Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
“අපට විවාහක යුවළක් වශයෙන් තවදුරටත් ඉදිරියට යන්න බැහැ !” - ලෝකය කැළඹූ බිල් ගේට්ස්, බිරිඳගෙන් වෙන්වීමට ඇත්තම හේතුව මොකද්ද ? ගේට්ස් කියපු පුදුම හිතෙන කතාව - Photos

- “අපට විවාහක යුවළක් වශයෙන් තවදුරටත් ඉදිරියට යන්න බැහැ !” - ලෝකය කැළඹූ බිල් ගේට්ස්, බිරිඳගෙන් වෙන්වීමට ඇත්තම හේතුව මොකද්ද ? ගේට්ස් කියපු පුදුම හිතෙන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,457 Views
“අප දෙදෙනාගේ එකතුවීම නිසා
ශක්තිමත් දරුවන් තිදෙනෙක් හමුවුණා....”

බිලියනපතියන්ගේ ලැයිස්තුවෙහි වෙනසක් සිදුවීමට නියමිතයි !!

ලෝකයේ බිලියනපතියන් අතර සිව්වැන්නට සිටින බිල් ගේට්ස් යුවළ දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

1994දී විවාපත් එම දෙපළ වසර 27කට පසු මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව ලෝක ව්‍යාපාරික ප්‍රජාව දක්වන්නේ අතිශය උත්සුකකාරී ස්වභාවයකි.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් මේ වන විට වයස පිළිවෙලින් අවුරුදු 65ක් සහ 56 ක් වන අතර දරුවන් තිදෙනෙකුගේ මව්පියන් වේ.

"After a great deal of thought and a lot of work on our relationship, we have made the decision to end our marriage" යනුවෙන් ට්වයිටර් සමාජ අඩවියේ ඔවුහු නිවේදනයක් කර ඇත.

2000 වසරේදී ගේට්ස් යුවළ විසින් ගොඩනැංවූ "බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම" විසින් මේ දක්වා ගෝලීය සෞඛ්‍ය නගා සිටුවීම, දරිද්‍රතාව මෙලොවින් තුරන් කිරීම සහ තවත් කාලීන අරමුණු උදෙසා වැය කර ඇති ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 53.8කි.

"අප දෙදෙනාගේ එකතුවීම නිසා ශක්තිමත් දරුවන් තිදෙනෙක් සහ බිඳහෙලිය නොහැකි පදනමක් ජනිත කරන්නට හැකි වූ අතර එමඟින් දිළිඳු ප්‍රජාවගේ සෞඛ්‍ය නගා සිටුවීමට හැකිව තිබේ. අපට විවාහක යුවළක් වශයෙන් තව දුරටත් ඉදිරියට යා නොහැකි නමුත් පදනම වෙනුවෙන් අපි දෙදෙනා ඉදිරියේදිත් එක්ව වැඩ කරන්නට අපේක්ෂා කරන්නෙමු."

"නිවේදනයේ සදහන් පරිදි විවාහ බැඳීම පමණක් මෙසේ බිඳීයන අතර ව්‍යාපාරික සම්බන්ධතාවලට කිසිඳු බලපෑමක් ඇති නොවේ. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම සතු වත්කම් බෙදීයාම මත බිලියනපතියන්ගේ ලැයිස්තුවෙහි වෙනසක් සිදුවීමට නියමිතය."

ෆෝබ්ස් සඟරාවට අනුව බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඇ.ඩො. බිලියන 130ක් වන අතර බිලියනපතියන්ගේ ලැයිස්තුවේ හතර වෙනි ස්ථානයේ පසුවේ. 1975 වසරේදී පෝල් ඇලන් සමඟ ආරම්භ කරන ලද මයික්‍රොසොෆ්ට් සමාගමේ අද වටිනාකම ඇ.ඩොලර් ට්‍රිලියනයද අභිබවා ගොස් තිබේ.

ඇ. ඩොලර් බිලියනයක් උපයමින් 1987 දී ලොව ලාබාලම බිලියනපතියා ලෙස (වයස අවුරුදු 31) බ්ලූම්බර්ග් දර්ශකයට ඇතුළත් වූ බිල් ගේට්ස්ට මෙලින්ඩාව මුණගැසී ඇත්තේ ඊට වසර කිහිපයකට පෙර සමාගමේ කළමණාකාරවරියක් ලෙස සම්මුඛ සාකච්ඡාවට පැමිණි අවස්ථාවේදීය.

වසර ගණනාවක් පැවති ප්‍රේම සම්බන්ධතාව 1994දී විවාහය දක්වා පැමිණ හවායි දූපතෙහි ලනායිහිදී මංගල උත්සවය පැවැත්විණි.

1995දී ලොව ධනවත්ම මිනිසා බවට පත් වූ බිල් ගේට්ස් 2017දී ජෙෆ් බෙසෝස් විසින් එම ස්ථානයට පත්වන තෙක්ම වසර 20කට වැඩි කාලයක් ලොව අංක එකේ ධනවතා ලෙස වැජඹුණි. ඉන් පසු එලන් මස්ක්, මාක් සකර්බර්ග් වැනි බිලියනපතියන් ද ඔහූව අභිබවා යන්නට විය.

බිල් ගේට්ස්ගේ වත්කම් අතර Berkshire, Waste Management, Caterpillar, Walmart, FedEx වැනි සමාගම්වල කොටස්, කැලිෆෝනියාවේ සුඛෝපභෝගි සුවිසල් මැදුර, වොෂින්ටන් වතුයාය, විශාල ගොවි ඉඩම් ප්‍රමාණයක්, පෞද්ගලික ගුවන්යානය හා ජෙට් යානය සහ අධි සුඛෝපභෝගි මෝටර්රථ එකතුවක්ද වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිම ගොවිබිම් ප්‍රමාණයක හිමිකරුවා වන්නේද බිල් ගේට්ස්ය.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය
|චතුර රුවන් වීරක්කොඩි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top