Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
".ඇය මට ආදරේ කළේ අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුවත් මාව අඳුන්නේ නැති, පදින්න ෆුට් සයිකල් කට්ටක්වත් නැති කාලේ.." - නලින් පෙරේරා

- ".ඇය මට ආදරේ කළේ අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුවත් මාව අඳුන්නේ නැති, පදින්න ෆුට් සයිකල් කට්ටක්වත් නැති කාලේ.." - නලින් පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views
"ඒ ආදරේ මම මිස් යූස් කළේ නැහැ.."

"ස්වාමියා විදිහට මම ඒ වැරැදි හදා ගත්තා අපේ ලස්සන පවුල වෙනුවෙන්.."

අංජලීකාට මම වගේම මුළු ලෝකයේම රසිකයන් ආදරෙයි. ‘නලින් පෙරේරා’ කියන නාමය මිනිසුන් අතරට ගියේ අංජලීකා සිංදුවෙන් නිසා ඇත්තටම මමත් අංජලීකා සිංදුවට ගොඩක් ආදරෙයි.

• මිනිස්සු ඇයි අංජලීකා සිංදුවට එතරම්ම ආදරේ කළේ.
මටත් හිතා ගන්න බෑ. අදටත් වේදිකාවකට නැග්ගාම පළමු ඉල්ලීම අංජලීකා සිංදුවට. පදමාලාව, සංගීතය වගේම මගේ ආදරණීය, ලයාන්විත ගායනා ස්වරූපයක් එයට බලපාන්න ඇති.

• ජනප්‍රිය වුණ මුල්ම කාලයේ වැඩිපුරම ඔබට ආදරේ කළේ කවුද?
වැඩිම ආදරයක් ලැබුණෙ කාන්තාවන්ගෙන්. ළාබාල යුවතියන්ගේ සිට මගේ අම්මාගේ ආත්තම්මාගේ වයසේ අයගෙනුත් ලොකු සෙනෙහෙබර ආදරයක් ලැබුණා. ඔබ විශ්වාස කරයිද දන්නෑ අද වෙනවිට මගේ සිංදු අහලා මට ආදරේ කරන්න පටන් ගත්ත වයස අවුරුදු දෙකේ,තුනේ දරුවන්ගේ සිට වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. ලෝකයේ බොහෝ රටවල දරුවන් මගේ සිංදු ඉල්ලමින් හඬනවා. සිංදු ගායනා කරනවා. සිංදු අහගෙන නින්දට යනවා වීඩියෝ කරලා මට එවලා තියෙනවා. එක සැරයක් විවාහ මංගල උත්සවයකදී මට හමුවුණ විදේශීය රටක හිටපු යුවළක් ඔවුන්ගේ දරුවන් සමඟ විවාහ උත්සවයට සහභාගිවී සිටියා. ඒ දරුවන්ට සිංහල එක වචනයක් බෑ. නමුත් මගේ සිංදු කිහිපයක් හරිම ලස්සනට සිංහලෙන් ගායනා කළා.

• ජනප්‍රියත්වය වදයක් වෙලා නැද්ද?
මම හැම තිස්සේම හිතන්නේ ජනප්‍රියත්වය කියන්නේ ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය ලබන්න මම හරිම ආසයි. ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා අද වෙනකම් මුළු ලෝකයේම පිරිසක් මට ආදරේ කරන්න කුමන හෝ වාසනාවක් මා සතුයි කියා මම විශ්වාස කරනවා.

