Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
06
"අමාරු වූ හුස්ම අතරින් ෆෝන් එක අතට ගත්තේ සැමියාට කතා කරන්න වෙන්න ඇති.." - කොරෝනාවට බිලි වී මිය ගිය ගැබිණි මව වෙනුවෙන් ඈට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

- "අමාරු වූ හුස්ම අතරින් ෆෝන් එක අතට ගත්තේ සැමියාට කතා කරන්න වෙන්න ඇති.." - කොරෝනාවට බිලි වී මිය ගිය ගැබිණි මව වෙනුවෙන් ඈට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මුහුණු පොතේ තැබූ සංවේදී සටහනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

94 Views
ලෝකයම වනසන්නට කොහෙන්දෝ ආ කොරෝනා වෛරසයට බය නැති කෙනෙක් නැත, ඊට අද ගොදුරු වෙයිද හෙට ගොදුරු වෙයිද කොයි මොහොතේ ගොදුරු වෙයිද යන ප්‍රශ්නය එක්ක දවස ගෙවන ලෝකවාසීන් අතර මේ වෙද්දී වැඩිපුරම බිය වන්නේ අපේ ශ්‍රී ලාංකිකයින්ය.

ඊයේ බොහෝ දෙනා සංවේදී කරමින් ගැබිණි බවක් අවසන් හුස්ම හෙළුවේ කොරෝනා වෛරසය කොතරම් බියකරු එකක්ද යන්න සනාථ කරමින්ය. ඇය මිය ගියාය. ඇගේ හුස්ම ටික ටික යන මොහොතේ ඇයගේ වේදනාව ඇස් පනාපිට දුටුවේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්ය. ඒ අතර සිටි වෛද්‍ය තරිදු C පෙරේරා මුහුණු පොතට ඒ අත්දැකීම සංවේදීව සටහන් කර තිබුණේ මෙලෙසින්ය,

වේලාව සවස 4.30ට පමන. Covid HDU එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි.මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය.

අපේ nurses ලත් පැය ගනනක් ඇදි PPE ගලවා පැමිනියා පමණි . Ward registra HDU එක තුලට කඩා වැදුනේ pregnant අම්මා කෙනෙක්ට Bed එකක් විමසමින්. ඒ වන විටත් අපගේ Bed 6 ම රෝගීන්ගෙන් පිරි ඇත. සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු Ventilator වලය. සමහරු CPAP වලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් deliver කරමින් ඇත. HDU එක තුල වූ සියලුම Syringe Pump රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි. අපි දෙදෙනට වෙන කල හැක්කක් නැත. තරමක් හෝ stable ව සිටිය patientව විගසින් වාට්ටුවකට මරු කර Bed එකක් සූදනම් කර ගත්තේය. සවස 6.30ට පමන මිනුවන්ගොඩින් transer එක පැමිනියේය. ඇය වයස 45ක පමන තෙමස් මවකි. එයද ඇයගෙ පලමු දරුවා වීමද විශේෂත්වයකි .ඇය HDU එක තුලට ඇතුලුවත්ම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කර්‍යමන්ඩලය විගස ඇයව bed එකට දමා monitor වලට සවිකරගත්හ. CPAP එක සූදනම් විය.අමාරු වූ හුස්ම අතරින් ඇය මල්ලෙන් phone එක ඇද call එකක් ගන්නට දැගලිය. බෝහොවිට තමාගේ ස්වමියාට විය හැක. Bed එකට දමා ගත වූයෙ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය arrest විය. මාගේ යලුවා තප්පර ගන්නකදි PPE එකට බැස ඇය ලගට දිව ගියහ. PPE එක සම්පූර්නයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතර තුර මා Regista, SR, Med Team සියල්ලන් කැදවිය. විනාඩි 45 පමන අප දන්න සියලු ශිලප කලෙමු. නමුත් ජිවිතේ අනිත්‍යබවත්, covid pneumoniyaවේ දරුනු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුනු දිගේ කදුලූ කැට වැටුනි.
මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමනි. අපගේ දාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් ඇත.

මහජනතාව තමන්ගේ ආරක්ශව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ India වට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.

සටහන - වෛද්‍ය තරිදු C පෙරේරා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top