Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
බළධාරින්ටත් හිසරදයක් වූ ගුවනින් ආපු පරාල ඇණය - ගුවන්තොටුපළක දිවි ගෙවන අපූරූ මිනිසා, මෙහෙරාන් කරීම්ගේ ඇදහිය නොහැකි කතාව මෙන්න - Photos

- බළධාරින්ටත් හිසරදයක් වූ ගුවනින් ආපු පරාල ඇණය - ගුවන්තොටුපළක දිවි ගෙවන අපූරූ මිනිසා, මෙහෙරාන් කරීම්ගේ ඇදහිය නොහැකි කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,720 Views
කරීම්ගේ කතාව චිත්‍රපටයකට නැඟුණේ මෙහෙමයි....!

තවමත් අවසන් නැති කරීමේගේ
ගැටළුවට ලැබුනු තාවකාලික විසඳුම..?

1988 වසරේ එක්තරා උදෑසනක මෙහෙරාන් කරීම් නසේරි නම් ඉරාන ජාතිකයෙක් ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළට ගොඩබැස්සා.

ඔහුට උවමනා වුණේ ප්‍රංශය හරහා මහා බ්‍රිතාන්‍යයට යන්නයි. ඒත් නසේරිට ප්‍රංශ ආගමන නිලධාරියාට ඉදිරිපත් කරන්න ගමන් බලපත්‍රයක් තිබුණෙ නෑ.

ඒ නිසා ඔහුට ප්‍රංශයට ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. ඒත් නසේරිව ආපසු ඔහුගේ රටට පිටුවහල් කෙරුණේත් නැහැ. ඔහු ගුවන් තොටුපළේ තිබුණු ආසනයක වාඩි වුණා.

එදින රාත්‍රියේ එතැනම නිදාගත්තා, උදෙන්ම ඇහැරී මුහුණකට සෝදාගෙන ගුවන්තොටුපළ ඇතුළේ මැක්ඩොනල්ඩ් අවන්හලට ගියා. ඊ ළඟ දිනයත් ගත වුණේ එහෙමයි. දින සති බවට පත් වුණා. සතියෙන් සතිය මාසයෙන් මාසය කාලය ගෙවී ගියා. වසරක් දෙකක් නෙවෙයි වසර 18කට පසුවත් චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළට යන අයෙකුට ඔහුව දකින්න පුළුවන් වුණා.

නසේරිගේ මේ කතාව ඇසුරින් තමයි ස්ටීවන් ස්ෆීල්ඩ්බර්ගේ ලෝක ප්‍රසිද්ධ The Terminal නම් චිත්‍රපටය ගොඩ නැඟෙන්නේ.

ඉරානයේ ෂා රජුට එරෙහිව උද්ඝෝෂණය කළ බැවින් 1977 දී තමන්ව ඉරානයෙන් පිටුවහල් කළ බවත්, තමන්ට බෙල්ජියමේ සරණාගතභාවය ලැබී ඇති බවත් නසේරි ආගමන නිලධාරීන්ට පවසා සිටියා. එසේම යුරෝපයේ බොහෝ රටවල් තමන්ව භාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණත් තමන්ගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක බැවින් එක්සත් රාජධානියේ පදිංචි වීමට තමන් අදහස් කරන බවත් ඔහු පවසා සිටියා.

ලන්ඩනයට යද්දී තමන්ගේ ලියකියවිලි අඩංගු බෑගය කිසිවෙකු විසින් සොරකම් කළ බැවින් ගමන් බලපත්‍රය බ්‍රිතාන්‍ය ආගමන නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා තමන් ලන්ඩනයේ සිට ප්‍රංශයට ගුවන් යානයකින් පැමිණි බව නසේරි වැඩිදුරටත් ප්‍රකාශ කළා. කෙසේ නමුත් ඔහු පැවසූ කාරණා වල සත්‍ය අසත්‍යතාවය බොහෝ සෙයින් විවාදයට බඳුන්වුණා. එය අදටත් වලංගුයි.