• රසිකාවියන්ගෙන් වැඩිම ආකර්ශනයක් ලැබෙද්දි බිරිඳගෙන් බලපෑම් ආවේ නැද්ද?
‘හිත හොඳ කොල්ලෝ’, ‘අංජලීකා’ සිංදු ජනප්‍රිය වෙන කාලේ අද වගේ සෙලියුලර් ෆෝන් තිබුණේ නෑනේ. ඒ කාලේ ප්‍රධානම සන්නිවේදන මාධ්‍ය වුණේ ලියුම් හුවමාරු කර ගන්න එක. ඒ කාලේ රසිකාවියන්ගෙන් දවසකට ලියුම් සීයක් විතර ලැබෙනවා. ඒ ලියුම්වලින් වැඩිම ප්‍රමාණයක් එවා තිබුණේ ආදරය ප්‍රකාශ කරලා. විවාහ යෝජනා ඉදිරිපත් කරලා. ඒ හැම ලියුමක්ම මම බැලුවේ මගේ බිරිඳ එක්ක. ඇයත් සමඟ එකතුවෙලා එවන හැම ලියුමකටම උත්තර යැව්වා. ඒ කාලේ ආදරේ ප්‍රකාශ කරලා එවපු ගොඩක් යුවතියන් අද අපේ පවුලේ ළඟම මිතුරියන් වෙලා. ජනප්‍රියත්වය හරිම කෙටි කාලීනයි, ආදරේ කියන දේවල් හරිම උත්තරීතරයි. ඒ නිසා මම කවදාවත් රසිකයන්ගේ ආදරය මිස් යූස් කළේ නෑ.

• බිරිඳ ඔබට හමුවන්නෙත් ජනප්‍රියත්වය නිසාමද?
අපෝ නෑ. ඇය මට ආදරේ කළේ අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුවත් මාව අඳුන්නේ නැති, පදින්න ෆුට් සයිකල් කට්ටක්වත් නැති කාලේ. ඇය ආදරේ කළේ මට. මේ නිසාම මම අදටත් කියනවා මගේ ජීවිතයේ මට ලැබුණු සුවිශේෂිම කෙනා තමයි මගේ බිරිඳ නිල්මිණි.

• ජනප්‍රිය වෙනකොට, කාන්තා ආකාර්ශනයක් වැඩිපුර ලැබෙනකොට බිරිඳගේ හිතට සැකයක් ආපු අවස්ථා ලෝභකමක් හිතුන අවස්ථා තිබුණේම නැද්ද?
නැතුවාම නොවෙයි. මෙහෙමයි කාන්තාවකට සැකය ඇතිවෙනවා කියන දේ ඇගේ සිතුවිලි තුළම පිහිටන දෙයක්. කාන්තාව හරිම බුද්ධිමත්. ඇය නිස්කාරණේ ප්‍රශ්න ඇති වෙනවාට කැමැති නෑ. මගේ බිරිඳත් එහෙමයි. මා ජනප්‍රිය වෙනවාට ලස්සනට අඳිනවාට රසික රසිකාවියන්ගේ මහා විශාල ආකර්ශනයකට පත්‍ර වුණාට ඇය කවදාවත් මට තහංචි දැම්මේ නෑ. නමුත් ඇගේ හිතට වදදෙන ඇයගේ හිත සැකය කියන මහා ගිනි දැල්ලෙන් පිච්චෙන අවස්ථා තිබුණා. ස්වාමියා විදිහට මම ඒ වැරැදි හදා ගත්තා අපේ ලස්සන පවුල වෙනුවෙන්. මම පෞද්ගලිකව හිතනවා වරදක් වුණාම බොරු සියයක් කියලා ඒක වහනවාට වඩා හොඳයි ඇත්ත කියලා සමාව ගන්න එක. අපි හැමෝම මිනිස්සු. වැදගත් වෙන්නේ ඒ මනුෂ්‍යත්වය තේරුම් අරන් කටයුතු කරන එක.

• දරුවන් ලොකු වෙද්දි මොනවාද හිතට දැනෙන්නේ
එක්තරා ආකාරයකින් ඔවුන්ගේ තාරුණ්‍යය දෙස බලද්දි නිකම්ම මාව මගේ තරුණ කාලයට රැගෙන යනවා. ඊට අමතරව ඉතිං දරුවෝ ලොකු වෙනවා කියන්නේ අපිත් එක්ක එකට හිටපු කාලේ ටික ටික ඈත්වෙන නිසා ඒ ගැන පොඩි දුකකුත් දැනෙනවා.

