Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
04
"දින 10ට ආසාදිතයෝ 13,000ක්.. සැබෑ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හෙළි වෙන්නේ නෑ."

- "දින 10ට ආසාදිතයෝ 13,000ක්.. සැබෑ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හෙළි වෙන්නේ නෑ."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,031 Views
මෙරට කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කරනු ලැබුවද රසායනාගාර වාර්තා පරමාදවීම නිසා දෛනිකව පරකාශයට පත් කෙරෙනුයේ රටේ සිටින සැබෑ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්යාව නොවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.
 
පවතින පරමාදය හේතුවෙන් දෛනික ආසාදිතයන් ගණන ලෙස පරකාශයට පත්කරනු ලබන්නේ ඊට දින හතරකට හෝ තුනකට පෙර මෙරට පැවති තත්ත්වය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
 
පීසීආර් පරීක්ෂණ පරමාණය වැඩි කිරීමත් සමග ඇති වී තිබෙන තදබදය හේතුවෙන් මෙවන් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

බ්රිතාන්යයේ නව කොරෝනා වෛරස් පරභේදය මෙරටින් හදුනා ගැනීමත් සමග මේ වන විට ඇති වී තිබෙන දැඩි ව්යාප්තිය හමුවේ ගෙවී ගිය දින දහයක කාලය තුළ පමණක් මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන දහතුන් දහස ඉක්මවා ඇතැයි සෞඛ්ය අංශ පෙන්වා දෙයි.
 
එහිදී ඊයේ (03 වැනිදා) සිට ගෙවී ගිය අවසන් දින හතරක කාලය තුළ මෙරටින් 1500 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්යාවක් හඳුනාගෙන ඇති අතර ඉතිරි දින හයේම දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් මෙරටින් වාර්තා වී ඇත.
 
ඇති වී තිබෙන මෙම වසංගත තත්ත්වයත් සමග මේ වන විට මූලාශරය හදුනාගත නොහැකි වූ ආසාදිතයන් සමාජයෙන් වාර්තා වීම සිදු වෙමින් තිබෙන බවද මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේය.
 
එම තත්ත්වය තුළ දැනට සිදු කරන පීසීආර් පරීක්ෂණ පරමාණය ඉහළ දැමුවහොත් අනිවාර්යයෙන්ම විශාල ලෙස ආසාදිතයන් වාර්තා වීමක් සිදුවන බවද එම සංගමය පෙන්වා දෙන්නේය. හදුනා නොගත් ආසාදිතයන් රැසක් සමාජයේ ගැවසීම එම තත්ත්වයට හේතු වී ඇත.
 
මේ අතර මෙරට තුළ දැනට ඉන්දියාවේ ශීඝර ලෙස පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසයේ පැතිරීමක් තිබේදැයි සොයා බැලීම සදහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පරතිශක්ති විද්යා හා අනුක වෛද්ය අධ්යයනාංශය පියවර ගෙන තිබේ.
 
ඒ සඳහා අවශ්ය ජෛව සාම්පල මේ වන විටත් රටේ විවිධ පරදේශවලින් ලබාගෙන තිබෙන බව එහි පරධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සදහන් කරන්නීය.
 
පවතින වසංගත තත්ත්වයත් සමග මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතියෙන් කොරෝනා ආසාදිතයන් 280 ක් හදුනාගෙන ඇති අතර ඊයේ වන විට බන්ධනාගාර මූලස්ථානයටද වෛරසය ව්යාප්ත වී තිබිණි.
 
ඒ හේතුවෙන් බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහුගේ ආශ්රිතයෙකු වීම නිසා සෞඛ්ය අංශවල උපදෙස් මත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව එහි නිලධාරියෙක් සඳහන් කළේය.
 
මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ රට පුරා ඇති සියලූම සත්වෝද්යාන, සෆාරි උද්යාන සහ අලි අනාථාගාර අද (04 වැනිදා) සිට වසා දැමීමට තීරණය කළ බව සත්වෝද්යාන දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.
 
පවතින වසංගත තත්ත්වයත් සමඟ ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම හමුවේ ඊයේ (03 වැනිදා) පෙරවරුවේ සිට දිස්තිරක්ක පහකට අයත් තවත් ගරාම නිලධාරී අටක් හුදෙකලා කළ බව ජාතික කොරෝනා මර්දන කිරයාන්විත මධ්යස්ථානය නිවේදනය කළේය.
 
ඒ අනුව මේ වන විට රට පුරා විවිධ පරදේශවල පොලිස් බල පරදේශ හයක් සහ ගරාම නිලධාරී වසම් 74 ක් හුදෙකලා කර ඇති අතර ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම නිසා ඊයේ පස්වරුවේ සිට බගවන්තලාව සෞඛ්ය වෛද්ය නිලධාරී බලපරදේහයට අයත් නෝර්වුඞ් හොන්සි නගරය, ඉන්ජස්ටිර වතුයායේ බාත්පොඞ් කොටස සහ බීරඞ්, බිලින්කිබොනි, අපගාලි යන වතු කොටස් හුදෙකලා කිරීමට පරදේශයේ සෞඛ්ය බලධාරීහු කටයුතු කළහ.
 
මේ අතර අඛණ්ඩව හත්වැනි දිනටත් දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙමින් අලූත් අවුරුදු පොකුරෙන් තවත් ආසාදිතයන් 1046 දෙනකු හදුනා ගත් බව ජාතික කොරෝනා මර්දන ක්රියානවිත මධ්යස්ථානය ඊයේ පස්වරු 6.00 පමණ වන විට නිවේදනය කළේය.
 
එම ආසාදිතයන් පිරිසත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 112799 දක්වා ඉහළ ගියේය.
 
එසේම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව පරතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 967 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණු අතර ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලද සංඛ්යාවද 98209 දක්වා වැඩි විය.
 
වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 14870 ක පිරිසක් රෝහල්ගතව පරතිකාර ලබමින් සිටින බවද සෞඛ්ය අංශ සදහන් කළේය.
 
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ නවයක් වාර්තා වූ බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ පරවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා රාත්රී නිවේදනය කළ අතර එම නවයත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණනද 696 දක්වා වැඩි විය.
 
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top