Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
03
"එහෙම කියලා බස් හෝල්ට් එකෙන් මාව වාඩි කළා. වතුර ටිකකුත් බොන්න කීවා..." - බස් නැවතුම්පොළේ දමා ගිය මව් සෙනෙහස

- "එහෙම කියලා බස් හෝල්ට් එකෙන් මාව වාඩි කළා. වතුර ටිකකුත් බොන්න කීවා..." - බස් නැවතුම්පොළේ දමා ගිය මව් සෙනෙහසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,192 Views
"පුතා එක පාරටම ස්ටාර්ට් කරන් යන්න ගියා.

"මාව එක්කගෙන ගියේ ඇස්වලට බෙහෙත් කරන්න කියලා.."

“මහත්තයෝ මේ වැඩිහිටි නිවාසවලට දාන දෙන්න එන අය ඉන්නවානේ, ඒ අය එද්දි 15-20 ක් විතර පිරිසක් එනවා. එහෙම එන සමහර ඈයෝ අර අම්මලා වටේ කැරකි කැරකි හිස අත ගගා අතපය අල්ල අල්ලා අහන්නේම එයාට වෙච්ච වින්නැහිය ගැන. දරුවො නොසලකපු කතාව. ඒ අම්මා අද කියන මේ කතාව හෙට දානය අරන් එන අයටත් කියන්න ඕනි. පසුවදා දානය ගේන අයටත් කියන්න ඕනෑ. දානය ගේන බහුතරයක් අය කරන්නේ මේ අම්මලාගේ ශෝකාන්තය අසමින් ඒ අයගේ හිත් තව තවත් පාරන එක.

අපට මේ කතාව කීවේ හොරණ ‘අරුණ සතුට’ වැඩිහිටි නිවාසයේ ප්‍රධාන පාලක කේ.ඩී. රංජිත් කුමාර මහතාය.
 
දවසක් හරි අපූරු දෙයක් දරුවෙක් මට කීවා.

මේ වැඩිහිටි නිවාසයේ ඉන්න එක අම්මා කෙනෙකුට විශේෂ කිරි පිටි වර්ගයක් වෛද්‍යවරු නියම කළා. මේ අම්මාට හොඳ රැකියා කරන දරුවො හිටියා. ඒ අය තමයි මේ අම්මාව වැඩිහිටි නිවාසයට ගෙනැත් ඇරලුවේ. මම දුරකතන ඇමතුමක් අරන් අම්මාට නියම කළ ශක්තිජනක කිරි පිටි වර්ගය ගැන කියලා එයින් ටින් එකක් අම්මාට ගෙනැත් දෙන්නට හැකිදැ”යි ඇසුවා.

අනික්පස දුරකතනය සිටි දරුවා මගෙන් අහනවා.

“මහත්තයා.. අම්මාට කිරි පිටි අරන් දෙන්න ඕන නෑ. ඉස්සරත් දොස්තරල එහෙම කිව්වා. ඒත් අපි කළේ නෑ. තියෙන දෙයක් කන්න දෙන්න. ඒ ඇති. අනික මැරුණු ගස්වලට පණ දෙන්න බෑනෙ. ඒ වගේ තමයි වයසට ගියාමත් ඔය පිටි ජාති දුන්නා කියලා වැඩක් නෑ.”

‘එවැනි දේ ද මේ මිහිපිට දරුවන් අතින් සිදුවෙනවා.’ පාලක මහතා අපට කීවේ ය. ‘අරුණ සතුට’ වැඩිහිටි නිවාසයේ එංගො නෝනා අම්මාගේ කතාව අද කියවමු.

එංගො නෝනා අම්මාට වයස අවුරුදු 90 කට ආසන්නව ඇත. ඇය පදිංචිව සිටියේ පිළියන්දලට නුදුරු ගම් ප්‍රදේශයකය. වැඩිහිටි නිවාසයේ ඇඳක වැතිරී සිටින එංගෝ නෝනා අම්මා ඔත්පලය. ඇයට ඇවිදීමට අපහසුය. බොහෝ විට එංගෝ අම්මාගේ වැඩ ටික කරගන්න නිවාසයේ කවුරුන් හෝ උදවු කරති.

“අම්මා ඔත්පල වුණේ මක් වෙලාද ?” මම විමසීමි.

එහෙම අසන විට එංගො නෝනා අම්මා මොහොතක් මා දෙස බලා උන්නාය.

“මටත් හිටියනෙ පුතා වගේ පුතෙක්..” ඇය ඇසිපිය නොහෙළා මා දෙස බලා සිටින්නීය.

