ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව එහි සභාපති නුෂාඩ් පෙරේරා පවසනවා.
ඉල්ලා අස්වීමෙන් අනතුරුව නැවත පෞද්ගලික අංශයේ සේවයට එක්වන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මීට පෙර සතොස ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කළ නුෂාඩ් පෙරේරා, අනතුරුව ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයට පත් කෙරුණා.
ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමති පිළිකාකාරක අඩංගු වී ඇති බවට හෙළිවූ අතර, මෙරට පොල්තෙල් නිෂ්පාදන සමාගමක් විසින් වෙළඳපොලට නිකුත් කර තිබූ පොල්තෙල් වර්ගයක ද පිළිකාකාරක අඩංගු වී ඇති බවටයි පසුගියදා රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වුණේ.
එවන් පසුබිමකයි ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ.