Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
20
"ගැහුවොත් ගහනවා.. මට ඔහොම ගැහුවොත්නම් මමත් ගහනවා..බලාගෙන ඉන්න එවුන්ට බැයිද දෙක තුනක් නෙලන්න" - පොලිස් පාට්වලට අපිට දාන්න පුළුවන් පාට්

- "ගැහුවොත් ගහනවා.. මට ඔහොම ගැහුවොත්නම් මමත් ගහනවා..බලාගෙන ඉන්න එවුන්ට බැයිද දෙක තුනක් නෙලන්න" - පොලිස් පාට්වලට අපිට දාන්න පුළුවන් පාට්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,961 Views
ගැහුවොත් ගහනවා' යන යෙදුම ශ්රී ලාංකික ජන සමාජය තුළ පවතින ජනප්රිය කියමනකි. මෙතෙක් බොහෝ විට එය අසන්නට ලැබුණේ එදිනෙදා ජන ජීවිතය තුළ අහඹු සිදුවීම් අරභයා පමණි.
එතකොට පොලිසියෙන් ගැහුවොත් මොකද කරන්නේ?
මේ ගැන ගැඹුරින් හිතන්නට කාලය එළැඹ තිබේ. 'කාලෝ අයං තේ..!' ඒ මන්ද යත්, සමාජ මාධ්ය ඔස්සේ සිදුවන සංවාදවලදී 'ගැහුවොත් ගහන' යෙදුම මෑතකදී විවිධාකාරයෙන් මතුවී තිබීමයි.

ඒ සංවාද සියල්ලට වස්තු බීජය වී තිබුණේ පොලිස් පහර දීමකි. මහරගම, පන්නිපිටිය ප්රදේශයේ දී රියදුරෙකු පොලිස් ප්රහාරයකට ලක්වන ආකාරය පසුගිය දා සමාජ මාධ්ය වසා ගනිමින් පැතිර ගියේය.
එතැන් පටන් දින කීපයක්ම රටේ දැවෙන ප්රශ්න සියල්ල අභිබවා සාකච්ඡාවට ලක්වූ ප්රස්තුතය වූයේ එයයි. අතරින් පතර මෙහෙමත් ලියැවී, කියැවී තිබුණි.
 
"පොලිසියෙන් ගහනකොට අපිටත් බැරිද පොලිසියට ගහන්න?"
"මට ඔහොම ගැහුවොත් නම් මමත් ගහනවා."
"ආත්මාරක්ෂාවට අපිටත් බැරිද අතපය උස්සන්න?"
"බලාගෙන ඉන්න එවුන්ට බැරිද දෙක තුනක් නෙලන්න?"
 
මෙවැනි දෙබස් අසන්නට ලැබුණේ සමාජ මාධ්ය තුළ පමණක් නොවේ. එදිනෙදා කතා බහේ දී පවා බොහෝ දෙනාගේ මුවින් මෙවැනි සරදම් පිට විය.
ඇතැම් සරදම් දුරදිග ගිය අවස්ථා ද ඉතිහාසයේ නැත්තේ නොවේ. 'දැනගෙන ගියොත් කතරගම ය; නොදැන ගියොත් අතරමග ය.' එබැවින් එහි නීතිමය වටපිටාව ගැන කතා කිරීම කාලෝචිත යැයි සිතමි.
 