මම යළිත් ඇගෙන් පෙර ප්‍රශ්නයම විමසීමි. “ඔත්පල වුණු එක දිග කතාවක්.” ඇය කීවාය.

“මටත් හිටියා පුතාල තුන් දෙනෙක්. දෙන්නෙක් බිස්නස් කළේ, ලොකු පුතාල දෙන්නා. බාල පුතා පුද්ගලික අංශයේ රැකියාවක් කළා. ලොකු පුතාලා දෙන්නට සුපිරි මට්ටමේ වාහන තිබුණා. හොඳ ගෙවල් හදා ගත්තා. ඒ අය හිටියේ නෝනලා-දරුවො එක්ක වෙනම ලෝකයක.

විවේකයක් ලැබුණම යාළුවන්ට ගෙදරට එන්න කියලා පාටි දානවා. හබරණ, නුවරඑළි පැතිවල ගිහින් උපරිම සතුටු වෙලා එනවා. එයාලට ඒ අලුත් ජීවන රටාව පුරුදු වුණා මිස සිරිත්-විරිත් ගැන අවබෝධයක් දැනීමක් තිබුණේ නෑ. ඒ අයගේ හිත්වල තිබුණේ එදා දවසේ සතුට. ඒකට බාධා වන කිසිම කෙනෙකුට ඒ ගෙවල්වල රැඳෙන්න බැරි වුණා. දවසක් ලොකු පුතාගෙ ගෙදර රැයක් නතර වෙලා විටක් කාලා මිදුලට කෙළ ටිකක් ගැහුවා කියලා ලේලි මට නොගහපු ටික විතරයි. මං එදා ඒ ගෙදරින් ආපුවාම ආයෙ එහෙට ගියේ නෑ.

මම ආවෙ බාල පුතා ළඟට. එයා වැඩ කරල ගෙදර එන්නෙ රෑට. ලේලි හිටියා. පුංචි මුණුපුරෝ දෙන්නෙකුත් හිටියා. ඒ ලේලිට මම උයන්න පිහන්න උදවු කළා. දරුවො පුංචි නිසා. ඒ අය බලන්න උදවු කළා. හරියට බැල මෙහෙවරකාරිය වගේ තමයි හිටියෙ. හැබැයි පුතානෙ, එයාගෙ ගෙදරනෙ, කන්න ටික දෙනවනෙ, බේත් ටික කරනවනේ කියලා හිතහදාගෙන උන්නා.”

එංගො නෝනා අම්මා කියන්නීය.

“බාල පුතා ඔය ගේ හදද්දි මම එයාලට ලක්ෂ 8 ක් දුන්නා. මගේ මහත්තයා (පුතාගේ තාත්තාගේ) ඊ.පී.එෆ්. එකට හම්බ වුණු සල්ලි. මහත්තයා නැති වුණාට පස්සෙ සල්ලි ටිකට වඩා මම බාල පුතා විශ්වාස කළා. කවදා හරි මාව බලා ගනීවි කියලා.

“පේනවා නේද බාල පුතා බලාගන්න අපූරුව..” එංගො නෝනා අම්මා මා දෙස බලා සිහින් සිනාවක් මතු කළාය. සිහින් සිනහවක් වුව ද එය කඳුළු කතාවක් ඇතුළෙන් උපන් උපහාසාත්මක වූවකි.
“ඇත්තටම එච්චර කරලත් මෙහෙම වුණේ ඇයි?”මම විමසීමි.
 
“මට අවුරුදු 70 විතර වෙනකල් හොඳටම ඇස් පෙනුණා. ඊට පස්සෙ ටික ටික පෙනීම දුර්වල වෙන්න ගත්තා. රෑ වෙද්දි කොහොමටවත් පේන්නෙ නෑ. ගෙදර වැඩපළ ඉස්සර වගේ කරන් බැරිව ගියා. කුස්සියට ගියෙත් බොහෝම සීරුමාරුවට. මටම තේරුණා ඇස්වල පෙනීම අඩුවෙන නිසා දරුවන්ට මේක කරදරයක් වී ගෙන එන බව. මම හැම වෙලාවෙම හිතුවේ මෙහෙම ඉන්නවාට වඩා මැරුණා නම් හොඳයි කියලා.”

ලේලි කෑම ටික දුන්නා. ඒ අතරෙ එයා කියනවා, “අම්මෙ... දැන් අම්මට පෙනීමත් අඩුයි. දරුවන්ගේ වැඩත් එක්ක අම්මාව බලා ගන්න එක තමා ප්‍රශ්නෙ. මහත්තයාට උදේ ඉඳන් උයලා බත් එක දෙන්න ඕනෑ. පුතාල ඉස්කෝලෙ එක්ක යන්න ඕනෑ. අම්මාව තනියම ගෙදර දාලා යන්නත් බෑ. අම්ම වැඩිහිටි නිවාසෙකට යමුද?”

