පිළියන්දල පොලිස් බල ප්රදේශයට අද පැනවූ හුදකලා තත්ත්වය ලිහිල් කර ප්රදේශ කිහිපයක් පමණක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට (03) අලුයම5 සිට හුදකලා කරන ග්රාමසේවා වසම් පහතින්..
ගොරකපිටිය, නාම්පමුනුව, යන ග්‍රාම සේවා වසම් දැනටමත් හුදෙකලා කර තිබෙනවා.
ඊට අමතරව දම්පේ, බටකැත්තර උතුර, පැලැන්වත්ත බටහිර සහ නැගෙනහිර , කැස්බෑව දකුණ, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත යන ග්‍රාමසේවා වසම් හෙට (03) අලුයම 5 සිට ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට නියමිතයි.
එමෙන්ම මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල උතුර ග්‍රාමසේවා වසම හෙට (03) අලුයම පහේ සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.