Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
07
"මම හැඩලය තද කරලා අල්ලා ගත්තා. මට එච්චර දුර යන්න ලැබුණේ නෑ. මට සිහිය ලැබුණේ ඊටපස්සේ දවසේ රෝහලේදී.." - රෙක්ස් කොඩිප්පිලි

- "මම හැඩලය තද කරලා අල්ලා ගත්තා. මට එච්චර දුර යන්න ලැබුණේ නෑ. මට සිහිය ලැබුණේ ඊටපස්සේ දවසේ රෝහලේදී.." - රෙක්ස් කොඩිප්පිලිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,502 Views
"වයසට ගියා කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ..."

"මට ඒ රස්සාව දිගටම කරන්න වුවමනාවක් තිබුණේ නැහැ.."

"මගේ ගම බදුල්ල. මගේ තාත්තා මිනින්දෝරුවෙක්. අපේ පවුලේ පිරිමි තුන්දෙනයි. මම බාලයා. මට අවුරුදු එකහමාරෙදී තාත්තා නැති වෙලා තියෙනවා. ඒ නිසා තාත්තා ගැන මට මතකයක් නැහැ. අම්මා තාත්තා නැතුව කොල්ලො තුන් දෙනෙක් හැදුවා. මගේ පාසල බදුල්ල ශාන්ත බීඩ්ස් විද්‍යාලයට සහ බදුල්ල සිද්ධාර්ථ විද්‍යාලයට. ඉස්කෝලේදී මම ක්‍රීඩා කළා. ඊටත් වඩා මම දක්ෂ ගායනයට. මම ඉස්කෝලේ යද්දි ඌව ජාතික කලා මණ්ඩලයේ හොඳම ගායකයා වුණා. එතකොට හිටපු ඇමති බණ්ඩාරනායක මහත්තයාගෙන් මට තිළිණයක් ලැබුණා."

රෙක්ස් කොඩිප්පිලි රඟපාන්න කලින් මොකද කළේ?
"ඉස්කෝලෙන් පස්සේ අපෙන් කවුරුත් ඇහුවේ මොකද කරන්නේ? මොන රස්සාවද කරන්නේ? කියලා ඒ නිසා අපි අපිට ඕනේ දේවල් කළා. රෝහණ ග්‍රැමටික් සොසයිටි කියලා එකක් පටන් අරගෙන බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර වගේ ඌව පළාතේ තැන් කීපයක වේදිකා නාට්ටි හදලා පෙන්නුවා. මාරක දෛවය, සංගීත පිස්සා වගේ වේදිකා නාට්‍ය. ඊටපස්සේ මම හමුදා පොලිසියට බැඳුණා. 1958දී මම කොළඹට ආවා. ආධුනිකයන්ගේ විසිර යෑමේ උත්සවයේදී සොල්දාදුවන් හාරසිය ගාණකින් මම දෙවැනි තැනට තේරුණා. මම අවුරුදු පහක් රාජකාරි කළා. හමුදා පොලීසියේ ඉද්දි මම බොක්සින්ග්, පිහිනීම, පාපන්දු වගේ ක්‍රීඩාත් කළා. හමුදා පොලීසියේ පලවෙනි පිහිනුම් කණ්ඩායමේ නායකයා මම. හමුදාවේ ඉද්දි මාරුවීම් එක්ක මන්නාරම, දියතලාව වගේ විවිධ තැන්වල මම වැඩ කළා. මට ඒ රස්සාව දිගටම කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. හමුදාවෙන් ඉවත් වෙලා මොකද්ද දන්නවාද කළේ? ඔයා පුදුම වෙයි ඒක ඇහුවොත්."

"මම අච්චර හොඳ පඩියක් ලැබෙන රස්සාවක් අතහැරලා ගුවන්විදුලි සංස්ථාවේ "ආධුනික පැය"ට සම්බන්ධ වුණා. ඒක කළේ කරුණාරත්න අබේසේකර. ඒ තරගෙන් මම දෙවෙනි තැන දිනාගත්තේ පළවෙනි තැන දිනුවේ නන්දා මාලනි. ඊටපස්සේ ගුවන්විදුලි සංස්ථාවේ නැවුම් මිහිර වගේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මගේම ගීත හතරක් පහක් විතර කිව්වා."