• ගායකයෙකු ලෙසට ජීවිතයේ අමතක නොවන සිදුවීමක් තියෙනවාද?
ඔව්. ඒ සිදුවීම මතක් වෙනකොට අදටත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. මම ජනප්‍රිය වුණ මුල්ම කාලේ මම කිව්වානේ වයස් බේදයක් නැතුව මට මිනිස්සු ආදරේ කරන්න ගත්තා කියලා. ඒ කාලේ මගේ අම්මාගේ වයස අම්මලා කෑම බීම හදාගෙන මගේ ගේ හොයාගෙන මාව බලන්න පවා ආවා. ඔය අතර හිටියා ‘බ්‍රිජට්’ කියලා ආන්ටි කෙනෙක්. ඇගේ පදිංචිය වත්තල. දවසක් ඇය මාව බලන්න ඇවිත් කිව්වා ‘පුතා මම හරිම ආසයි ‘අංජලීකා’ සිංදුවට. මම මැරුණ දවසට ඔයා මගේ පෙට්ටිය ළඟට ඇවිත් අංජලීකා සිංදුව කියන්න ඕනේ කියලා. ඇය එදා ඉල්ලූ ඉල්ලීම මම ලොකුවට හිතුවේ නෑ. හරි ආන්ටි හරි කියලා මම ඇයට කිව්වා. මඟුලක් වෙනුවෙන් සිංදු කිව්වත්, මරණයක් වෙනුවෙන් සිංදුවක් කියන්න කවුරුත්ම ඉල්ලුවේ නැති නිසා මට ඇගේ ඉල්ලීම මතක තිබුණා. මුලදි නිතර දුරකථනයෙන් කතා කළත් ඊට පස්සේ වසර විස්සක් විතර යනකං මට බ්‍රිජට් ආන්ටි ගැන පණිවිඩයක් දැන ගන්න ලැබුණේ නෑ. ඇත්තම කියනවා නම් මතකයක් තිබුණෙත් නෑ. මේ මැතකදී මගේ දුව මට කතා කරලා කිව්වා ‘තාත්ති මගේ යාළුවෙකුගේ ආච්චි නැතිවෙලා’ අද කොහොම හරි යන්න ඕනේ කියලා’ මට එයා එක්ක යන්න එන්න කිව්වා. දුව එක්ක වාහනේ මළගේ තියෙන තැනට යනකොට ගහලා තියෙන පෝස්ටර් මට හරිම හුරුයි. පස්සේ මම මළගෙදර ගිහින් මිනිය ළඟට ගියාම තමයි දැක්කේ මම ඇවිත් තිබුණේ බ්‍රිජට් ආන්ටිගේ මිනිය බලන්න කියලා. මට හිතාගන්න බෑ. මිනිය උස්සන්න ළඟ නිසා දරුවෝ ඔක්කෝම මිනිය බදාගෙන අඬනවා. මට මතක් වුණා ආන්ටි මගෙන් වසර ගණනකට කලින් ඉල්ලපු ඉල්ලීම. හීනයකින්වත් හිතපු නැති විදිහට මම ඇයට අවසාන ගෞරව දක්වන්න ඇවිත් තිබුණා. ඒත් මම කොහොමද මෙතන සිංදු කියන්නේ. ඒත් මම පස්සේ කල්පනා කරලා මිනිය ළඟම හිටගෙන ඇස්දෙක පියාගෙන වේදිකාවක කියනවා වගේම ලස්සනට ‘අංජලීකා’ මුළු සිංදුවම හිතෙන් ගායනා කළා. ඇයට ගෞරවයක් විදිහට. හරිම සංවේදී අවස්ථාවක්. ජීවිතයේ පළමු වතාවට තමයි මම ඒ වගේ ඉල්ලීමක් ඉටු කළේ. හදවතින් සමීප මිනිසුන්ගේ බැඳීම් සොබා දහමෙන් හරි ළං කරනවා කියලා මට එදා දැනුනා.

• ජනප්‍රියත්වය නිසාම ඔබ අපහසුතාවයට පත්වෙන ආකාරයේ ඉල්ලීම් ඉල්ලලා නැද්ද?
තියෙනවා තියනවා. මම ජනප්‍රියත්වය උපරිමයෙන්ම ලබන කාලේ එළිමහන් ප්‍රසංගවලට ගියාම හැමෝම වගේ මගෙන් අත්සන ගන්න සමරුපොත්, ලේන්සු, ටී ෂර්ට් වගේ අරං එනවා. සමහර අය අතේ අත්සන් කරන්න තියනවා. සමහරු ‘කලවේ’ පවා අත්සන් කරන්න කියපු අවස්ථා තිබුණා. වෙළෙඳ කලාපවල ප්‍රසංගවලට ගියාම ඇතැම් යුවතියන් මගේ අත්සන ගහන ලෙසට ආරාධනා කළේ ඔවුන්ගේ පියයුරුවල. කාන්තාවෝ ඒ තරමට මට පිස්සු වැටිලා. එවැනි ඉල්ලීම් ඉල්ලුවත් මම කවදාවත් ඒ දේවල් වැරැදි විදිහට පාවිච්චි කළේ නෑ. ගායනය කියන්නේ මගේ වෘත්තිය මිසක්, කාගේවත් ජීවිත එක්ක සෙල්ලමක් නොවන බව මම නිතරම හිතපු දෙයක්.

• හැමදාම තරුණ වෙලා ඉන්න රහස මොකක්ද?
මාව දකින සියයට අනූවක් විතරම අදටත් ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. මම හිතන්නේ ඒකට හේතුව මගේ සිතුවිලි. ජීවිතයේ ඉහට උඩින් ප්‍රශ්න තිබුණත් හිනා වෙලා ඉන්න පුළුවන් වෙන විදිහට මම මගේ හිත හදාගෙන තියෙන්නේ. සිතුවිලි යහපත්නම් ශරීරය ඉබේම නිරෝගි වෙලා ලස්සන වෙනවා කියලා හිතනවා. මම හැම තිස්සේම හිතන දෙයක් තමයි මගේ ‘ජාතිය මනුස්ස ජාතිය’ කියලා. එහෙම හිතුවාම මේ ලෝකයේ කා එක්කවත් සිතුවිල්ලකින්වත් ගැටුමක් ඇතිවෙන්නේ නෑ. ඇත්තටම මේ ලෝකයේ නරකයි කියලා කවුරුත් වර්ග වෙන්නෑ. වෙලා තියෙන්නේ කිහිප දෙනෙකුට හොඳ වෙන්න අමතක වෙලා, එච්චරයි.

• විටමින් මොනවා හරි ගන්නවාද?
ලෝකය පුරාම මට ආදරය කරන වෛද්‍යවරු ඉන්නවා. ඒ අය කිහිප දෙනෙක් කියලා ෆිෂ් ඔයිල් වර්ගයකුයි, විටමින් වර්ගයකුයි නම් දැන් ගන්නවා. සමහර වෙලාවට එයාලා මට ඒවා ගෙදරටම එවනවා.

• ජිම් යන්නෑ
පුරුද්දක් විදිහට නම් ව්‍යායාම කරන්නෑ. ඉඳහිට වර්ක් අවුට් කරනවා. සමහර වෙලාවට බ්ලඩ් රිපෝට්වල එක එක ගණන් මිමි වෙනස් වෙලා තිබුණාම මාසයක් දෙකක් කෑම පාලනය කරනවා. ඒ හැරෙන්න නම් කෑම බීම පාලනයක් නෑ. ආස හැම කෑම බීමක්ම අනුභව කරනවා.

