Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
04
"මම ලව් කරන කෙල්ල එයත් යාළුයි කියලා මට සල්ලි දෙන්නම් අයින් වෙන්නලු. එහෙම කොහොමද සර් කරන්නේ.." - පෙම රැකගන්න ආයතනයේ ප්‍රධානියා ඝාතනය කළ හැටි නවරත්න පොලිසියේදී වමාරයි

- "මම ලව් කරන කෙල්ල එයත් යාළුයි කියලා මට සල්ලි දෙන්නම් අයින් වෙන්නලු. එහෙම කොහොමද සර් කරන්නේ.." - පෙම රැකගන්න ආයතනයේ ප්‍රධානියා ඝාතනය කළ හැටි නවරත්න පොලිසියේදී වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,370 Views
"මහත්තයාගේ බෙල්ල කපලා වැටුණට පස්සේ, මම ආයිත් බොස්ගේ බෙල්ල කැපුවා.."

"පිහිය මොට්ටයි. කැපුණේ නැහැ. ඒත් ෆුල් ට්‍රයි කරලා උගුරු දණ්ඩ කපලා මිනිය බාත්රූම් එකට දැම්මා.."

ඔෆිස් එකේ වැඩ වගයක් කරන්න තියනවා කියලා බොස් මාව තලංගම ගෙදරට ගෙන්න ගත්තා. එහෙම ගෙන්නලා කතා කර ඉන්න කොට එයා මට කිව්වා උඹ මේ ඔෆිස් එකේ ඉන්න ගැහැනු ළමයට ආදරය කරන ඒක නතර කරපන්. මම උඹට සල්ලි දෙන්නම් වෙන කෙල්ලෙක් හොයාගනින් කියලා. මොකද මමත් ඒකිට ආදරය කරනවා කියලා එයා කිව්වා.

කිහිප වතාවක්ම ඔෆීස් එකේ කෙල්ලත් එක්ක තියන සම්බන්ධය නතර කරපන් කියලා කියන කොට මටත් මලපැන්නා. මමයි ඔය ඔෆීස් එකට ඒ ගැහැනු ළමයා ගෙනාවේ. බොස්ට කතා කරලා තමයි කෙල්ලව ඔතන වැඩට දැම්මේ. මම ඒ වෙන කොට අවුරුදු හතරක් විතර ඒ කෙල්ලට ආදරය කරනවා. බොස්ගෙන් එයාට කරදරයි කියලත් එයා මට කිව්වා.

බොස් ඔහොම සැරෙන් සැරේ පවසද්දී මට බොස් එක්ක තරහ ගිහින් ආරවුලක පැටළුණා. ඒත් එක්කම එයා පිහියක් අරන් මට අනින්න ආවා. මම පයින් එකක් ගැහැව්වා. බොස් බිම ඇදගෙන වැටුණා. පස්සේ බොස් ගෙනාපු පිහිය අරගෙනම මම බොස්ගේ බෙල්ල කැපුවා.

තලංගම ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයකුගේ ගෙල කපා මරා ඔහුගේ සිරුරු එම ව්‍යාපාරිකයාට අයත් මොටෝ රියෙන් මාතලේ රත්වත්තේ ප්‍රදේශයේ වතුයායක පෙට්රල් දමා පුලුස්සා දින ගණනාවක් පොලිසියට කට්ටි පනිමින් සිටි නවරත්න නම් වූ සැකකරු පෙරේදා මාතලේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු නිලධාරීන් ඉදිරියේ මෙසේ ප්‍රකාශ කර සිටියේය.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා හා කුලුනු ඔස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මරා දැමුණු ව්‍යාපාරිකයාට අයත් ඇපල් වර්ගයේ ඉතා වටිනා ජංගම දුරකථනයද මොහු සතුව තිබී සොයාගැනීමට නිලධාරීන්ට හැකිවිය.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඝාතනයට ලක්වන්නේ තලංගම ප්‍රදේශයේ කුලී නිවෙසක රැඳී සිටියදීය. මියගිය අය 46 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ යන අය බව හඳුනාගෙන ඇත.
ඉකුත් දිනක මාතලේ රත්තොට ප්‍රදේශයේ වැවිලි සමාගමකට අයත් ඉඩමක තිබී පුද්ගලයකුගේ යැයි සැක කරන පිලිස්සී ගිය හිසක හා පා කොටස් රත්තොට පොලිසිය සොයා ගන්නා ලදී.

එහෙත් එම පුද්ගලයා හඳුනාගත නොහැකි වීම නිසා මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මේ පිළිබඳ විමර්ශන සඳහා රත්තොට පොලිසියට අමතරව මාතලේ පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් යොදවන්නට විය. පසුව මෙම පොලිස් ඒකකවල නිලධාරීන් මාතලේ සොකෝ, ඇඟිලි ලකුණු, නිල සුනඛ, රස පරීක්ෂක ආදිය කැඳවුවද මරා පුලුස්සා දමා ඇති පුද්ගලයා අනාවරණය කර ගැනීමට කිසිදු ඒකකයකට නොහැකි විය.

පසුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සුගත් බණ්ඩාර ප්‍රමුඛ නිලධාරීන් කරන ලද විමර්ශනයේදී පුලුස්සා දමා තිබූ පුද්ගල සිරුරේ කොටස්වලට අෑතින් නොපිලිස්සී ගිය ලිපිගොනුවක් තිබී සොයාගෙන එහි තිබූ ලිපිනයක හා දුරකථන අංක ඔස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මරා පුලුස්සා ඇත්තේ තලංගම පොලිස් වසමේ දඹුගහවත්ත පළමු පටුමඟේ නිවෙසක කුලී පදනම මත පදිංචිව සිටින ජලනළ එළීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයකු බව අනාවරණය කර ගන්නා ලදී.

පසුව එම නිවෙස සොයාගිය මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට එම නිවෙස සෝදිසියට ලක් කිරීමේදී ලේ පැල්ලම් හා සෝදන ලද ආකාරය අනාවරණය වීමත් සමඟ තහවුරු කරගත්තේ අදාළ ව්‍යාපාරිකයා පහරදී මරා ඔහුගේ සිරුර මාතලේ රත්වත්තේ වතු යායට ගෙන ගොස් පුලුස්සා දැමීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බවය. පසුව මේ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් තොරතුරු හෙළි කිරීමත් සමඟ ලක්මාල් නමැති එක්තරා අයකු තලංගම පොලිසියට භාර වී අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කරන ලදී. ඔහු යුද හමුදාවේ කලක් සේවය කර නීත්‍යනුකූලව ඉන් ඉවත් වූ අයෙකි.

පසුව ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු නිලධාරීන් හමුවේ පැවැසුවේ ඔහු සමඟ එකට යුද හමුදා සේවයෙන් ඉවත් වූ නවරත්න නමැති තම මිතුරා සමඟ එක්ව ව්‍යාපාරිකයා ඝාතනය කළ බවය.

එයා මුදල් ප්‍රශ්නයකට බොස් එක් රණ්ඩු වෙනවා මට ඇහුණා. ඒත් එක්කම බොස් කෑ ගහනවා මට ඇහුණා. මම කාමරයට යනකොට බොස් ලේ පෙරාගෙන බිම වැටිලා හිටියා. නවරත්න මට කිව්වා අල්ලපන් මුගේ කකුල් දෙක කියලා. මම කකුල් දෙකෙන් අල්ලගත්තා. නවරත්න දෙවැනි පාරටත් බොස්ගේ බෙල්ල කැපුවා.

ඔහුගේ මෙම ප්‍රකාශය අනුව ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු නවරත්න බවට තහවුරු කරගත් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහු සොයා මෙහෙයුම් පැවැත්වුවද අවසානයේ දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් සැකකරු අත්අඩංගුවට ගැනීමට මාතලේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී. එම්. තිලකවර්ධන මහතා ඇතුළු කණ්ඩායමට හැකිවිණි.

එහිදී ප්‍රධාන සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේද පවසා සිටියේය.

‘මම ලව් කරන කෙල්ල එයාත් යාළුයි කියලා මට සල්ලි දෙන්නම් අයින් වෙන්නලු. එහෙම කොහොමද සර් කරන්නේ. මට බැහැ කිව්වම බොස් මට කිව්වා එයා පොලිසියේ ඕනම කෙනෙක් හඳුනනවා. අන්ඩර්වර්ල්ඩ් එකේ එවුනුත් දන්නවා. මට උඹව මිසින් කරන්නත් පුළුවන් ඕනනම්. ඒ නිසා මම හොඳටයි කියන්නේ. උඹ ඒ කෙල්ලගෙන් අයින් වෙයන්. නැත්නම් උඹව මම....

එතකොට තමයි සර්. මට කේන්ති ගියේ. මහත්තයාගේ බෙල්ල කපලා වැටුණාට පස්සේ ලක්මාල් කකුල් දෙකෙන් අල්ලනකොට මම ආයිත් බොස්ගේ බෙල්ල කැපුවා. පිහිය මොට්ටයි. කැපුණේ නැහැ. ඒත් ෆුල් ට්‍රයි කරලා උගුරු දණ්ඩ කපලා මිනිය බාත්රූම් එකට දාලා බොස්ගේ වාහනයෙන් කුරුණෑගලට ගිහින් ආයේත් තලංගම ඇවිත් එදාම බොස්ගේ බොඩිය කාර් එකේ ඩිකියේ දාගෙන ගිහින් මඟදි රුපියල් 1,500ක පෙට්රල් අරන් ගිහින් රත්වත්තේ වත්තට ගිහින් තමයි පුච්චලා දැම්මේ.

ඊට කලින් බොස්ගෙ පර්ස් එකේ රුපියල් හයදාහක් තිබිලා අපි දෙන්නා බෙදාගත්තා සර්!

මේ වන විට සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකාර යුද හමුදා හිටපු සෙබළ ලක්මාල් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු වන නවරත්නද මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර රත්වත්තේ ප්‍රදේශයේ වතු යායට දමා පුලුස්සා දැමීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය අනුරාධපුර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සිය භාරයට ගෙන තිබිණි.

කීර්ති මෙන්ඩිස්
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top