එහෙම කියද්දි මට ලොකු දුකක් දැනුණා. ලේලි ගැන තරහකුත් ආවා. උන්ට වැටිලා ඉන්න ගේ හදන්න මගේ සල්ලිත් දීලා කියන කතා කියලා.

මෙහෙම ඉන්න අතරේ දවසක් දා රෑ දහය හමාරට විතර වැසිකිළියට යන්න බිත්තිය අතපත ගාමින් එළියට ගියා. ටිකක් වැහැපු දවසක්. එහෙම යද්දි එක පාරටම මම ලිස්සල වැටුණා. මම කෑගැහුවා. කකුලේ දෙපොළක් කැඩිලා. දැන් මොකද කරන්නෙ. ලේලියි පුතායි මට නොයෙක් කතා කියමින් බේත් බඳිනවා. එයාලා ප්‍රසිද්ධියේම කියනවා මම මහා වදකාර ගෑනියක් කියලා.

මම ඔත්පලයි. යන්න බෑ. උදේ එයාලා කාමරේට එද්දි මළ මුත්‍රා ගඳ හමන්නේ. ගේ ඇතුළත් මේවායින් දුගඳ වෙන්න ඇති.

එංගෝ නෝනා අම්මා කියන්නීය. කොහොම හරි මාස හත අටක් වෙදකම් කළා. වෙදකම හොඳ වෙද්දි වයස වැඩිකමට මාව වෙව්ලනවා. ඇඟට පණ නෑ වගේ තේරෙනවා. සේරම දේවල් එක දිගට මාව හොයාගෙන ඇවිත් බව මට තේරුණා.

මෙහෙම ඉද්දි දවසක් මට උණ ගැනුණා. මම බාල පුතාට කිවුවා “පුතේ මට උණ” කියලා.

එයා කිවුවා. “එහෙනම් අම්මේ අපි බේත් ගන්න යමු, ඇස් පේන්නත් එක්ක” කියලා. මට ලොකු සතුටක් දැණුනා. ඇස් පෙන්නුවොත් පෙනීම ටිකක් හෝ ලැබේවිනේ කියලා.

කොහොම හරි පහුවදා උදේ පුතා මට කතා කළා.

“අම්මේ දොස්තර චැනල් කරලා තියෙන්නෙ සමහර විට අම්මට නතර වෙන්න වේවි. දවස් කීපයක්. ඇඳුම් ටිකක් දාගන්න.” කිව්වා.

මම ඇඳුම් එහෙමත් ලෑස්ති කර ගත්තා.

“අනේ.. පුතේ.. උඹලට මගෙන් කරදරේ නේද...? ඔහොම තමා පුතේ වයසට ගියාම...”

එහෙම කියමින් මම පුතාගෙ වෑන් එකට නැග්ගා. පාන්දර 4.30 ට විතර ඇති. පුතා විතරයි වාහනේ ආවේ. අපි කිලෝමීටර් ගාණක් ආවා. පැයක් විතර වාහනේ ආවා. එළිය වැටෙන්න ඔන්න මෙන්න ඇති. එහෙම ඇවිත් පාළු පාරක බස් හෝල්ට් එකක් ළඟ එක පාරටම වාහනේ නතර වුණා.

“අම්මේ වාහනේ මොකක්ද වුණානෙ කිව්වා. දැන් පුතා වාහනේ වටේ කැරකි කැරකි බලනවා. වාහනේ යට බලනවා.”

මට කිවුවා. “අම්මා ඩිංගක් බහින්න. වාහනේ බලනකම්” කියලා.

එහෙම කියලා බස් හෝල්ට් එකෙන් මාව වාඩි කළා. වතුර ටිකකුත් බොන්න කීවා. එහෙම කියලා වතුර බෝතලයකුත් දීලා පුතා එක පාරටම ස්ටාර්ට් කරන් යන්න ගියා.

“මම හිතුවා... මේක වෙන්න තිබ්චිච දෙයක් කියලා. ඒ පළාතේ හාමුදුරු නමක් මාව දැකලා වැඩිහිටි නිවාසයකට බාර කළා...”

“දැන් මෙතැන ජීවිතේ ගෙවනවා.” එංගො අම්මා කියන්නීය.

අම්මලාට දරුවො බරක් නැත. දරුවන්ට අම්මලා බරක් වූයේ ඇයි? සමස්ත සමාජයක් කල්පනා කළ යුතු ගැඹුරු විමර්ශනය එයයි.

අසංක ආටිගල
ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top