සරලව කියතොත් 'නීති පොතේ' හැටියට මෙතැනදී විත්ති වාචකය වන්නේ 'ආත්මාරක්ෂාවේ අයිතිය' යි. එය ක්රියාත්මක වන්නේ කෙසේදැයි සොයා බැලීමට පෙර පොලිස් පහර දීම් පිළිබඳව විමසා බැලීම සුදුසුය.
පොලිස් පහරදීම්වලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. බරපතළ සිදුවීමක් වාර්තා වීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්ය ඔස්සේ ගැඹුරින් කතා කරති. නමුත් එවැනි සිදුවීම් නැවත නැවතත් වාර්තා විය.
"පොලිසිය කෘර වධ බන්ධන සිදු කළ බවට ලැබෙන පැමිණිලිවල අඩුවක් වෙලා නැහැ. ආණ්ඩු වෙනස් වුණාට මේක වෙනස් වෙලා නැහැ.
අපි හැමදාම මාධ්යවලින් මේක කතා කරනවා. නමුත් හෙටත් මේක සිද්ධ වෙනවා. ඒ නිසා අපි කතා කරන්න ඕන මේක නවත්වන්නේ කොහොමද කියල." සාකච්ඡාව ආරම්භයේදී ම අචාර්ය නීතීඥ ප්රතිභා මහානාමහේවා සිය ස්ථාවරය පැහැදිලි කළේය.
පොලිසියෙන් සිදුවන වධ හිංසාවල අඩුවක් වී නොමැති බව පැවසේ නම් නැවත සිහි කැඳවා ගත යුතු කරුණු කීපයක් තිබේ.
පොලිස් නිලධාරියා යනු කවරෙක්ද? ඔහුගේ රාජකාරිය හා පරම යුතුකම විය යුත්තේ කුමක්ද? ඔහුගේ නිල ඇඳුම සතු බලතල කවරේද?
 
"පොලිස් නිලධාරියා කියල කියන්නේ සාම නිලධාරියා. පොලිසිය ඇත්තටම සිදු කරන්නේ ජනතාවට ආරක්ෂාව ලබා දීම.
ඒ සඳහා පොලිසියට බලතල ලැබෙන පනත් තියෙනවා. ඒ අනුව කෙනෙකුව අත්අඩංගුවට ගන්න පුළුවන්.
මොන බලතලය තිබුණත් අමානුෂික වධ බන්ධනයන්ට ලක් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ." කොළඹ විශ්ව විද්යාලයේ ශ්රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්රතිභා මහානාමහේවා පැහැදිලි කළේය.
 
"නිරායුධ මිනිහෙකුට පහර දෙනවනම් ඊට එරෙහිවීමේ අයිතියක් අවට බලාගෙන ඉන්න පිරිසටත් තියෙනවා." ආචාර්ය ප්රතිභා මහානාමහේවා
"මේ හැම බලතලයකටම වඩා ඉහළයි 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ එකොලොස්වන වගන්තිය. එහි කියවෙනවා කෘර අමානුෂික වධ බන්ධනයන්ට කිසිවෙකු ලක් කළ නොහැකි බව.
එය ශාරීරික හෝ මානසික දක්වා විහිදෙනවා. මෙය සීමා කළ නොහැකි අයිතිවාසිකමක්."
නමුත් ඇතැමුන් පවසන්නේ පොලිස් නිලධාරියාට ද ඉවසීමේ සීමාවක් ඇති බවකි. ඔවුන්ද මනුෂ්යයන් බවය. එසේනම්, ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කල්හි හෝ පොලිස් නිලධාරියාට එරෙහිව යමක් පැවසු පමණින් හෝ ක්ෂණිකව දඬුවම් පැමිණවීමේ අභිමතයක් ඔහු සතු වේද?
"පොලිස් නිලධාරියෙක් රාජකාරියේ යෙදී සිටින විට යම් කෙනෙකු පොලිසියට පරිභව කළත්, නින්දා අපහාස කළත් ඔවුන්ට කළ හැක්කේ රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම පමණයි. නමුත් පොලිස් නිලධාරියා කියන්නෙත් සාමාන්ය මනුෂ්යයෙක්නේ.
ඒ අයත් ආවේගශීලී වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට පුහුණුවක් ලබා දීල තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ ආවේගයත් එක්ක වැඩ කරන්න බැහැ." ආචාර්ය මහානාමහේවා පැවසීය.
වැඩ අධික වී දැඩි වෙහෙසට පත් වූ විට ඕනෑම පුද්ගලයෙකු මානසික ආතතියකින් කටයුතු කළ හැකි බව පිළිගත් සත්යයකි. එය පොලිසියට ද වලංගුය.
පොලිස් නිලධාරියාට වැඩ අධික බව සැබවි. වෙහෙස අධිකය. ආතතියට පත්විය හැකිය
 
