Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
“...මස් මාළු උම්බලකඩ කන්න එපා කියලා මුල ඉඳන්ම කිව්වා, මේක ආධ්‍යාත්මික බෙහෙතක්..” - රටම කතා කළ ධම්මික පැණිය අසමත් වෙයි, පැණිය හැදූ ධම්මික දැන් මාධ්‍යයට කියන අමුතු කතාව මෙන්න - Video

- “...මස් මාළු උම්බලකඩ කන්න එපා කියලා මුල ඉඳන්ම කිව්වා, මේක ආධ්‍යාත්මික බෙහෙතක්..” - රටම කතා කළ ධම්මික පැණිය අසමත් වෙයි, පැණිය හැදූ ධම්මික දැන් මාධ්‍යයට කියන අමුතු කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,257 Views
“මේක අසමත් කියලා මම පිළිගන් නෑ
අද දවසෙත් මගෙන් බෙහෙත් ගෙනිහින් මිනිස්සු සනීප වෙනවා...”

මෙරට කොවිඩ් 19 වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වූ දෙවන කොවිඩ් රැල්ලේදී දැඩි කතා බහට ලක් වූ ධම්මික පැණිය කොවිඩ් මර්දනය සඳහා කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවට සායනික පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

සායනික පරීක්ෂාව සඳහා පත් කළ විද්වත් කමිටුව සිය ඒකමතික තීරණය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් මෙවන් නිර්දේශයක් කර තිබියදීත් තමන් ධම්මික පැණිය තවදුරටත් අලෙවි කරන බවයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කළේ.

කොවිඩ් වෛරසය මර්දනය කිරීමට හැකි බව පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තෙකු විසින් පැණියක් නිපදවූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී.

මෙම ප්‍රචාරයත් සමඟ ඒ පිළිබඳව සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වුණා.

ධම්මික පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් නිරෝධායන නීති ද උල්ලංඝනය කරමින් කෑගල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැස් වූයේ ඒ අනුවයි.

පිළිගත් නිර්දේශයකින් තොර මෙවන් ඖෂධ පානය කිරීම සුදුසු නොවන බවට විවිධ සෞඛ්‍ය විශේෂඥයින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ද ඒ අතරතුරයි.

කෙසේ වෙතත් එම උපදෙස්ද නොතකා ජනතාව විශාල වශයෙන් ධම්මික පැණිය සොයා ඒමෙන් උත්තේජනය ලැබූ ධම්මික බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුට ද පැණිය ලබා දීමට කටයුතු කළා.

ඉන් නොනැවතුණු ඔහු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද ධම්මික පැණිය පූජා කරමින් මහා සංඝරත්නය වෙතද පූජා කිරීමට උත්සහ කළා.

කෙසේ වෙතත් මෙම පැණිය කොවිඩ් සඳහා සුදුසුදැයි පරීක්ෂා කිරීම සඳහා සායනික පරීක්ෂණවලට යොමු කෙරුණේ ඒ පිළිබඳව විද්වත් සමාජයේ මතු වූ විරෝධය සමගයි.

කොවිඩ් වෛරසය පාලනය සඳහා වන දේශීය ඖෂධ පිළිබඳ සොයාබැලීමට පත්කළ විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේයි මෙම පරීක්ෂණ සිදුකෙරුණේ.

එම කමිටුව නියෝජනය කරන්නේ මහාචාර්ය සිසිර සිරිබණ්ඩාර, මහාචාර්ය ජනක ද සිලවා, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය සරත් ලේකම්වසම්, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය රජිත වික්‍රමසිංහ, මහාචාර්ය අංජන සිල්වා සහ වෛද්‍ය ස්වර්ණා කළුතොට යන මහත්ම මහත්මීන්. එම කමිටුවේ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා වෙත මේ වන විට යොමුකර
තිබෙනවා.

වාර්තාවට අනුව සායනික පරීක්ෂණය සඳහා ධම්මික පැනිය මෙත්සිරිසෙවන සහ නොච්චියාගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතයි යොමු කර ඇත්තේ.

එහිදී සායනික පරීක්ෂණය සඳහා කොවිඩ් 19 රෝගීන් 128 දෙනෙකු යොදාගැනීමට අවශ්‍ය වුවද ඒ සඳහා ඉදිරිපත්වී තිබෙන්නේ රෝගීන් 68 දෙනෙකු පමණයි.

ඒ අනුව ඒ අතරින් 31 දෙනෙකු සඳහා ධම්මික පැණිය ලබාදුන් අතර 37 දෙනෙකු සඳහා සාමාන්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

වාර්තාවේ දැක්වෙන්නේ දින 4කට පසු ධම්මික පැණිය ලබා ගත් 5 දෙනෙකු මෙන්ම සාමාන්‍ය ප්‍රතිකාර ලබාගත් 5 දෙනෙකුද සුවය ලැබූ බව නිරීක්ෂණය කළ බවයි.

ඒ අනුව සුව වූවන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතමය අගයක් ලෙස වෙනස්වීමට ධම්මික පැණියේ බලපෑමක් නැතැයි තහවුරු වී තිබෙනවා.

එමෙන්ම අදාළ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ධම්මික පැණිය සහ සාමාන්‍ය ඖෂධ ලබාගත් රෝගීන්ගේ ජෛව රසායනික මිනුම් අතරද කිසිදු වෙනසක් නොමැති බවටයි.

එම නිසා මෙම පැණිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඵල රහිත බවටයි විද්වත් කමිටුව නිර්දේශ කරන්නේ.

ඒ අනුව ධම්මික පැණිය කොවිඩ් සඳහා කිසිදු සාර්ථක ප්‍රතිපලයක් අත්කර දෙන්නේ නැහැ.

මෙම පැණිය අසමත් වුවද දේශීය ඖෂධ සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනයන් ඉදිරියටත් සිදු කරන බවයි විද්වත් කමිටුව පවසන්නේ.

මෙරට පිළිගත් විද්වත් කමිටුවක් සිදුකළ විධිමත් පරීක්ෂණයක් හමුවේ ධම්මික පැණිය අසමත් වී ඇති පසුබිමක ඒ පිළිබඳව ධම්මික බණ්ඩාරගේ ප්‍රතිචාරය කුමක්ද?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top