ඊයේ දහවල් හදිසියේම දුම්රිය ගමන් වාර විසිදෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.
මේ හේතුවෙන් ඊයේ සවස කාර්යාල දුම්රිය තුළ දැඩි තදබදයක් හට ගත්තා.
ඇති වූ තදබදය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නියමිත දුරස්ථභාවය තබාගෙන දුම්රියයන් හි ගමන් කිරීමට නොහැකි වූ බවයි දුම්රිය මගීන් පවසන්නේ.
කෙසේ වෙතත් හදිසියේ ගත් මෙම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමේ තීරණය හේතුවෙන් නුදුරේදීම දුම්රිය පොකුරක් බිහිවනු ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.