• කොණ්ඩයට ගොඩක් ආදරෙයි නේද?
අම්මෝ ඔව්. නලින් පෙරේරා කියන අනන්‍යතාවය ඇතුළේ හඬ වගේම කොණ්ඩෙත් තියෙනවා. ඇත්තටම මම කොණ්ඩයට ගොඩක් ආදරෙයි. රෑ 12ට ප්‍රසංගයකට සහභාගි වුණත් මම යන්නේ කොණ්ඩේ හොඳට ෂැම්පු දාලා නාලා. නෑවේ නැත්තං කොණ්ඩේ ලස්සනට හිටින් නෑ. ඉස්සරහින් කොණ්ඩේ ටිකක් යන්න අරං මම කොණ්ඩේ කෘත්‍රිමව හිටෙව්වා. ඒ තරම්ම මම ආදරෙයි කොණ්ඩයට.

• අඳින්න ආසම ඇඳුම
ෆුල් කිට් එක තමයි වැදගත්කම සහ කඩවසම් පෙනුම වෙනුවෙන් හොඳම ඇඳුම කියලා විශ්වාස කරන්නේ. ඊට අමතරව ඩෙනිම, ටී ෂර්ට් එකටත් මම ආසයි.

• ආසම පාට
ලා නිල් පාට

• වැඩිපුරම වියදම් කරලා තමන් වෙනුවෙන් ගන්න කැමැති මොනවාටද?
එහෙම වියදමක් කරනවා නම් මම කරන්නේ සුවඳ විලවුන්වලට තමයි. බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න කැමැත්තක් තියෙනවා.

ලෝකයේ ප්‍රසිද්ධ වෙළෙඳනාම යටතේ තියෙන ඇඳුම් පැළඳුම් අඳින්න ඕනේ කියලා මානසිකත්වයක් මට නෑ. මට ගැළපෙනවා නම් අඩු මුදලකට තියෙන ඇඳුමක් හරි අඳින්න මම ඕනැම වෙලාවක කැමැතියි. ඇඳුමකින් අපේ අනන්‍යතාව වෙනස් කරන්න බෑනේ. කොහොමත් දැන් නම් ගැලපෙන විදිහට මට ඇඳුම් තෝරන්නේ නම් බිරිඳයි, දුවයි තමයි.

• රත්තරං ආභරණ පළඳින්න ආසද?
නැහැ මම ඉස්සර ඉඳලාම ආස නෑ. එදා ඉඳලම මගේ බෙල්ලේ තිබුණේ කුරුසේ දාපු සුදු යකඩ මාලයක් විතරයි.

• බිරිඳගෙන් ලැබුණ වටිනාම ත්‍යාගය
ඇය තමයි මට ජීවිතයට ගොඩක් වටින දේවල් දුන්නේ. ඒ හැම ත්‍යාගයක්ම මිල කළ නොහැකියි. ඇත්තටම මගේ ජීවිතය කියන්නේ මගේ බිරිඳයි දරු දෙන්නයි.

• රසිකයන්ගෙන් මොනවගේ තෑගිද ලැබිලා තියෙන්නේ
ජනප්‍රිය වෙච්ච කාලේ ලියපු ලියුම් එක්ක කාඩ්, චොක්ලට්, ටී ෂර්ට්, ෂර්ට්, බිත්ති සැරැසිලි, පර්ෆියුම්, වගේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. අදටත් ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවලට ගියාම මට ආදරේ කරන බොහෝ දෙනෙක් පුංචි තෑග්ගක් හරි සතුටින් ගෙනත් දෙනවා.

• යුග කිහිපයකට ඔබ ආදරයට පාත්‍ර වුණේ කොහොමද?
ඒක මටත් හිතා ගන්න බෑ. වර්තමානයේ ගායන ක්ෂේත්‍රයට එන අයත් මා එක්ක හරිම යාළුයි. මචං ලෙවල් එකෙන් කතා කරන්නේ. ඒකට මම හරි කැමැතියි. හයේ හතරේ කොල්ලෝ ‘අංකල්’ කියනකොට නම් මට පොඩ්ඩක් දැනෙනවා.

අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top