මේ වනවිට ශ්රී ලංකාවේ අවිනීත රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ අනතුරු වලක්වා ගැනීම සඳහා වාහන හැසිරවීම සිදු කෙරෙන්නේ ප්රධාන වශයෙන් පොලිසියේ මානව සම්පත යොදා ගනිමිනි.
එම රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්රී ලංකා පොලිසියේ රථවාහන අංශ සඳහා අනුයුක්ත කර ඇති සමස්ත පොලිස් නිලධාරීන්ගේ ගණන 9389කි.
"මුළු රටම ආවරණය වන පරිදි මහමග රාජකාරි සඳහා යෙදවීමට" රථවාහන අංශය සතු මිනිස් සම්පත "කිසිසේත්ම ප්රමාණවත් නොමැති" බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්යක්ෂ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ ද පිළිගත්තේය.
එසේනම්, පොලිස් නිලධාරියාට වැඩ අධික බව සැබවි. වෙහෙස අධිකය. ආතතියට පත්විය හැකිය. නමුත් සාමාන්ය සිවිල් වැසියාගෙන් පොලිස් නිලධාරියා වෙනස් වන්නේ කෙසේද?
ශ්රී ලංකා පොලිසියේ පවතින පරිපාලනමය දුර්වලතාවලට ජනතාව වන්දි ගෙවිය යුතු නැති බව නීතීඥ සේනක පෙරේරා අවධාරණය කරයි. ඔහු, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා ය.
"කිසි ලෙසකත් වධ හිංසා සාධාරණීකරණය කරන්න බැහැ, ඒ වගේ හේතු මත. විශේෂයෙන් ම පොලිස් නිලධාරියෙක් කියල කියන්නේ පොලිස් ආඥා පනත යටතේත්, ආයතන සංග්රහය යටතේත් ඒ වගේම ආණ්ඩු ක්රම ව්යවස්ථාව යටතේත් කටයුතු කළ යුතු කෙනෙක්. පොලිස් නිලධාරියා සතුව විශාල අභිමතයක් තියෙනවා.
කෙනෙක්ව හිරේට දානවාද, එළියට යවනවාද? නැත්නම් කෙනෙක්ව කරදරේක දානවාද? නිදහස් කරනවාද? මේවගේ දෙයක් තීරණය කිරීම සඳහා ඔහුට දැවැන්ත අභිමතයක් තියෙනවා. ඒ අභිමතය අවභාවිතා කළොත් ඉන් සමාජයට වෙන්නේ හානියක්. ඔහුට විශේෂ පුහුණුවක් දීල තියෙන්නේ ඒ නිසයි." ඔහු පැවසීය.
"ඒගොල්ලන්ට වැඩ වැඩියි, මහන්සියි කියල ඒකෙ වන්දිය ජනතාව ගෙවන්න ඕන නැහැ. මේක එහෙමනම් ශ්රී ලංකා පොලිසියේ වෘත්තීය භාවය පිළිබඳව ප්රශ්න කළ යුතු තත්ත්වයක්. ලෝකය පිළිගත් වෘත්තීය මට්ටමින් පොලිසිය ක්රියා කළ යුතුයි."
 
නීතීඥ සේනක පෙරේරා
 
"දේශපාලනඥයාට තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්න මේ 'නිල ප්රචණ්ඩත්වය' අවශ්යයි. ඒකෙන් තමයි මේ පොලිස් පහරදීම්වලට අනුග්රහය ලැබෙන්නේ." නීතීඥ සේනක පෙරේරා
 
