පොලිස් ඔම්බුඩ්ස්මන් (දුක්ගැනවිලි) අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහ ආරච්චිගේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න උපදෙස් දී තිබෙනවා .
බිම්ෂානි ජාසිංහ ආරච්චිගේ මෙරට පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියයි.
මෙම ස්ථාන මාරුවත් සමග ඇය යටතේ මෙම ඒකකයේ සේවය කළ නිලධාරීන්ට වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේය මෙම ස්ථාන මාරුව පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් බවයි.
අදාල නියෝජ්‍ය පොලිස්පතිවරිය නුදුරේදීම නව තනතුරක පිහිටවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා