Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
03
"තත්ත්වය භයානකයි.. ආසාදිතයන් වැඩිවීම නිසා තදබදයක්. ඉදිරි සති දෙක තුන තුල ඉන්දියාවේ පවතින බිහිසුණු තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්විය හැකියි." - වෛද්‍ය පද්මා ගුණරත්න

- "තත්ත්වය භයානකයි.. ආසාදිතයන් වැඩිවීම නිසා තදබදයක්. ඉදිරි සති දෙක තුන තුල ඉන්දියාවේ පවතින බිහිසුණු තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්විය හැකියි." - වෛද්‍ය පද්මා ගුණරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,235 Views
ජාතියක් ලෙස අප පවතින ජීවන රටාවකට අනුගත වී එක් පිළිවෙතකට පැමිණ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට එක් නොවුණහොත් අනිවාර්යයෙන්ම ඉදිරි සති දෙක තුන තුළ ඉන්දියාවේ පවතින බිහිසුණු තත්ත්වයට ශ්රී ලංකාවද පත්වනු ඇතැයි ශ්රී ලංකා වෛද්ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.
 
එවැන්නක් සිදුවුවහොත් මුළු රටටම ඉතා අභාග්යසම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදුවන බව සදහන් කළ ඇය, ඉතා භායානක තත්ත්වයක් රට ඉදිරියේ පවතින බැවින් ඉන් ගැලවෙන්නට නම් සියලූ රට වැසියන් සෞඛ්ය උපදෙස් අනුව කටයුතු කිරීමට එකාවන්ව පෙළ ගැසිය යුතුව ඇතැයිද අවධාරණය කළාය.
 
රට තුළ පවතින වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සදහා ඊයේ (02දා) කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.


මේ වන විට පවතින වසංගත තත්ත්වය හමුවේ කොරෝනා ප
රතිකාර සදහා වෙන්කළ රෝහල් මෙන්ම අනෙකුත් රෝහල්වලද ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් තදබදයක් ඇතිවී තිබෙන බව සෞඛ්ය ආරංචි මාර්ග අනාවරණය කළේය.
 
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අලූත් අවුරුදු පොකුරත් සමග එක්වරම රෝගීන් වාර්තාවීමේ ඉහළ යෑමක් සිදුවූ අතර එසේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා අතරමැදි පරතිකාර මධ්යස්ථානවලට ඇතුළත් නොකර රෝහල්ගත කිරීමට සිදුවීම නිසා එවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
 
සාමාන්යයෙන් කොරෝනා ආසාදිතයකු රෝහල්ගත කිරීමෙන් පසු සුවය ලබා පිටව යෑමට දින දහයක පමණ කාලයක් ගත වන අතර අලූත් අවුරුදු පොකුරෙන් විශාල ලෙස රෝගීන් වාර්තා වීම සිදු වුවද රෝහල්ගත වන රෝගීන් පිටව යෑමක් සිදු නොවීම මෙම තත්ත්වයට හේතුවක් වූ බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
 
අලූත් අවුරුදු පොකුරේ ආසාදිතයන් සුවය ලබා රෝහල්වලින් පිටව යෑම පෙරේදා (01 වැනිදා) සිට ආරම්භ වූ අතර යුද හමුදාව මගින් නිරෝධායන මධ්යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ස්ථාන කිහිපයක් දැනටමත් අතරමැදි පරතිකාර මධ්යස්ථාන ලෙස භාවිත කිරීමට ලැබී ඇති බැවින් ඉක්මනින්ම මෙම තත්ත්වය මගහැරී යනු ඇතැයිද විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේය.
 
අලුත් අවුරුදු පොකුර මතුවීම හේතුවෙන් මේ වන විට පවත්වාගෙන යන අතරමැදි පරතිකාර මධ්යස්ථානවල දසදහසකට අධික විශාල ආසාදිතයන් පිරිසක් පරතිකාර ලබමින් සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය.
 
මෙම තත්ත්වය සම්බන්ධයෙන් රාජ්ය ඇමැති සුදර්ශනී පරනාන්දුපුල්ලේ මහත්මියගෙන් කළ විමසීමකදී මතුවී තිබෙන තත්ත්වය මගහරවා ගැනීම සඳහා පරාදේශීය සහ පළාත් මට්ටමේ රෝහල්වල කොරෝනා ආසාදිතයන්ට පරතිකාර කිරීමේ පහසුකම් වැඩි කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව ඇය පැවසුවාය.
 
ඒ සම්බන්ධයෙන් පළාත් සහ පරදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂවරුන් පැහැදිලිව උපදෙස් ලබා දී තිබෙන අතර, අතරමැදි රෝහල් කිහිපයක් ඉදිකිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන බවද රාජ්ය ඇමැතිවරිය සඳහන් කළාය.
 
ඒ අනුව රෝගීන් සුළු වශයෙන් ඇතුළත් වන රෝහල් කොරෝනා ආසාදිතයන්ට පරතිකාර කරන ස්ථාන ලෙස පවත්වාගෙන යෑමටත් සියලුම රෝහල්වල කොරෝනා ආසාදිතයන්ට පරතිකාර කිරීමේ ධාරිතාව වැඩි කිරීමටත් පියවර ගත් බවද ඇය පෙන්වා දුන්නාය.
 
පවතින නිරෝධායන මධ්යස්ථාන මේ සඳහා යොදා ගැනීමට අදහස් කළද මේ වන විට ඒවායෙහි විදේශයන්හි සිට මෙරටට ගෙන්වන ලද පුද්ගලයන් දොළොස් දහසක් පමණ නිරෝධායනයට ලක් කර සිටින බවත් ඔවුන් පිටත් කර යැවීමෙන් පසු එම ස්ථානද පරතිකාර මධ්යස්ථාන ලෙස යොදා ගන්නා බවත් ඇය සඳහන් කළාය.
 
ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විදේශගත පුද්ගලයන් නැවත ගෙන්වීම මාසයකින් පමණ කල් දමන ලෙස යෝජනා කර ඇතැයිද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
 
මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙරට ආයුර්වේද රෝහල් තුළ කොරෝනා ආසාදිතයන්ට පරතිකාර කිරීමේ වැඩපිළිවෙළක්ද ඊයේ සිට ආරම්භ කර ඇත.
 
රාජගිරිය, නාවින්න ඇතුළුව රට පුරා ඇති ආයුර්වේද රෝහල් මේ සඳහා යොදාගනු ලබන අතර එහිදී කොරෝනා ආසාදිතයන්ට ආයුර්වේද පරතිකාර ලබාදීමට නියමිතය.
 
ඇති වී තිබෙන තත්ත්වය පිළිබද කරුණු දක්වමින් ඊයේ පැවති මාධ්ය හමුවකට සහභාගි වූ වසංගත රෝග විද්යා ඒකකයේ පරධානී විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මේ වන විට රටේ තරුණ පරජාවද ඇතුළුව විශාල ලෙස රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවකි.
 
එහිදී වාර්තා වන රෝගීන් අතරින් සැලකිය යුතු පිරිසකට ශ්වසන ආධාර මෙන්ම දැඩි සත්කාර ඒකකවල පරතිකාර කිරීමට පවා සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පෙරේදා (01දා) දිනය තුළ සිදු කළ පී. සී. ආර්. පරීක්ෂණ 23,631 අතරින් සියයට 28 ක පමණ කොරෝනා ආසාදිතයන් වාර්තා වීමක් සිදුවූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
 
මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ ඇතිවූ ඉහළ කොරෝනා ව්යාප්තිය පිළිබඳව සලකා බලා ඊයේ (02 වැනිදා) පෙරවරුවේ සිට පිළියන්දල පොලිස් වසම සහ පානදුර පොලිස් බල පරදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය, මාලමුල්ල නැගෙනහිර යන ගරාම නිලධාරී වසම් හුදකලා කළ බව ජාතික කොරෝනා මර්දන ක්රියාන්විත මධ්යස්ථානය නිවේදනය කළේය.
 
ඊට අමතරව ත්රිකුණාමලය පොලිස් වසමේ ඔර්ස්හිල් සහ අන්පුවාලිපුරම් ගරාම නිලධාරී වසම් සහ නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ පොලිස් වසමට අයත් නිල්දණ්ඩාහින්න ගරාම නිලධාරි වසම හුදෙකලා කරනු ලැබීය.
 
මෙසේ හුදකලා කරනු ලබන පරදේශවලට ඇතුළු වීම හෝ ඒවායින් පිටතට ඒම සිදු නොකරන ලෙස ජාතික කොරෝනා මර්දන ක්රියාන්විත මධ්යස්ථානයේ පරධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මාධ්යයට අදහස් දක්වමන් ඊයේ සදහන් කළේය.
 
පවතින වසංගත තත්ත්වයත් සමග අඛණ්ඩව හයවැනි දිනටත් දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙමින් ඊයේ පස්වරු 5.30 වන විට අලූත් අවුරුදු පොකුරෙන් තවත් ආසාදිතයන් 1228 දෙනකු හඳුනා ගත් බව ජාතික කොරෝනා මර්දන ක්රියාන්විත මධ්යස්ථානය සඳහන් කළේය.
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණනද එක්ලක්ෂ එකොළොස් දහස පසුකර යමින් 111089 ලෙස සටහන් විය. කොරෝනා වෛරසය ආසාදිතව පරතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 764 දෙනකු ඊයේ දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්ය අංශ සදහන් කළ අතර ඒ අනුව කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලද සංඛ්යාවද 97242 දක්වා ඉහළ ගියේය.
 
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ විස්සක් (20 ක්) ඉකුත් 30 සහ 01 වැනිදා යන දින දෙක තුළ සිදුව ඇති අතර එම මරණ ගණනත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්යාවද 687 දක්වා වැඩිවිය.
 
කොරෝනා ආසාදිතව සිදුවන මරණ සහ අනෙකු දත්තයන් ලබාදීමේදී රටේ ජනතාවට මෙන්ම තමන්ටද පිළිගත නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබෙන බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
 
එම තත්ත්වය වළක්වා ගනිමින් නිවැරදි දත්ත ජනතාවට ලබාදීමට බලධාරීන් කටයුතු කිරීම ඉතා වැදගත් බවද එම සංගමය පෙන්වා දුන්නේය.
 
මේ අතර සිය ආරක්ෂක නිලධාරියකුට සහ එහි රියැදුරන් කිහිප දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් තමන් ස්වයං නිරෝධායනයට යොමුවූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඊයේ සඳහන් කර තිබිණි.
 
ඉකුත් සිකුරාදා ඇමැතිවරයා සමීපයේ රාජකාරි කළ එම පිරිස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ අනුව තමන් මුහුණ දුන් පළමු පී. සී. ආර්. පරීක්ෂණයේ පරතිඵල අනුව මෙතෙක් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසා ඇත.
 
දෙවන පී. සී. ආර්. පරීක්ෂණයකට මුහුණ දී එහි පරතිඵල ලැබෙන තුරු සෞඛ්ය අංශවල උපදෙස් මත තමන් නිරෝධායනයට ලක්වී සිටින බවද වැඩිදුරටත් පවසා ඇති ඇමැතිවරයා ඉකුත් 27 වැනිදායින් පසුව තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ තමන් හමුවූයේ නම් නිරෝධායනයට ලක්වන ලෙසද ඉල්ලීමක් කර ඇත.
 
මේ අතර ශරී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්යාව වැඩි වීමත් සමඟ සෞඛ්ය අමාත්යාංශය විසින් අලුතින් මාර්ගෝපදේශ නිකුත් කර ඇත. නව කොවිඞ් මර්දන මාර්ගෝපදේශ මාලාව පසුගිය 01 වැනිදා සිට කරියාත්මක වේ.
 
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පරකාශිත සෝදිසි අවධි - 3 මාර්ගෝපදේශ අනුව පහත සඳහන් නියමයන් බලපැවැත්වෙන බව කොවිඞ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කරියාන්විත මධ්යස්ථානය නිවේදනය කළේය.
 
සමුළු, සම්මන්තරණ, රැස්වීම්, සන්නාම දිවා හෝජන 2021.05.21 දක්වා තහනම්ය. ඉන් පසුව පවතින කොරෝනා තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කරනු ලැබේ.
 
සුපිරි වෙළෙඳසල්, මහාපරිමාණ අලෙවිහල්, මූල්ය ආයතන, රෙදිපිළි වෙළෙඳසල්, සිල්ලර වෙළෙඳසල් කරියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25%ක සීමාවකට යටත්වය.
 