සමාජ ක්රියාධරයෙකු වන නීතීඥ සේනක පෙරේරා, තමන්ගේ ආසන්නතම අත්දැකීමක් ගෙනහැර පාමින් එය තවදුරටත් පැහැදිලි කළේ මෙසේය.
"උදාහරණයක් හැටියට, අද මගේ සේවාදායිකාවක් පොලිසියට ගියාම එයාට එතන හිටපු නිලධාරියෙක් කුණුහරුපෙන් බැනල තියෙනවා.
එයා හෙදියක්. මේ තැනැත්තිය ඒගැන ඕ අයි සී ට කිව්වම එයා කියනවා 'අද අවුරුදු හින්ද එයා බීලානේ ඉන්නේ.. ඒක ගණන් ගන්න එපා' කියල. උසස් මාර්ගෝපදේශයන් යටතේ ක්රියාත්මක විය යුතු පොලිසියකට ඔය ගමේ කතාව හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ දැවෙන ප්රශ්න, ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්රශ්න තමයි පොලිසියට යන්නේ. ඒවත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බැහැනේ."
කෙසේ නමුත් මෙම තත්ත්වය යහපත් අතට හරවා ගැනීම සඳහා පුරවැසියන් මත විශාල වගකීමක් පැවරෙන බව ආචාර්ය ප්රතිභා මහානාමහේවා පවසයි.
"පොලිසිය වගේම ජනතාවත් විනය ගරුක වෙන්න ඕන. පොලිසිය විතරක් හදලත් හරියන්නේ නැහැ. දෙපැත්තම හැදුනොත් තමයි සමාජය යහපත් වෙන්නේ. අපි මේක අවස්ථාවක් කර ගන්න ඕන දෙපැත්තටම අධ්යාපනයක් දෙන්න. කොහොම නමුත් පොලිසියට බැහැ අවේගශිලීව හැසිරෙන්න. ඒ සඳහා වෙනත් ක්රමවේද තියෙනවා."
 
"නිල ඇඳුමක් ඇඳගෙන හිටියත් එයා ක්රියා කරන්නේ සද්භාවයෙන් නොවෙයි නම් අසල සිටින අයට පවා ඒ නිලධාරියාට එරෙහිව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ කටයුතු කිරීමට අයිතියක් තියෙනවා."
නමුත් නීතිඥ සේනක පෙරේරා වරද පටවන්නේ ශ්රී ලංකාවේ දේශපාලනඥයා මතය. ඔහු මෙය දකින්නේ 'නිල ප්රචණ්ඩත්වයක්' ලෙසිනි.
"මේ පොලිස් වධ හිංසා පිළිබඳව අවුරුදු ගණනාවක ඉතිහාසයක් තියෙනවා. සමහරු කිව්වා මේක යුද්ධය නිසා ඇතිවෙන දෙයක් කියල. නමුත් යුද්ධය ඉවරවෙලා දැන් දශකයකටත් වැඩි කාලයක් ගත වෙලානේ. ඒත් වධ හිංසාව තාමත් දියත් වෙනවා.
මේකට හේතුව දේශපාලනය. දේශපාලනඥයන් තමයි පොලිසිය මෙහෙයවන්නේ. දේශපාලනඥයාට තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්න මේ 'නිල ප්රචණ්ඩත්වය' අවශ්යයි. එකෙන් තමයි මේ පොලිස් පහරදීම්වලට අනුග්රහය ලැබෙන්නේ."
ඔහුගේ තර්කය මත නම් ශ්රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය නොවෙනස්ව පවතින තාක් මෙවැනි පොලිස් පහරදීම් ද පවතිනු ඇත.
 
