Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
“ඖෂධ අනුමැතිය සංකීර්ණ ක්‍රියාවලියක්. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම - මිථ්‍යාව පසුපස ගියොත්, කොවිඩ් පාලනය තවත් අමාරු වෙනවා. GMOA” - ගාල්ලේ සහ කෑ-ගාල්ලේ කොවිඩ් ඖෂධ බොරුව එළියට - Video

- “ඖෂධ අනුමැතිය සංකීර්ණ ක්‍රියාවලියක්. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම - මිථ්‍යාව පසුපස ගියොත්, කොවිඩ් පාලනය තවත් අමාරු වෙනවා. GMOA” - ගාල්ලේ සහ කෑ-ගාල්ලේ කොවිඩ් ඖෂධ බොරුව එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,855 Views
ධම්මික පැණිය තහනම් කළත් අලෙවිය තවම නැවතී නැහැ...!

“බෙහෙත් ගන්න පුළුවන්....
දැන් ගන්න පුළුවන්ද ? අපිට ඒ බෙහෙත් එක එහෙම...?”

සායනික පරීක්ෂාවෙන් අසමත් වූ ධම්මික පැණියේ නිෂ්පාදන කටයුතු අත්හිටුවන ලෙස අද ලිඛිතව දැනුම් දෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසනවා.

අදාළ පැණිය පිළිබඳ සායනික පරීක්ෂාව සිදුකළ විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ධම්මික පැණිය කොවිඩ් මර්දන ප්‍රතිකාරකයක් වශයෙන් අසමත් බවයි.

කොවිඩ් වෛරසය මර්දනය කිරීමට හැකි බව පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තෙකු විසින් පැණියක් නිපදවූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී.

මෙම ප්‍රචාරයත් සමඟ ඒ පිළිබඳව සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වූ අතර ධම්මික පැණිය ලබා ගැනීමට විශාල පිරිසක් කෑගල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවස වෙත ගියේ නිරෝධායන නීති ද උල්ලංඝනය කරමින්.

කෙසේ වෙතත් පිළිගත් නිර්දේශයකින් තොර මෙවන් ඖෂධ පානය කිරීම සුදුසු නොවන බවට සෞඛ්‍ය විශේෂඥයින් දිගින් දිගටම පෙන්වා දුන්නා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු වෙතද ධම්මික පැණිය ලබා දෙන්නේ මේ අතරතුරයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව විද්වත් සමාජයේ මතු වූ විරෝධය සමග ධම්මික පැණිය කොවිඩ් සඳහා සුදුසුදැයි පරීක්ෂා කිරීම සඳහා සායනික පරීක්ෂණවලට යොමු කෙරුණා.

12 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේ කොවිඩ් රෝගීන් 68 දෙනෙකු යොදාගෙන සිදුකළ සායනික පරීක්ෂාවේදී ධම්මික පැණිය කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර දී නැහැ.

එම විද්වත් කමිටු වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා විසින් දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලෙකම් කුමාරි වීරසේකර මහත්මිය පවසන්නේ සායනික පරීක්ෂාවෙන් අසමත් වූ ධම්මික පැණිය නිෂ්පාදනය අත්හිටුවන ලෙස ධම්මික බණ්ඩාර නමැත්තාට අද දැනුම් දෙන බවයි.

එම ලිපිය යොමු කිරීමෙන් අනතුරුව ධම්මික බණ්ඩාර අදාළ පැණිය නිෂ්පාදනය කළහොත් 1961 අංක 31 දරණ ආයුර්වේද පනත යටතේ ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදය පවතින බවයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර ධම්මික පැණිය සායනික පරීක්ෂාවට ලක්කළ විද්වත් කමිටුවේ සාමාජික වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්.

අදාළ පැණිය ආහාර අතිරේකයක් ලෙස භාවිතයට ගැනීම සඳහා නිෂ්පාදනයට ආයුර්වේද දෙපාර්තමේන්තුව මීට පෙර අනුමැතිය ලබාදී තිබූ අතර එම කාලසීමාව ද මේවන විට අවසන් වී ඇති බවයි ලේකම්වරිය සඳහන් කළේ.

මෙවන් පසුබිමක කොවිඩ් රෝගීන් සඳහා ධම්මික පැණිය තවමත් නිකුත් කරන බව අප අනාවරණ කරගත්තා.

කරුණු කෙසේ වෙතත්, කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මේ මොහොතේ මෙරට ජනතාව සිටින්නේ දැඩි පීඩනයකයි.

රෝ බිය පැතිර යද්දි ජනතාව පීඩනයට පත් වීම සහ අසරණ වීම ස්වභාවික තත්ත්වයයි. මෙම තත්ත්වයෙන් සමස්ථ ජනතාව මුදා ගැනීමේ වගකීම පැවරෙන්නේ රට කරවන බලධාරින්ට යි.

නමුත්, ඔවුන් එම වගකීම පසෙකලා තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව, කටයුතු කරන්නට යෑමේ බරපතල ප්‍රතිවිපාක ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයා ගත හැකියි.

මෙවන් මොහොතක ආත්මාර්ථකාමී ජාවාරම්කරුවන් ජනතාව මුළාවේ දමමින්, අනුමත නොකරන ලද විවිධ ඖෂධ වර්ග අලෙවි කිරීමේ ජාවාරමක යෙදෙමින් සිටිනවා.

මෙලෙස බොරදියේ මාළු බාන්නට වෙර දරන, කරාපිටියේ රෝහලේ වෛද්‍යවරයෙකු කිසිදු සායනික අනුමැතියක් නොමැති ඖෂධයක් අලෙවි කරමින් කෝටි ගණනක මහජන මුදල් මංකොල්ල කෑමක් සිදු කරන්නේ, භීතියට පත්ව සිටින ජනතාව තව තවත් විපතට ඇද දමමින්.

අදාළ වෛද්‍යවරයාගේ මෙම වංචාසහගත නිෂ්පාදනය සඳහා හතු පිපෙන්නාක් මෙන් බිහි වූ යූටියුබ් නාලිකා, වෙබ් නාලිකා මෙන්ම මුද්‍රිත මාධ්‍ය හරහා ද දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි.

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරන්නේ, මෙවන් වසංගතයක් සඳහා ඖෂධ නිෂ්පාදනය සහ අනුමැතිය අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.

හතු පිපෙන්නාක් මෙන්, මෙසේ පහළ වන ඖෂධ මඟින් කොවිඩ්-19 රෝගය‍ සුව කිරීම, කිසිසේත් සිදු කළ හැකි ක්‍රියාවක් නොවන බවත් ඔහු අවධාරණය කරනවා. විද්‍යාව අමතක කොට අවිද්‍යාව පසුපස යෑමෙන්, සිදුවන්නේ, කොවිඩ් මර්දන ක්‍රියාවලිය තව තවත් අසීරු වීම පමණක් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top