Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
02
"මගේ පුතාලට ඇතිවෙන්න නිදහස දීලා තියෙන්නේ... ඒක නිසා අද පාටියේදී ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්.." - පුතාගේ උපන් දිනයට අයිස්, ගංජා පිරි සාදයක් දුන් ජාත්‍යන්තර පාසල් ගුරු මව

- "මගේ පුතාලට ඇතිවෙන්න නිදහස දීලා තියෙන්නේ... ඒක නිසා අද පාටියේදී ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්.." - පුතාගේ උපන් දිනයට අයිස්, ගංජා පිරි සාදයක් දුන් ජාත්‍යන්තර පාසල් ගුරු මවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,775 Views
හැබැයි මමීටත් ටිකක් ඕනා...
 
කේෂාන්ගේ මමී අනිත් මමීලා වගේ නොවෙයි...
 
ජාත්‍යන්තර පාසල් ගුරුවරියක වන මොරීන් දෙදරු මවකි. වයස අවුරුදු 42 කි. දරු දෙදෙනා සමඟ ඇය පදිංචිව සිටින්නේ වැල්ලවත්ත ප්‍රදේශයේය.
 
 දෙදරු මවක් සහ ගුරුවරියක් වුවත් මොරීන් හැසුරුනේ සල්ලාල තරුණියක මෙන්ය. විවිධ සාදවලට සහභාගි වීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම ඇයගේ එකම විනෝදාංශය වූවාය.

පාසල් යන වයසේ සිටි පුතුන් දෙදෙනාද හැදී වැඩුනේ ඇයගේ ආභාෂයට අනුවයි. මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කිරීම, තරුණියන් ඇසුරු කිරීම ආදී ක්‍රියාවලට ඇය කිසිදු තහංචියක් තම දරු දෙදෙනාට දැමුවේ නැත.
 
 දිනය පසුගිය මස 24 වැනිදාය. එදින මොරින්ගේ වැඩිමල් පුතුවන කේෂාන්ගේ උපන්දිනයයි. ඒ වෙනුවෙන් උපන්දින සාදයක් සංවිධානය කිරීමට ඇය කටයුතු කළාය.
 
‘‘පුතේ අද පාටි එකට ඔයාගේ යාළුවො කීදෙනෙක් එනවාද?”
 
 ‘‘ළඟම ඉන්න විස්සකට විතර ඉන්වයිට් කළා මමී.”
 
 ‘‘ඒකට ප්‍රශ්නයක් නෑ. මොනවද අපි ඒ අයට දෙන්නේ.”
 
 ‘‘කෑම පිටින් ඕඩර් කරමු නේද මමී.”
 
 ‘‘ඔව් ඒක හොඳයි. මම කිව්වේ බොන්න දෙන්නෙ මොනවද?.”
 
 ‘‘විස්කි බෝතල් ටිකක් අර ගමු.”
 
 ‘‘හරි ඒ ටික ගමු. විස්කි බොන්නැති අයත් ඉන්නවනෙ.”
 
 ‘‘එක තමයි මම කල්පනා කළේ. දැන් අපේ සෙට් එකේ ගොඩක් අය පාවිච්චි කරන්නෙ වෙන දේවල්. ටීනා, ආදි, නිශලා වුණත් දැන් ලිකර් බොන්නේ නැහැ. අර මම බොන ඒව තමයි බොන්නේ.”
 
 ‘‘හරි හරි මම දන්නවා. මේ මමී වෙන මමීලා වගේ නෙමෙයිනේ. මගේ පුතාලට ඇතිවෙන්න නිදහස දීලා තියෙන්නේ. ඒක නිසා අද පාටියේදී ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මමීටත් ටිකක් ඕනා.”
 
 ‘‘තෑන්ක් යූ මගේ අම්මි.”
 
මොරීන් ඇතුළු පිරිස උපන්දින සාදය සංවිධානය කළහ. අමුත්තන් හතළිහකට පමණ ආරාධනා කර තිබුණි. සාදය සඳහා අවශ්‍ය මත්පැන් සහ මත්ද්‍රව්‍යද මිලදී ගත්හ.
 
 රාත්‍රී 7:00 වන විට මොරින්ගෙ නිවසට අමුත්තො පැමිණ සිටියහ. ඒ අතර වැඩිපුරම සිටියේ අවුරුදු 18 ත් 20 ත් අතර තරුණ තරුණියන්ය. ඒ සියලූ දෙනාම ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා සිසු සිසුවියන්ය.
 
