකියාවක් ලැබී නැහැ.

මේවන විට ඉන්දියාවෙන් පැමිණෙන කිසිදු ගුවන්යානයකට තම රටට ඇතුලුවීමට අවස්ථාව ලබා නොදීමට ඔස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය හමුවේ මෙම යුවළට තම දියණිය ගෙන්වා ගැනීමට තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන්වී අවසන්.

5 හැවිරිදි දියණියගේ පියා ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය වෙත හැගීම්බරව ප්‍රකාශකර ඇත්තේ දියණියට තමන් නොමැති අඩුව ඉතා සංවේදී මෙන්ම හදවතට දුකක් දැනෙන කරුණක් වන බවයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ දේශසීමා වසා දැමීම සහ සංචරණ සීමා හේතුවෙන් දෙමව්පියන් සමග ඔස්ට්‍රේලියාවට යාමට නොහැකිව ඉන්දියාවේ මේවන විට කුඩා දරුවන් 173 දෙනෙකු පමණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම දරුවන් රැගෙන ඒම වෙනුවෙන් ඔස්ට්‍රේලියා රජය විසින් පසුගියදා සැලසුම් කළ ගුවන්යානයකින් ද 5 හැවිරිදි දැරිය රැගෙන ඒමට නොහැකිවී ඇත්තේ අවුරුදු 14ට අඩු දරුවන් කිසිදු භාරකරුවෙකු නොමැතිව තනිව ගුවන්ගමන්වල රැගෙන යාමට පවතින තහනම හේතුවෙන්.

එමෙන්ම මෙම දෙමාපිය යුවළට දරුවා රැගෙන ඒම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමට හැකියාවක් පැවතුන ද ඉන්දියාවේ සිට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගුවන්යානා නොමැති අවදානම හේතුවෙන් ඔවුන් එම තීරණයට එළඹ නැහැ.

කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති ඉන්දියාවේ සිට යළිත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටි 9000ක් පමණ වන පිරිසට තමන් ද ඇතුලත්වනු ඇතැයි බියක් ද ඔවුන් තුල පවතිනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සිටින දෙමව්පියන් වෙතට යාමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටින කුඩා ළමුන් බැංගලෝර් නුවර සිට සිඩ්නි නුවර දක්වා රැගෙන ඒමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර තිබූ අතර එම දෙමව්පිය යුවළ ඒ ඔස්සේ තම 5 හැවිරිදි සිගිති දියණිය තමන් වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළා.

එම ගුවන්යානය ඊයේ (06) සිඩ්නි නුවර වෙත ළගාවීමට නියමිතව තිබුන ද ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු ගුවන්යානයකට ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවස්ථාව ලබා නොදීමට ගත් තීරණය හමුවේ මෙම දෙමාපිය යුවළගේ එම උත්සාහය ද ව්‍යර්ත වී ගොස් තිබෙනවා.

ගත හැකි සියලු උත්සාහයන් ගෙන අවසාන බලාපොරොත්තුව ද බිඳවැටුණු බවයි දියණියගේ පියා ප්‍රකාශකර ඇත්තේ.

කෙසේවෙතත් ඉන්දියාවේ සිරවී සිටින තම දියණිය ගෙන්වා ගැනීමේ සුබදායී පණිවුඩයක් තමන්ට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසයෙන් සිටිනවා.

ඉන්දියාවේ සිටින තම දරුවන් යළිත් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට නොහැකිව සිටින තවත් දෙමව්පියන් මෙම යුවළ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කරගෙන කරුණු විමසා තිබෙනවා.

කෙසේවෙතත් ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ දරුවන් මෙම කුඩා දියණියට වඩා වයසින් වැඩි අය වීමයි.

ඇය ගෙන්වා ගැනීමට බලපෑම් එල්ලකර ඇති ප්‍රධාන කරුණ වී ඇත්තේ ඇයගේ වයස බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top