Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
කොවිඩ් ආසාදිත ගැබිණි මවක් අන්තිම ගමන් ගිහින්, එකම පවුලේ තිදෙනෙකුත් මියයයි - අද දිනයේ පමණක් ආසාදිතයින් 2000කට ආසන්නයි - මෙරට කොරෝනා අලුත්ම තොරතුරු මෙන්න - Video

- කොවිඩ් ආසාදිත ගැබිණි මවක් අන්තිම ගමන් ගිහින්, එකම පවුලේ තිදෙනෙකුත් මියයයි - අද දිනයේ පමණක් ආසාදිතයින් 2000කට ආසන්නයි - මෙරට කොරෝනා අලුත්ම තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,857 Views
මරණ අතරින් 10කටම හේතු වී ඇත්තේ
කොවිඩ් නිව්මෝනියාවයි...!

මරණ අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ට වැඩි අයයි...

තවත් කොවිඩ් ආසාදිතයන් 638ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේදී මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 1897ක්.

රාගම ප්‍රදේශයේ ගර්භණී කාන්තාවක්ද කොවිඩ් ආසාදිතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය මෙරට ගර්භණී කාන්තාවක් කොවිඩ් ආසාදිතව මියගිය පළමු අවස්ථාව ලෙසයි සැලකෙන්නේ.

අද වන විට දින අටක් පුරා මෙරට දහස ඉක්ම වූ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා.

ගත වූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1914ක් වශයෙන්.

ඒ අතරින් ආසාදිතයින් 1,860ක් අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු පුද්ගලයින් 54 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි.

මෙරට දෛනික ආසාදිතයින් දහස ඉක්ම වූ දින 8න් දින පහකම ආසාදිතයින් 1500 වඩා වැඩි අගයක් ගත් අතර ගත වූ දිනයේ ආසාදිතයින් 2000 ට ආසන්න වුණා

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ගණන 542ක්.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ගණන 531ක්. කොළඹින් වැඩිම ආසාදිතයින් පිරිස ලෙස 149 දෙනෙකු වාර්තා වන්නේ කැස්බෑව ප්‍රදේශයෙන්.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116ක් වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 115,589ක්.

අද දිනයේත් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහළගියා.

එම මරණ අතරින් 10කටම හේතු වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවයි.

මේ අතර කොවිඩ් ආසාදිත මිනුවන්ගොඩ මූලික රෝහලේ සිට රාගම ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යැවූ රාගම - බටුවත්ත - නාරන්ගොඩපාළුව පදිංචිව සිටි අවුරුදු 45ක් වයස තෙමස් ගැබිණි මවක් මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඇගේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වය බවයි.

අදාළ මරණය සැළකෙන්නේ මෙරට කොවිඩ් ආසාදිතව සිදු වූ පළමු ගැබිණි මරණය ලෙසයි.

මේ අතර මාස 2කට පමණ පෙර කොවිඩ් ආසාදිතවී සුවය ලබා සිටි උසස් පෙළ සිසුවෙකු නිවසේදී හදිසියේ මියගිය සිද්ධියක් මූන්දලම කරුංගාඩිචෝලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ සිසුවාගේ මව අද අළුයම පාඩම් කටයුතු සඳහා ඔහුව අවදි කිරීමට උත්සහ කළත් සිහිසුන්ව සිටි සිසුවා පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව තිබෙනවා.

අදාළ සිසුවාගේ මවද කොවිඩ් ආසාදිතව සුවය ලබා සිටින අතර මියගිය සිසුවාගේ දේහය පිළිබඳවද කොවිඩ් පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මේ අතර කොවිඩ් ආසාදනය වී සිටි එකම පවුලේ තිදෙනෙකු මියගිය සිද්ධියක් මාළඹේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාළඹේ උඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 96 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 90සහ 82 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන් කොවිඩ් ආසාදිතව පසුගිය 22 වැනිදා IDH රෝහලට ඇතුළත් කර ඇති අතර දින 10ක පමණ කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගිය අය අතර අඹු සැමි යුවලක්දවන අතර ඔවුන්ගේ දියණිය ඇගේ සැමියා සහ පුත්‍රයාද මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

කොවිඩ් දෙවන රැල්ලේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතව මරණ අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ට වැඩි අයයි.

එම සංඛ්‍යාව 328ක්.

අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලයින් 180 දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර අවුරුදු 51ත් 60ත් අතර මියගොස් ඇති සංඛ්‍යාව 99ක්.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 15,727ක්.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනය වන විට මෙරට පුද්ගලයින් 139,286 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඊයේ දිනයේ පමණක් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින්ගේ ගණන 21,715ක්.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයන්හි ශීඝ්‍ර ව්‍යාප්තිය සෞඛ්‍ය අංශ ඇතුළු වෛරස පාලනයට කටයුතු කරන ඉදිරිපෙළ සාමාජිකයන්ටද තර්ජනයක් වී තිබෙනවා.

මේ අතර, කොළඹ ගොතටුව සිට අවුරුදු 30 ත් 60 ත් අතර අයට හෙට සිට රුසියානු ස්පුට්නික් කොවිඩ් -19 එන්නත එන්නත් කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top