 රාත්‍රී හතයි තිහට පමණ උපන්දින කේක් එක කපා සාදය පටන් ගත්හ. සාදය පටන් ගැනීමට පෙර මොරීන් මෙලෙස පැවසුවාය.
 
 ‘‘කේෂාන්ගේ මමී අනිත් මමීලා වගේ නොවෙයි. ළමයින්ට නිදහස උපරිමය විඳින්න දෙනවා. අද මගේ ජීවිතේ විශේෂ දවසක්. එක හැමෝම දන්නවා. ඒක නිසා ඇතිවෙනකම් විනෝද වෙන්න. ඕගොල්ලන්ට ඕන විදියකට විනෝද වෙන්න. ඒ සඳහා අවශ්‍ය සියලූම දේවල් මම ගෙනල්ලා තියෙන්නේ.”
 
 මොරීන්ගේ එම කතාව අසා පැමිණ සිටි පිරිස අත්පොළසන් නැගූහ. එතැන් සිට සාදය පටන් ගත්තේය. පිරිසක් මත්පැන් පානය කළහ. පිරිසක් ගංජා පානය කළහ. තවත් පිරිසක් අයිස් නමැති මත්ද්‍රව්‍ය පානය කළහ. ඒ අතර මොරීන්ද මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කළාය.
 
 පැය කීපයකට පමණ පසු සාදයට පැමිණි තරුණ තරුණියන් ඇතුළු සියලූ දෙනාම සිටියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර අධික බමන මතින්ය. සමහර තරුණ තරුණියන්ට කිසිදු සිහියක් නොතිබුණි. ඒ අධික ලෙස ගංජා සහ අයිස් පානය කිරීම නිසාය. අධික බමන මතින් සිටි පිරිස වේග රිද්මයේ සංගීතයට අනුව නැටීමට පටන් ගත්හ. ඒ අතර සමහර තරුණ තරුණියන් යළි ගංජා සහ අයිස් පානය කළහ. අවසානයේ සියලූ දෙනාම වේග රිද්මයේ සංගීතයට සිහිය විකල් වූ අය මෙන් නැටූහ. වේග රිද්ම සංගීතයේ අවසානයක් නොමැත. අසල්වැසියන්ට එය මහත් කරදරයක් විය. එම නිසා එක් පුද්ගලයකු පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ලැබුණු දුරකථන ඇමතුමට අනුව පොලිස් නිලධාරීහු එම ස්ථානයට පැමිණියහ. පැමිණ අදාළ නිවසට ඇතුළු වූහ. පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් තරුණ තරුණියන් පිරිසක් ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියහ. ජාත්‍යන්තර පාසලේ ගුරුවරිය සහ අනෙක් පිරිස වේග රිද්මය සංගීතයට නටමින් සිටියහ.
 
 පොලිස් නිලධාරීන් දුටුවිට මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි පිරිසට උන් හිටි තැන් අමතක විය. එම මත්ද්‍රව්‍ය ඔවුන් සැඟවීමට කටයුතු කළේය. එහෙත් පලක් නොවුණි. අවසානයේ පොලිස් නිලධාරීන් ඉදිරියේ එම පිරිස බැගෑපත් වී පැවසුවේ කළ වරදට සමාව දෙන ලෙසයි. එහෙත් පොලිස් නිලධාරීන්ගෙන් සමාවක් නොලැබුණි.
 
 ජාත්‍යන්තර පාසලේ ගුරුවරිය ඇතුළු වරදකරුවන් සියලූ දෙනාමත් අඩංගුවට ගත්හ. ඒ අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් කීපයක්ද අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් පිරිස අතර ජාත්‍යන්තර පාසල් ගුරුවරියගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ පාසල් වයසේ මිතුරු මිතුරියන් පහළොස් දෙනකු ද සිටියහ. ඒ සියලූ දෙනාම වයස අවුරුදු 20 ට අඩු තරුණ තරුණියන්ය.
 
 පුතුගේ උපන් දිනය වෙනුවෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ එම ජාත්‍යන්තර පාසලේ ගුරුවරියට අවසානයේ සිදුවූයේ සියලූ දෙනා සමඟ පොලිස් අත්අඩංගුවට පත් වීමටයි.
 
දිවයින
ගයාන් සමරසිංහ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top