සංවෘත ස්ථාන සහ විවෘත ස්ථානවල පවත්වන සාද අංග සහ මහජන එක්රැස්වීම් සඳහා අවසර නැත.
 
ආගමික ස්ථානවල ජනතාව එක්රැස්වීම නොකළ යුතුය. සිනමා ශාලා සහ රංග ශාලා, ළමා උද්යාන, පිහිනුම් තටාක, (පබ්, බාර්, කැසිනෝ), රාතරී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන සහ සම්භාහන සේවා ස්ථාන වසා තැබේ.
 
හෝටල්, තානායම් සහ ආගන්තුක නිවාස ආදියෙහි රඳවා තබා ගත හැකි සංඛ්යාව මුළු ධාරිතාවෙන් 50% ක් වන අතර රාතරී 10.00 පසුව කරියාත්මක නොවිය යුතුය. කානිවල්, සංගීත සංදර්ශන, වෙරළතීර සාද සහ උත්සව සඳහා අවසර නැත.
 
විවෘත වෙළෙඳසල්, පොළ සහ බේකරි වෙළෙඳසල් කරියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවයෙන් 25%කට යටත්වය.
 
උසාවි - මුළු ධාරිතාවයෙන් 25% දක්වා ජනතාවට පැමිණීමට අවසර ඇත. බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර නැත.
 
පාසල්, පෙර පාසල්, විශ්වවිද්යාල සහ උසස් අධ්යාපන ආයතන, ආධාරක පංති නැවත දැනුම්දෙන තුරු වසා තැබේ. 2021 මැයි 04 දින සිට මැයි 20 දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබේ.
 
සෞඛ්ය අමාත්යංශය විසින් නිකුත් කෙරුණු නව රෙගුලාසි අනුව පහත සඳහන් සීමාවන්ද පනවා ඇත.
 
පොදු පරවාහන සේවා භාවිතයේදී දුම්රිය සහ බස් රථවල මගීන් ගමන් කළ හැක්කේ එහි ආසන ගණනට පමණි.
 
එමෙන්ම කුලී රථ භාවිතයේදී තරිරෝද රථ සහ මෝටර් රථවල එකවර ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනකුට පමණි.
 
වෙනත් මාදිලියේ කුලී රථවල එහි ආසන සංඛ්යාවට පමණක් මගීන් රැගෙන යා හැකි වේ.
 
අපනයනය මූලික කරගත් ඇඟලූම් කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමේදී ජෛව විද්යාත්මක ආරක්ෂිත බුබුලක් තුළ එහි කටයුතු පවත්වාගෙන යා යුතුය. එමෙන්ම පරදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවත්වාගෙන යා යුතුය. දිවා සුරැකුම් මධ්යස්ථාන ද විවෘත වන්නේ නැත.
 
කොවිඩ් - 19 ආසාදිත මරණ හැර සෙසු අවමංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා එක් අවස්ථාවකදී සහභාගි විය හැකි පිරිස 25 දෙනකුට සීමා වේ. දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකළ යුතුය. මහජන ඒකරාශිවීම් සඳහා අවසර හිමි නොවන අතර එළිමහන් හෝ ගෘහස්ථ උත්සවද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැත.
 
එමෙන්ම ආගමික ස්ථානවලද පුද්ගල ඒකරාශි වීම් හෝ එක්රැස්වී සිදුකරන කරියාකාරකම් තහනම් කර තිබේ.
 
සිනමා ශාලා, ළමා උද්යාන, පිහිනුම් තටාක සහ සැණකෙළි තිබෙන ස්ථාන වසා තැබේ.
 
ආපනශාලාවල සේවා සැපයීම් පවත්වාගෙන යා හැකි අතර එකවර ආහාර ගත හැක්කේ එහි ආසන පහසුකම්වලින් 25%කට පමණි.
 
මත්පැන් අලෙවිසල් නියමිත කාල සීමාවන් අතර පමණක් විවෘතව පවතින අතර තැබෑරුම්, රාතරී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ මධ්යස්ථාන සහ සම්භාහන මධ්යස්ථාන වසා තැබිය යුතුය.
 
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top