ඉන් පසුව නසේරි ප්‍රංශ ආගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණා. නමුත් ගුවන් තොටුපළට ඔහු ඇතුළු වී ඇත්තේ නීත්‍යානුකූලව බැවින් ප්‍රංශ බලධාරීන්ට ඔහුව නිදහස් කිරීමට සිදුවුණා. ඊළඟට මතුවුණේ නසේරිව නැවත හරවා යවන්නේ (Deport) කෙසේද යන ගැටළුව. ඔහු ළඟ ගමන් බලපත්‍රයක් හෝ කිසිම අනන්‍යතා ලියවිල්ලක් තිබුණේ නැහැ. එතැන් සිට චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළ නසේරිගේ වාසස්ථානය බවට පත්වුණා.

නසේරිගේ මේ සරණාගත පළහිලව්ව පසුව ප්‍රංශ මානව හිමිකම් සංවිධාන විසින් අධිකරණයට රැගෙන ගියා. 1992 දී අධිකරණය විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළා.

නසේරි නීත්‍යානුකූලව ගුවන් තොටුපළට ඇතුළු වූ බැවින් ඔහුව පිටුවහල් කළ නොහැකි නමුත් ඔහුට ප්‍රංශයට ඇතුළු වීමට අවසර ලබාදිය නොහැකි බව අධිකරණය තීන්දු කළා.

කොහොම නමුත් 1995 දී කොන්දේසි සහිතව බෙල්ජියමට ඇතුළු වීමට නසේරිට එරට බලධාරින් අවසරය ලබාදුන්නා. නමුත් නසේරි මස් රාත්තලම ඉල්ලා සිටියා. බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ අවශ්‍යතාවය නිසාම බෙල්ජියමේ හොදහිත ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ පටලැවිල්ල අවසානයක් කර දැමිය යුතු නිසා පසුව ප්‍රංශයත් නසේරිට වීසා ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ඒ කිසිම ලියවිල්ලකට ඔහු අත්සන් තැබුවේ නැහැ. තමන්ව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස නොසළකා තවදුරටත් ඉරාන ජාතිකයෙකු ලෙස නම් කර තිබීම ඔහු පිළිගත්තේ නැහැ. එසේම ඔහු දිගින් දිගටම තමාව හදුන්වා දුන්නේ සර් ඇල්ෆ්‍රඩ් මෙහෙරාන් නම් බ්‍රිතාන්‍ය නාමයකින්.

නසේරි ගුවන් තොටුපළේ සිටි කාලය තුළ ඔහුට කෑමෙන් බීමෙන් හෝ සනීපාරක්ෂක පහසුකම් වලින් අඩුවක් තිබුණේ නැහැ. ගුවන් තොටුපළේ සේවකයන් මෙන්ම යන එන මඟීන් ඔහුගේ අඩුපාඩු සොයා බැලුවා.

ඔහුට ලැබෙන ලිපි වල ලිපිනය දැක්වුණේ Departure lounge Terminal 01, Charles de Gaulle International Airport-Paris යනුවෙන්. තමන්ගේ කතාන්දරය අසා දැන ගැනීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට සම්මුඛ සාකච්ඡා ලබා දීමටත් ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමටත් ඔහු බොහෝ සෙයින් කාලය මිඩංගු කළා.

The Terminal විත්‍රපටයට ලබාගත් නසේරිගේ කතාව වෙනුවෙන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 250,000ක මුදලක් ගෙවීමටත් අදාල චිත්‍රපට සමාගම කටයුතු කළා. ඒ මොනවා ලැබුණත් මේ දීර්ඝ කාලය මුළුල්ලේම නිදහස් වාතය හුස්ම ගැනීමටත් පොළොවේ පස් පෑගීමටත් නසේරිට නොහැකි වුණා.

