නව ආසාදිතයින් 1891ක් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 11,753ක් දක්වා ඉහළ ගියා.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් දිනයක් සටහන් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1843ක් අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 48 දෙනෙකු ද රෝගීන් ලෙස හදුනා ගැණුනා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 13,815 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 97,848ක්.
මේ අතර, මරණ 09ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ අවුරුදු 51ත්, 94ත් අතර වයස්වල පසුවන කැබිතිගොල්ලෑව, පොළොන්නරුව, තැන්නේකුඹුර, මත්තේගොඩ, මාලඹේ, කන්තලේ, බණ්ඩාරගම, මහනුවර - ලෙවුල හා මාතලේ - වරකාමුර ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස මිය ගොස් ඇති බවයි.
මෙම මරණ වලින් අටකටම කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතු වී තිබෙනවා.
ගාල්ල පොලීසියේ සැරයන්වරියකට සහ ඇයගේ සැමියා වන පොලිස් සැරයන්වරයෙකු ද කොරෝනා ආසාදනය වීමත් සමඟ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 43 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ඇති බව සඳහන්.
නිරෝධායන නීති උල්ලංගණය කළ 215 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ 4857 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම නිරෝධායන නීති කඩ කරමින් රාත්‍රී කාලයේ ජනතාව ඒකරාශී කර ගනිමින් මත්පැන් සාද පවත්වන බවට ලද තොරතුරු මත වැටලීම් සිදුකරන බව ද ඔහු කියා සිටියා.
ඒ අනුව මත්පැන් සාද සදහා පහසුකම් සපයන සහ මත්පැන් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව අද සිට නිරෝධායන නීතියට සහ අපරාධ නීතියට අනුව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.
මීට අමතරව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට සහ වේරහැර යන කාර්යාල ද අද සිට සතියක කාලයක් සදහා වසා තැබෙනවා.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයක් නොමැතිව අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය පිළිබදව පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදයක් හෙට (04) පැවැත්වීමට ද නියමිතයි.