ජීවිතය අන් අයට අවැසි ලෙස නොව ගත කළ යුත්තේ තමාට අවැසි පරිදිය. රෙක්ස් කොඩිප්පිලි නම් තරුණයාද තමන්ගේ ජීවිතය තමන්ට අවැසි ලෙස ගත කර ඇති හැඩයි. ඔහුගේ ඉලක්ක විවිධය. එකිනෙකට වෙනස්ය. එහෙත් ඒවායින් ඔහු ජීවිතය විඳීන්නේය. හමුදාවෙන් ඉවත් වුණු රෙක්ස් හෝටල් ක්ෂේත්‍රයට තිබුණු ආසාව නිසා ටයිම්ස් ගොඩනැඟිල්ලේ ආපනශාලාවේ කළමනාකරු ලෙස වැඩ ආරම්භ කළාලු. කලක් එහි සේවය කළ රෙක්ස් ආපනශාලාවට නිතර යන එන මහත්තයෙකුගෙන් ගෑස් පහ හන්දියේ මරීනා හෝටලයේ රැකියාවකට පැමිණි ආරාධනාවක් භාරගත්තේය. පසුව ඔහු සලාකා හොටලයේ කළමනාකරු ලෙස රැකියාව අරඹා ඇත. එහිදී රෙක්ස්ට ඩොමී ජයවර්ධන, ඔස්වල්ඩ් ජයසිංහ වැනි රංගන ශිල්පීන් නිරන්තරයෙන් හමුවන්නට අවස්ථාව ලැබී ඇත.

"සිනමා නළුවෙක් වුණේ කොහොමද?"
"මම සිනමාවට එක් වුණේ අහම්බෙන්. මගේ මුල්ම චිත්‍රපටය තිරගත වුණේ හරියටම මීට වසර පණහකට කලින් 1971 දී. 1971 දවසක චිත්‍රපට නළු මගේ මිත්‍ර ඔස්වල්ඩ් ජයසිංහ, චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා එක්ක මාව හොයාගෙන සලාකා හෝටලයට ආවා. එතනදී අපි අතරේ පොඩි සංවාදයක් ඇති වුණා."

ඔස්වල්ඩ් - “මෙන්න මම කිව්ව මිනිහා. මගේ හොඳම යාළුවෙක්. බිහිසුණු වැඩ, අවදානම් වැඩ කරන්න හරිම සූරයා“

“රෙක්ස් මේ මිස්ටර් පෙරේරා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්“

මම - “ඔව් මම අහල තියෙනවා මිස්ටර් කේ.ඒ. ඩබ්ලිව්. කවුද නොදන්නේ?“
මිස්ටර් පෙරේරා - "රෙක්ස් අපේ “කතුරු මුහත්“ චිත්‍රපටයේ වැඩ භාගයක්ම ඉවරයි. ඔස්වල්ඩ්, රෙක්ස්ව රෙකමන්ඩ් කරන කොට චිත්‍රපටයේ තිබුණේ වලිගය විතරයි. ඒත්... පික්පොකට් ගහන සුළු චරිතයක් තියෙනවා. ඒක මම ඩිවොලප් කරන්නම්. කැමතිද? ඔයාට තියෙන්නේ නීලා ලියනගෙදර කියන අලුත් නිළියගේ හෑන්ඩ් බෑග් එක අරන් දුවන්න.“

මම - “මම කැමතියි මිස්ටර් පෙරේරා.“

"චිත්‍රපටයේ රඟපාන කොට සහාය අධ්‍යක්ෂ කුමාරදාස වාගීස්ව මිස්ටර් පෙරේරාට ඉල්ලීමක් කළාට පික්පොකට් චරිතය වෙනුවට මට වෙන චරිතයක් දෙන්න කියලා. මිස්ටර් පෙරේරා මං වෙනුවෙන්ම අලුත් දුෂ්ට චරිතයක් ක්‍රියේට් කළා."

