බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම පැරණිම කපූර් පවුලේ තවත් සාමාජිකයෙකු මෑතකදී බොලිවුඩයේ සිනමා තිරයට එකතු වුණා . ඔහු ආදර් ජේන්. ආදර්, රාජ් කපූර්ගේ දෙවැනි දියණිය රීමාගේ දෙවැනි පුතා.
ආදර් බොලිවුඩයට පිවිසියේ හාස්‍යමය හින්දි චිත්‍රපටයක් වන හෙලෝ චාලි එක්ක. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීම සමඟින් ඉහළ ප්‍රතිචාරයක් ඔහුට හිමි වුනා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අප්‍රේල් 9 වැනි දින සිට හෙලෝ චාලි තිරගත වීම ආරම්භ වුණා . එය ගෝරිල්ලෙකු සමඟ මිතුරු වන තරුණයකු වටා ගෙතුණු කතාක්. "මගේ විශ්වාසය නම් හාස්‍ය යනු නළුවෙකු ලෙස රඟපෑමට අපහසුම දෙයක් . නමුත් මම එය හෙලෝ චාලි වෙනුවෙන් ඉටු කළා. එය ජීවිත කාලය තුළ එක් වරක් කළ හැකි භූමිකාවක් බව මගේ හැඟීමයි. චිත්‍රපටයේ ගෝරිල්ලෙකු සමඟ සුහදතාවක් බෙදා ගැනීමට ලැබීමත් මට වාසනාවක්" ආදර් ඒ විදිහට තමයි මාධ්‍ය හමුවේ පවසා තිබුණේ