Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
05
“දෙන්න හිතුවේ එකයි, ඒත්... හතරක්ම ලැබුණා..” - අංගොඩ උණ රෝහල ලද ඔක්සිජන් පින්කම, පින් සිත් පහළ වූ හැටි - Photos

- “දෙන්න හිතුවේ එකයි, ඒත්... හතරක්ම ලැබුණා..” - අංගොඩ උණ රෝහල ලද ඔක්සිජන් පින්කම, පින් සිත් පහළ වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37 Views
එකම උත්තරය සෑම තැනින්ම ලැබේ...
පිස්සුව දෙගුණ විය...!


ඔක්සිජන් මේ දවස්වල සමාජයේ බොහෝ කතාබහට ලක් වන මාතෘකාවක්.

ඇතැම් දේශපාලඥයින් ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වේ ඔක්සිජන් දෙන ගස් රැකගන්න වෙර දැරූ තෙක් රජයේ නිළධාරිනියක් අධෛර්යමත් කරන්නයි.

එහෙම කියලා, මාස දෙක තුනක් ගත වෙන්නටත් පෙර, ඔක්සිජන්වල වටිනාකම එහෙම කිව්ව අමනෝඥ දේශපාලඥයින් ඇතුළු හැමෝටම දැනෙන්න පටන් ගත්තේ කොරෝනා අවුරුදු පොකුර සුබ නැකතින් වැඩ අල්ලන්න පටන් ගැනීමත් සමඟයි.

එක, දෙක, තුන, හතර වී අද වන විට දහස් ගණනින් වාර්තා වන කොරෝනා රෝගීන් හමුවේ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ බරපතලම ගැටළුව වන්නේ, ඔක්සිජන්.

අපේ රටට මේ ගැටළුව තවමත් ඉන්දියාවට තරම් බරපතල ලෙස දැනී නැති වුණත්, එහෙම නොවේ යැයි කිව හැක්කේ කාටද ?

දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉල්ලක්කමෙන් ඉහළ යද්දී, ඔක්සිජන් වලට ඇති ඉල්ලුමත් දැඩි සත්කාර ඒකකත්, පිරී ඉතිරි යනවා.

මේ තත්ත්වය දකින පානදුරේ තරුණයෙක්, තමන්ට හැකි පමණින් අද වඩාත් උවමනා කර තිබෙන වෛද්‍ය අවශ්‍යතාවක් වන විශාල ප්‍රමාණයේ (ජම්බෝ) ඔක්සිජන් සිලින්ඩරයක්, අංගොඩ උණ රෝහලට පරිත්‍යාග කරන්නට හිතනවා.

එකක් පරිත්‍යාග කරන්න ගිය මේ තරුණයා වටා එක් වූ දුක හඳුනන තවත් පිරිසක් නිසා එය එකක්, දෙකක්, තුනක් නොවී හතරක් වූ හැටි ඔහුගේ මුහුණු පොතේ අපූරූවට සටහන් කර තිබුණා.

මේ ඉඩ ඒ සටහනටයි...

දුර්ලභ ඔක්සිජන් පිංකම සාර්ථකව නිමා කළා.
IDH රෝහලට ජම්බෝ ලීටර් 47 ඔක්සිජන් ටැංකි 4ක් සහ ඔක්සිජන් රෙගුයුලේටර් 2ක් පරිත්‍යාග කරන ලදී. මුලු වියදම රු.181,000/=යි. උපකාර කළ සැමට බොහෝ කුසල් අත්වේවා !සසර පුරා නිරෝගි වේවා ! ඉක්මනින් නිවන් අවබෝධ වේවා !!!
කතාව : ( ඊයේ ඔක්සිජන් ටැංකි 1ක් පරිත්‍යාග කිරීමට සිතා සමාගමකින් මිල ගනන් අසා fb post එකක් දමන ලදී. කුසල සිත් බලවත් වී පිංවත් මිතුරන් බෝහෝ දෙනෙක් ඉක්මනින් ආධාර කරන ලදී. මිතුරන් තුන් දෙනෙක් තනි තනිව ඔක්සිජන් ටැංකි එක බැගින් 3ක් භාර ගන්නා ලදී. ඒ නිසා අද උදේම ඔක්සිජන් ටැංකි 4ක්ම ගෙන ඒමට ලොරිය පිටත් කිරීමට පෙර කෝල් කල අවස්ථාවේ දී එම සමාගම රජයේ නිවේදනයක් මත ඔක්සිජන් නිකුත් කල නොහැකි බව දන්වන ලදී...දැඩි අපහසුතාවයකට පත්වූ අප පිස්සුවෙන් මෙන් ලංකාවේ සෑම ඔක්සිජන් සමාගමකින්ම විමසා බැලීය. එකම උත්තරය සෑම තැනින්ම ලැබේ...පිස්සුව දෙගුණ විය...ජාතික රෝහලේ අධ්‍යක්ෂක, ජනාධිපති ලේකම් කාර්‍යාලය, හිටපු ජනාධිපතිගේ කාර්යාලය මේ තැන්වලටද කෝල් කලෙමි. නමුත් පිංකම අවසන් වනතුරුම ඔවුන්ගෙන් යහපත් පිළිතුරු නැත. ඒත් උත්සාහය අත් නොහැර නැවත IDH රෝහලේ සැලසුම් ප්‍රධානී අමතා ඊමේල් පණිවිඩය ක් යවා එයට පිළිතුරු ඊමේල් එකක් ගෙන්වා ගෙන එම ඊමේල් එක සපුගස්කන්ද ඔක්සිජන් සමාගමකට යවා ඉතා අපහසුවෙන් ආයාචනා කොට පැය 6ක අකණ්ඩ මෙහෙයුමකින් පසු ඔක්සිජන් ටැංකි 4ක් ලබාගැනීමට ඔවුන් කැමති කරගන්නා ලදී...ඉන් පසු මිතුරෙක් එහි ලොරියකින් යවා එය ගන්නා ලදී. ඉන්පසු කොළඹින් රෙගුයුලේටර් සෙව්වෙමි. 2ක් දිය නොහැකි බවත් එකක් පමණක් දිය හැකි බවත් ඔවුන් පැවසීය. දිගින් දිගටම ඇවටිලි කොට බිල් දෙකකට දෙකක් කෙසේ හෝ මා විසින්ම ලබා ගතිමි. ඉන්පසු රාත්‍රියේ ම IDH රෝහලට ගොස් ඒ සියල්ල පරිත්‍යාග කරන ලදී. ඔක්සිජන් ලබා ගන්නා ලෙඩුන් කාමරවල සිටින ආකාරය අපි ඇස් දෙකෙන් දුටුවෙමු. බොහෝ පිං දීමෙන් හෙද සොයුරෙක් ඒවා භාරගන්නා ලදී...ගේම් ඕවර්. එද්දි ධාරානිපාත වර්ශාව රාත්‍රී 11.50යි.
මෙච්චර ලොකු වියදමක් දරලා පැය 24න් මේ වගේ බොහෝ දුශ්කරතා මැද මෙවැනි කාලීන දුර්ලභ පිංකමක් කිරීමට හැකිවූයේ පිංවත් මිතුරන්ගේ එකමුතුකම නිසාවෙනි. සැමට ඉතා ඉක්මන් භවයකදී නිවනම වේවා !!!තෙරුවන් සරණයි !! )
සියලු සත්ත්වයෝ සුවපත් වේවා !

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top