රෙක්ස්ට මේ අතරවාරයේ චිත්‍රපටවල සටන් දර්ශනවල ප්‍රධාන නළුවන් වෙනුවෙන් ක්‍රියාදාම දර්ශන සඳහා “ඩබල්“ චරිත ද කිරීමට අවස්ථාව ලැබුණි. “හතර දෙනාම සූරයෝ“ චිත්‍රපටයේ එක සූරයකු ලෙස රඟපෑ සේනාධීර රූපසිංහ පිටුපස පොලීසිය දුහුබඳීන දර්ශනය කොටහේනේදී රූගත විය. එහිදී සේනාධීර ඇඳ සිටි කමිසය හා කලිසමට සමාන ඇඳුමින් සැරසී, වේගයෙන් මෝටර් බයිසිකලයෙන් වැඩ පෙන්වමින් පදවා ගෙන ගියේ රෙක්ස්ය. රෙක්ස් එවැනි අවදානම්, ක්‍රියාදාම ‘ඩබ්ල්‘ වැඩ කිරීමට ගජ සමතෙකි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා තම ඊළඟ චිත්‍රපටය වූ “ලොකුම හිනාව“ට රෙක්ස්ට පැවරුවේ බෙල්ල කැඩෙන කොන්ත්‍රාත්තුවකි. එය රෙක්ස්ගේම වචනවලින් කිවහොත්,

"මම උණ ලී පටවා ගෙන ඉස්සරහට එන කරත්තයකට උඩින් මෝටර් බයිසිකල් එක වේගයෙන් පදවා ගෙන කරත්තය උඩින් පැන්නුවා. උණ බම්බු දිගේ ගිය මගේ බයිසිකලය ලිස්සලා පාර පැත්තට වීසි වෙනවා මට දැනුණා. මම හැඩලය තද කරලා අල්ලා ගත්තා. මට එච්චර දුර යන්න ලැබුණේ නෑ. මට සිහිය ලැබුණේ ඊටපස්සේ දවසේ රෝහලේදී. උණ බම්බු කරත්තය දිගේ ගිහින් මගේ කකුලක් කැඩිලා තිබුණා. මේ මාරක පිම්මෙන් පස්සේ එක කකුලක් කඩාගෙන අවුරුද්දක් විතර එකම තැන හිටියා.“

“අපරාධය හා දඬුවම“ චිත්‍රපටයේ දර්ශනයක ඔස්වල්ඩ් ජයසිංහටයි මටයි මාරක සටනක් තිබුණා. මේ දර්ශනය රූපගත කළේ මාලිගාතැන්න කන්දේ ලොකු ගලක් උඩ. ඔස්වල්ඩ්ගේ මට දුන්නු වේගවත් පහරකින් බිමට වැටුණා. මාව කන්ට්‍රෝල් කරගන්න බැරුව අඩි හාරසීයක් පහළට වැටී ප්‍රපාතයකට වැටෙන්න ගියා. එදා මට දෙයියෝ සිහි වුණා. රූටලා යද්දි ය මම ගහක අත්තක එල්ලුණ. ඒ අත්ත කැඩිලා වැටුණේ බිම ගල් ගොඩක් උඩ තිබ්බ වීදුරු ගොඩකට. බරපතල තුවාල ඇතුව සති තුනක් මම හොස්පිට්ල් එකේ හිටියා. මේ මොන මාරක පිමිද ළමයෝ? මම යුද්ධ හමුදා පොලීසියේ ඉන්නකොට මෝටර් සයිකල් කරණම් ගහලා ශූරතා පෙන්නලා කරණම් කණ්ඩායමේ නායකයා වුණේ ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරලා. ඔන්න බබෝ බිල්ලෝ එනවා“ චිත්‍රපටයේ මට තිබුණා උඩට හෙලිකොප්ටරයකට අමාරුවෙන් ගොඩ වෙලා ගාමිණී ෆොන්සේකා එක්ක සටන් කරන ජවනිකාවක්. ඒක මට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම “දුප්පතාගේ හිතවතා“ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට හිටපු බැප්ටිස්ට් ප්‍රනාන්දු පැදගෙන ගිය කාර් එක මෝටර් බයිසිකලයකින් ෆලෝ කරලා බයිසිකලය අතඇරලා කාර් එක ඇතුළට තුළට පනින දර්ශනයක් තිබුණා. ඒක මම බොහොම ආසාවෙන් කරපු එකක්. “කල්‍යානි ගංගා“ චිත්‍රපටයේදී දයානන්ද ජයවර්ධන එක්ක බෝට්ටුවක් ඇතුළේ ගහගන්න සීන් එකක් තිබ්බා. ඒකත් මට අමතක වෙන්නේ නැහැ. තොටවත්තගේ "මරුවා සමඟ වාසේ" චිත්‍රපටියේ ජවනිකාවක විජය මට වෙඩි තියෙනවා. ඒ වෙඩිල්ල ඇත්තටම මගේ බඩට වැදුණා. ඒක තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ඇත්තටම මට මරුවා සමඟ වාසය කරන්න වෙන්නේ."

