උසස් පෙළ විභාගයේ ගණිතය, කලා, වාණිජ සහ ජීව විද්‍යා යන අංශවල දිවයිනේ පළමු ස්ථාන මේ වන විට ප්‍රකාශයට පත්වී තිබෙනවා.
වාණිජ අංශයේ ප්‍රථමයා බවට පත්වූයේ ගාල්ල - සංඝමිත්තා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක සිසුවියයි.
එමෙන්ම, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ - රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහයි.
ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය චාවකච්චේරිය - හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්භවන් විසින් හිමි කරගෙන තිබෙනවා.
කලා අංශයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ දෙහිවල - ප්‍රෙස්බිටිරියන් බාලිකා විද්‍යාලයේ චමල්කා සෙව්මිනී ශිෂ්‍යාවයි.
එමෙන්ම ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමස්ථානය හිමිකරගෙන ඇත්තේ ද හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ සුසික සදසර ශිෂ්‍යයායි.