එසේ නම්, සාමාන්ය ජීවිතයේදී ඕනෑම පුරවැසියෙකුට පවතින 'ආත්මාරක්ෂාවේ අයිතිය', පොලිසියෙන් පහර දීමක් සිදුවන අවස්ථාවේ දී ජනතාවට රැකවරණයක් වේවිද?
"යම්කිසි විදියක සුළු සුළු වැරදිවලට පොලිසිය පහරදීමක් සිදු කරනවානම් ආත්මාරක්ෂාව සලසා ගැනීමේ අයිතිය යටතේ ඊට එරෙහිව ක්රියා කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. පිහියක් හෝ වෙනත් දරුණු ආයුධයක් අතැතිව ඉන්න කෙනෙක් මෙල්ල කිරීමේදී පහර දීම වෙනම කාරණයක්. එතනදීත් කළ යුත්තේ අවම බලය භාවිතා කිරීම පමණයි. නිරායුධ මිනිහෙකුට පහර දෙනවනම් ඊට එරෙහිවීමේ අයිතියක් අවට බලාගෙන ඉන්න පිරිසටත් තියෙනවා." ආචාර්ය මහානාමහේවා පැවසීය.
මෑතකදී මහරගම, පන්නිපිටිය ප්රදේශයෙන් වාර්තා වූ පොලිස් පහරදීම දෙසට නැවත යොමු වෙමු. මෙය ඇතැමුන් හැඳින්වූයේ 'පොලිස් රෙස්ලින්' යනුවෙනි. සමාජ මාධ්ය ඔස්සේ මෙම සිදුවීම සරදමට, උපහාසයට ලක්වෙද්දී විද්වත් කතිකාවන්ට ද පාදක විය. ජනතා කෝපය ද මතු විය.
'ගැහුවොත් ගහන ජනප්රිය සංකල්පය' තැන තැන කියවෙන්නට, ලියැවෙන්නට පටන් ගත්තේ ඒ ජනතා කෝපය පිට කර ගැනීමට විය හැකිය.
"මේ අවස්ථාවේ පොලිසිය පහර දෙන්නේ නිරායුධ පුද්ගලයෙකුට. කිසිවෙකුට හානියක් පීඩාවක් කළ හැකි කිසිම ආයුධයක් හෝ පුපුරන ද්රව්යයක් ඔහු අතේ නැහැ. ඒ පුද්ගලයාව මෙල්ල කිරීම සඳහා මේ විදියට පහර දිය යුතු නැහැ." නීතිඥ සේනක පෙරේරා පැහැදිලි කළේය.
"දණ්ඩ නීති සංග්රහයේ තියෙනවා පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියල දෙයක්. සරලව කියනවනම්, යම් කෙනෙකුව බරපතල ලෙස තුවාල කිරීමට හෝ මරණයට පත් කිරීමට උත්සාහ කරනවානම් ඉන් බේරීම සඳහා, ඊට එරෙහිව, ඒ පුද්ගයයා තුළින් එලියට එන ප්රතික්රියාව තමයි පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියල කියන්නේ."
"නමුත් 92 වගන්තියේ තියෙනවා නිල ඇඳුමින් සැරසුණු කෙනෙක් යම් පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කරන්නේ සද්භාවයෙන් නම් අනෙක් පුද්ගලයාට එතනදී පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ නැහැ කියල. එතකොට 52වැනි වගන්තියෙන් විස්තර කෙරෙනවා මොකක්ද මේ සද්භාවය කියන්නේ කියල. නිසි සැලකිල්ලක් හෝ නිසි අවධානයක් නොමැතිව කටයුතු කරනවානම් ඒක සද්භාවය නොවෙයි. මේ මහරගම සිද්ධියේදී ඇත්තටම අපට සද්භාවයක් දකින්න බැහැ. ඒ මනුස්සයව පාලනය කරගන්න මීට වඩා සරල විදියට කටයුතු කරන්න තිබුණා. මේ විදියට උස්සල පොලවේ ගහල, ඇඟ උඩට පැනල... ඇත්තටම කියනවනම් මේක මිනී මැරීමට තැත් කිරීමක් කියලයි නඩු දාන්න ඕන. මේ වගේ අවස්ථාවක පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්රියාත්මක කරන්න හැකියාව තියෙනවා." ඔහු පැවසීය.
ඇතැම් අවස්ථාවක දී පහර කෑමට ලක්වන පුද්ගලයාට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට තරම් ශාරීරික ශක්තියක් නොමැති විය හැකිය. එවැනි අවස්ථාවක අවට සිටින පිරිසට ඒ වෙනුවෙන් ක්රියා කිරීමේ අයිතියක් පවතී ද යන්න ඇතැමුන් ප්රශ්න කර තිබුණි.
 
"පහර කෑමට ලක්වන පුද්ගලයා විසින් පමණක් නොවෙයි, ඒක දකින වෙනත් පුද්ගලයෙකුට වුනත් හැකියාව තියෙනවා පීඩාවට පත්වන පුද්ගලයාව බේරා ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්රියාත්මක කරන්න. නිල ඇඳුමක් ඇඳගෙන හිටියත් එයා ක්රියා කරන්නේ සද්භාවයෙන් නොවෙයිනම් අසල සිටින අයට පවා ඒ නිලධාරියාට එරෙහිව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ කටයුතු කිරීමට අයිතියක් තියෙනවා." නීතිඥ සේනක පෙරේරා ප්රකාශ කළේය.
"මේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන එක කෙනෙකුගේ මරණය දක්වා විහිදෙන දෙයක්. ඔය මහරගම සිද්ධියේදී පහර කෑමට ලක් වන්නේ නිරායුධ කෙනෙක්නෙ. එහෙමනම් ඕනෑම කෙනෙකුට තේරෙනවා මේක සද්භාවයෙන් කරන රාජකාරියක් නොවෙයි කියල. මෙතනදී ඕනෑම කෙනෙකුට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ ඊට එරෙහිව ක්රියා කරන්න පුළුවන්. එම නිලධාරියා මෙල්ල කර ගැනීමට නොහැකි නම් එය පෙරලා පහරදීමක් දක්වා දුරදිග යන්නත් පුළුවන්." ඔහු තවදුරටත් පැවසීය.
 
