Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
“...ඒ වෙලාවේ ඔහු ඇස් වහගද්දි මොනතරං දේවල් හිතන්න ඇද්ද... ඒ වෙලාවෙ ඩියුටි හිටපු හැමෝගෙම ඇස් වලින් කදුලු වැටුණා..” - බිරිඳත්, දරු පැටියාවත් අතැරදා, කොවිඩ් මාරයා හා අන්තිම ගමන ගිය තරුණයෙකු ගැන හෙදියකගේ කඳුළු සටහන - Photos

- “...ඒ වෙලාවේ ඔහු ඇස් වහගද්දි මොනතරං දේවල් හිතන්න ඇද්ද... ඒ වෙලාවෙ ඩියුටි හිටපු හැමෝගෙම ඇස් වලින් කදුලු වැටුණා..” - බිරිඳත්, දරු පැටියාවත් අතැරදා, කොවිඩ් මාරයා හා අන්තිම ගමන ගිය තරුණයෙකු ගැන හෙදියකගේ කඳුළු සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,734 Views
“තවත් දිනෙක ඔහුගේ තත්වය දරුනු උනා.
කදුලු අතරින් දැඩි ආයාසයකින් හුස්ම යදිනවා අපි දැක්කා”

“සියලු ප්‍රතිකාර නොඅඩුවම නිසි කලට ලැබුනත් කොවිඩ් මාරයා දරුණු උනා.”

ලංකාවට ආගන්තුකයෙකු නොවූ කොවිඩ් මාරයා මේ වෙනකොටත් අපේ පුංචි දිවයිනේ හැම අහුමුල්ලක්ම ආක්‍රමණය කරමින් සිටිනවා.

පසුගිය දින කිහිපයේදීම 2000කට ආසන්න වූ ආසාදිතයින් හමුවෙද්දී තවත් පිරිසක් කාටත් හොර රහසේම ජීවිතය හැර යන්න අරන්.

මේ ඒ විදිහට ජීවිතයෙන් යන්නම ගිය තරුණයෙකු ගැන, මුහුණු පොතෙන් අපිට හමුවුණු කඳුළු සටහනක්...

දින 18කට කලින් PCR පොසිටිව් වෙලා හුස්ම ගැනීමේ අපහසුතවක් නිසා ඔහුව COVID ICU එකට ඇතුලත් කරේ තවමත් අවුරුදු 33ක් උන තරුණයෙක් නිසාම වෙන්න ඇති..
දවසින් දෙකෙන් වාට්ටුවට දාන්න පුලුවන් වෙයි කියලා අපි හිතාගෙන හිටියත් කොවිඩ් මාරයා වේගවත් උනා..
"මට ගෙදර යන්න පුලුවන් වෙයි නේද" කියලා ඔහු නිතරම ඇහුවේ ඔහු නොමැතිව තමන්ගේ ආදරනීය බිරිද සහ එකම පුතාගෙ ඉරණම කෙසේ විසදේවිද යන්න මතක් කරමින්..
සියලු ප්‍රතිකාර නොඅඩුවම නිසි කලට ලැබුනත් කොවිඩ් මාරයා දරුණු උනා. Ventilator Support එකක් නැතුව හුස්ම ගන්න බැරි තරමට ඒ පෙනහලු වෙනස් වෙනකොට සමහරෙකුට පැයක් දෙකක්වත් එක දිගට දාගෙන ඉන්න බැරි ඔලුව හිර වෙන තරමට තද උන Ventilator CPAP Mask එක ඔහු පැය 24ක් 48ක් දැඩි අපහසුවෙන් හෝ දාගෙන හිටියේ හුස්ම නවතීවියැයි දැනුන බිය නිසාවෙනි..
තවත් දිනෙක ඔහුගේ තත්වය දරුනු උනා. කදුලු අතරින් දැඩි ආයාසයකින් හුස්ම යදිනවා අපි දැක්කා. අවසන් උත්සහය ලෙස ඔහුව Intubate කීරීමට සුදානම් උනා. ඒ වෙලාවේ ඔහු ඇස් වහගද්දි මොනතරං දේවල් හිතන්න ඇද්ද...ඔහුව සිහිනැති කරලා ස්වාසනාලයට බටයක් දාලා පෙනහලු වල ක්‍රියාකාරිත්වය Ventilator එකට බාර දුන්නා. තවත් දවස් තුනක් ඔහු සටන් කලා. අන්තිමට සියල්ල අත් හැර දමා ඔහු මෙලොව හැර ගියා. ඒ වෙලාවෙ ඩියුටි හිටපු හැමෝගෙම ඇස් වලින් කදුලු වැටුනා. අපි ඔහු වෙනුවෙන් කල කිසි දෙයක ප්‍රයෝජනයක් නැති උනා.
ඒ බිරිදගෙ විලාප හඩ තවමත් අපේ හිත් වල දෝංකාර දෙනවා. තාත්තා එනකං ඒ පුතා තාමත් බලන් ඇති....
ඔහුගේ ආදර්ණීයයන් දිවි තුරා විදවමින් ජීවත් වනු ඇත....
තම ආදර්ණීයයන්ගේ ඉරණම ගැන සිතා ඔබ පරිස්සම්වන්න.
නොහිතන විදිහට නොහිතන වෙලාවක ඔහුට මෙන් අපටද කොවිඩ් මාරන්තික විය හැක....
පොලිතින් උරයක ගිය අවසන් ගමන
ඔබට නිවන් සුව...

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "හෙදියකගේ දිනපොතන්" ෆේස්බුක් පිටුව...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top