ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1891 දෙනාගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගෙන තිබෙනවා.
එම සංඛ්‍යාව 387ක්.
පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගත් 81 දෙනා ද මෙම පිරිසට අයත්.
මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 දෙනෙකු සොයා ගැනුණා.
පානදුර - දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 58ක්, මීගස්තැන්නෙන් 52ක්, බදුරලියෙන් 41ක්, කළුතරින් 39ක් සහ බේරුවලින් 51ක් මෙලෙස අලුතෙන් සොයා ගත් පිරිසට ඇතුළත්.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 297 දෙනෙකු අලුතෙන් සොයාගැනුණා.
නිට්ටඹුවෙන් ආසාදිතයින් 49ක්, මීරිගමින් 38ක් සහ මිනුවන්ගොඩින් සොයා ගත් ආසාදිතයින් 30 දෙනා ද ඊට අයත්.
එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 71 දෙනෙකු සොයාගෙන ඇති අතර අනුරාධපුර ප්‍රදේශයෙන් හමුවූ 57 දෙනා ද ඊට ඇතුළත් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.