"මේවා කරන්න බය හිතුණේ නැද්ද"
එය ඔහුට විහිළුවකි. උඩු ඇන්දේ දත් සියල්ලම විලිස්සමින් සිනහවක් පෑ ඔහු මට පිළිතුරු දුන්නේ සරදම් විලාශයකිනි.

"ඒ මොකටද බය වෙන්නේ? බය නම් ඒවා කරන්න යනවාද? විසේ තියෙනවා නම් ඕවා කජු කනවා වගේ වැඩ. අනික පොඩි කාලේ ඉඳලා කැලෑවල වැල්වල එල්ලිලා ගිහින් වගේම හමුදා පොලිසියේදී ලබපු අත්දැකීම් නිසා ඕවා කරන එක මහලොකු දෙයක් නෙමෙයි මට."

"ප්‍රේමවන්තයාගේ චරිතය රඟපාලාම නැද්ද?"
"මොකද නැත්තේ... මාව දුෂ්ටයා විදිහට හැමෝම දැක්කාට මාව ප්‍රේමවන්තයා විදිහට දැකපු අයත් හිටියා. "ලස්සන දවසක්" චිත්‍රපටයේ මම ශ්‍රියානි අමරසේන එක්ක රඟපෑවා. "දමයන්ති" චිත්‍රපටයේ ගීතා කුමාරසිංහත් එක්ක රඟපෑවා. අනිත් ඔක්කොම චිත්‍රපටවල මම දුෂ්ටයා තමයි. හැබැයි මම ප්‍රේමවන්ත දුෂ්ටයෙක්."

"මම දුෂ්ටයා වුණාට මිනිස්සු මට ආදරෙයි. හැමෝම මට කිව්වේ ඔයා දුෂ්ටයා වුණාට හරිම "ඩීසන්ට් දුෂ්ටයෙක්" කියලා. දුෂ්ටයා වෙන්න හේතුවක් තියෙනවනේ. මනුස්සයෙක් නිකම්ම දුෂ්ටයෙක් වෙන්නේ නෑනේ. ඒක ප්‍රේක්ෂකයෝ දන්නවා. සමහරු හිතනවා අපි දුෂ්ටයාගේ චරිත රඟපාපු නිසා මිනිස්සු අපිට කැමති නැහැ කියලා. එහෙම එකක් අද වනතුරු මට දැනිලා නැහැ. මාව දැකපු ගමන් සමහරු බය වෙනවා. ඒත් මං එක්ක කතා කළාම ඒ හැඟීම වෙනස් වෙනවා. මටත් ඒ කාලේ ප්‍රේක්ෂකයන්ගෙන් ලියුම් ආවා. මාසෙකට ලියුම් පනහක් හැටක් ආවා."

"ඒ අතරේ ආදරය ප්‍රකාශ කරපු ලියුම් තිබුණේ නැද්ද?"
"ඔව්. එහෙම ලියුම් තිබුණා. වීරයාට වගේම දුෂ්ටයාට ආදරය කරන ගෑණු ළමයිනුත් ඉන්නවානේ. දුෂ්ට ගෑනු ළමයි නැත්තේ නෑ."