කෙසේ නමුත් වර්ෂ 2006 දිනයක ඔහු හදිසියේම අසනීපවීම හේතුවෙන් වායුසමීකරණය කළ දීර්ඝකාලීන නවාතැන නසේරිට අහිමි වුණා. ප්‍රංශ බලධාරීන් ඔහුව රෝහල් ගතකළා. ඉන් වසරකට පසු රෝහලෙන් නික්මයෑමෙන් පසුව ඔහුව ගුවන් තොටුපළට අයත් හෝටලයක රඳවා තැබීමට රතුකුරුස සංවිධානය කටයුතු කළා.
අද වන විට නසේරි සිටින්නේ ප්‍රංශයේ පුන්‍යායතනයක් මගින් නඩත්තු කරන නිවස්නයකයි.
ජාත්‍යන්තර ගුවන් තොටුපළක මාර්ගස්ථ ප්‍රදේශය එහෙමත් නැත්නම් Transit area ලෙස හැඳින්වෙන්නේ එක් ගුවන් යානයකින් පැමිණ තවත් ගුවන් යානයක් බලාපොරොත්තුවෙන් සිටින මඟීන්ට රැඳී සිටීමට වෙන් කළ ස්ථානයට. ඒ කලාපය රටේ දේශසීමාවෙන් පිටස්තරව තිබෙන බවයි සාමාන්‍යයෙන් සැළකෙන්නේ. මාර්ගස්ථ මඟියෙක් යම් රටකට ඇතුළුවූවා යැයි සැළකෙන්නේ ආගමන නිලධාරියා විසින් ඒ පුද්ගලයාගේ ගමන් බලපත්‍රයට මුද්‍රාතබා එසේ පැමිණීමට අවසර දුන්නොත් පමණයි. ගුවන් තොටුපළෙන් පිටත පිහිටි Transit හෝටල් වල නවාතැන් ගැනීමට යන මගීන්ට එසේ අවසර හිමිවනවා. එසේම ආගමන නිලධාරීන් විසින් රටට ඇතුළු වීමට අවසර ලබා නොදුන් පුද්ගලයනුත් මේ මාර්ගස්ථ කලාපයේ රැඳී සිටිනවා. සාමාන්‍යයෙන් ගුවන් මඟියෙක් Transit area හි රැඳී සිටින්නේ හෝරා කිහිපයයි. සමහර විට ගුවන් යානා වල ප්‍රමාදයන් නිසා මේ කාලය දිනක් හො දෙකක් දක්වා දිග්ගැස්සෙන්ටත් හැකියි.

මෙහෙරාන් කරීම් නසේරි ලෝක ඉතිහාසයට එක්වන්නේ වැඩිම කාලයක් මාර්ගස්ථ මඟියෙක් ලෙස ගුවන් තොටුපළක් තුළ එකදිගට ගතකළ පුද්ගලයා විදියටයි. එසේම පසුගිය දශක හතරක කාලය මුළුල්ලේම ඔහු ජීවත් වුණේ රටක් අහිමි (Stateless) පුද්ගලයෙක් විදියට. තවමත් ඔහුගේ ගැටළුව අවසන් වී නැහැ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) වාර්තා වලට අනුව මේ වන විට ලෝකයේ රටක් අහිමි ජනතාව මිලියන 12ක් පමණ ජීවත්වෙනවා.

එවැනි තත්ත්වයකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Statelessness යනුවෙන්. සිංහල භාෂාවෙන් මීට අදේශිකත්වය කියන වචනය භාවිතා කළාට වරදක් නැතැයි සිතෙනවා. මෙහෙරාන් කරීම් නසේරිගේ කතාව අදේශිකත්වය යන සංකල්පය හැඳින්වීමට දැනට ලෝකයෙන් සොයාගත හැකි වඩාත්ම කැපීපෙනෙන උදාහරණය විදියටයි සැළකෙන්නේ.

අපේ වෘත්තිය පැත්තෙන් ගත්තොත් නම් යම් රටක ආගමන විගමන නිලධාරියකුට ලැබුණු ගලවාගන්න බැරිම පරාල ඇණය තමයි මෙහෙරාන් කරීම් නසේරි නොහොත් සර් ඇල්ෆ්‍රඩ් මෙහෙරාන් කියන්නේ.

Shanaka Madhushan Liyanagama
Please join with : ලෝකය එකම යායක්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top