කැරැලිකරුවන් අතර ගැටුම්වලදී තුවාල ලැබූ චැඩ් ජනරජයේ ජනාධිපති ඉඩ්‍රිස් ඩෙබි මරණයට පත්ව තිබෙනවා.
වසර 30 ක් චැඩ් ජනරජය පාලනය කළ ඉඩ්‍රිස් ඩෙබි හයවැනි වරටත් එරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව සිටියදී ඔහු මෙලෙස මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.
අප්‍රිකාවේ සිටින ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ ඉතා වැදගත් චරිතයක් ලෙස සැලකෙන චැඩ් ජනාධිපතිවරයා බටහිර රටවල මිතුරකු ලෙස ද සැලකෙයි.
චැඩ් ජනරජයේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඩෙබීගේ පුතු වන මහමත් කාකා නම් කිරීමට හමුදා නිලධාරීන්ගෙන් සමන්විත එරට සංක්‍රාන්ති කවුන්සිලය පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශක අසීම් බර්මෙන්ඩෝ පවසා තිබෙනවා.