"ගාමිණී ෆොන්සේකා, බැප්ටිස් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, විල්සන් කරු, මර්වින් ජයතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරොන් මයිකල්, සුමිත් මුදන්නායක වගේ අයගෙන් මමත් ගුටි කෑවා. එයාලත් මගෙන් ගුටි කෑවා. ඒ තරහා ගුටි බැට ජවනිකාව ඉවරවෙනකං විතරයි. ඊටපස්සේ බොහොම මිත්‍රශීලී යාළුවෝ එයාලා. මේ අයගෙන් මට සැර පාරවල් වැදුණේ ගාමිණීගෙන්. ගාමිණී ගහන පාරවල් ඇත්තටම වදිනවා."

එදා ගාමිණීලා විජයලා ටෝනිලා සිනමාවේ වීරයා වුණේ රෙක්ස්ලා ඇලෙක්ස්ලා දුෂ්ටයෝ වුණු නිසාවෙන් බව පිළිගත යුතු සත්‍යකි. වීරයාගේ රංගනය ප්‍රේක්ෂක සිත් ඇදබැඳ ගත්තේ ප්‍රතිවීරයාගේ ප්‍රතිචාරාත්මක රංගනය නිසාවෙනි. එහෙයින් වීරයන් නොමැති සිනමාවක් නොමැති සේම ප්‍රතිවීරයින් නොමැති සිනමාවක්ද නැත. වර්තමාන සිනමාවේ ප්‍රතිවීරයින් ගැන රෙක්ස්ට ඇත්තේ අප්‍රසන්න හැඟීමකි.

"වර්තමානයේ සිනමාවේ දුෂ්ටයෝ නැහැ. ඒත් දැන් ඉන්න ඔක්කොම වගේ ඇත්ත ජීවිතයේ දුෂ්ටයෝ. හරියට හැසිරෙන්න දන්නේ නැහැ. තැනකට ගිහින් මිනිස්සුන්ට හරියට කතා කරන්න දන්නේ නැහැ. ඒ වගේම දැන් හරිහමන් උස මහත නළුවොත් නැහැනේ. දැන් ඉන්නේ දුෂ්ටයෝ නෙමෙයි තොත්ත බබාලා. දැන් සිංහල සිනමාව නැති වෙන තැනට ඇවිත් වගේ. ඒකට හේතුව චිත්‍රපටි පෙන්නන හෝල් වහලා. එහෙම පසුබිමක හොඳ දුෂ්ටයෝ සිනමාවට එයි කියලා හිතන්න බැහැ."

"මගේ බිරිඳ කැතරින්ව මට හමුවෙන්නේ විවාහ යෝජනාවකින්. මට දුවලා දෙන්නයි පුතයි. පුතා තමයි මද්දුමයා. ලොකු දුව රොෂාන්තියි, පොඩි දුව සුරේකායි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ දෙන්නටම දුවයි පුතයි ගාණේ ළමයි ඉන්නවා. පුතා ප්‍රසන්න. මම ඉන්නේ පුතා ළඟ. අහස් මාළිඟා චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් මගේ පුතා. පුතාටත් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මම මුණුබුරු මිණිබිරියෝ හය දෙනෙක්ගේ සීයා කෙනෙක්. මගේ බිරිඳ මීට වසර හතරකට කලින් මිය ගියා."

"මැරෙනකං දුෂ්ටයාට රඟපාන්නද කල්පනාව?"
"ඔව්. මම හිතන්නේ මට දිගටම දුෂ්ටයා වෙන්න වේවි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මගේ ජීවිතේම දුෂ්ටයා විදිහට රඟපෑවේ. සමහර සටන් ජවනිකාවල වුණු තුවාල තාමත් මගේ ඇඟේ තියෙනවා. තුවාල කැළැල් පනස් දෙකක් තාමත් ඇඟේ තියෙනවා. මට තාමත් එක සැරේ දෙතුන් දෙනෙක් එක්ක ගහගන්න පුළුවන්. වයසට ගියා කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ."

තිලක් පෙරේරා
සරසවිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top