කෙසේ නමුත්, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය 'කෝකටත් තෛලය' නොවන බව මෙම නීතිවේදියා අවධාරණය කර සිටී. එබැවින් එය ක්රියාත්මක කිරීමට පෙර හොඳින් හදාරා සිටීම වැදගත්ය.
"මට ගැහුවොත් මම ගහනවා කියල පොදුවේ ජනප්රිය කතාවක් තියෙනවා. නමුත් මම කියන්නේ, යම් පහර කෑමකට ලක්වීමේදී එයින් තමන්ගේ ජීවිතයට හානියක් හෝ බරපතළ තුවාලයක් ඇතිවෙයි කියල සාධාරණ සැකයක් ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක දී පමණයි, මේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය තමන්ට තියෙන්නේ.
මේක අපරාධ නීතියේ මූලික විත්ති වාචකයක්. තමන්ගේ ජීවිතය හෝ තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි මම පෙරළා පහර දුන්නේ කියල ඔප්පු වුනොත් උසාවිය ඒක පිළිගන්නවා." නීතිවේදී සේනක පෙරේරා ප්රකාශ කළේය.
නමුත් පොලිස් පහර දීමක් සිදුවන විට මහජනතාව ඊට එරෙහිව නැගී සිටින අවස්ථා ඉතා විරලය. අධිකරණ පද්ධතියේ පවතින දුර්වලතාව ද ඊට හේතු වී ඇති බව ඇතැමෙක් පෙන්වා දෙති. සමාජයේ පවතින සාම්ප්රදායික මත හා බිය ඊට ප්රධාන හේතුවක් බව තවෙකෙක් පවසති.
 
"පැය 24ක් ගතවෙන්නත් කලින් සියලුම තොරතුරු සොයා ගත්තා. ඒ පොලිසියේ දක්ෂතාවය නිසා. අන්න ඒකට ඉන්නවා SOCO කියන ඒකකය"
"පහර දෙන විට අහන්න පුළුවන් මොකක්ද කරලා තියෙන වරද කියල. ඒකට උත්තරයක් නැත්නම් 119 සහ 1996 ට කතා කරලා දැනුම් දිය හැකියි. නමුත් ඔවුන් පැමිණෙන තුරු පහරකෑමට ලක්වන පුද්ගලයා බේරා ගැනීමට මහ ජනතාවට ඉදිරිපත් විය හැකියි. එතනදී ආත්මාරක්ෂාවේ අයිතිය ක්රියාත්මක වෙනවා."
"ඒත් කීයෙන් කීදෙනා ද එහෙම ඉදිරිපත් වෙන්නේ. ඇයි ඉදිරිපත් නොවෙන්නේ? ජනතාව දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ උසාවි ගානේ රස්තියාදු වෙන්න සිදු වෙනවා කියල.
අන්න ඒ යාන්ත්රණයත් හැදෙන්න ඕනා. ඉක්මණින් නඩු අහල ඉවර කරන යාන්ත්රණයක් හැදුණොත් ජනතාව ක්රියාශීලී වේවි. මේවා එකකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. එකක් විතරක් හදන්න බැහැ." ඒ ආචාර්ය මහානාමහේවා ගේ මතයයි.
 
'කළු ගලේ ඔලුව ගහ ගන්නවා'
එහෙත් නීතිවේදී සේනක පෙරේරාගේ මතය වන්නේ පුරවැසියා තම අයිතිවාසිකම් පිළිබඳව මීට වඩා දැනුවත් වී ඒවා රැක ගැනීම සඳහා සාමුහිකව කටයුතු කළ යුතු බවය.
"අපේ මුල්බැසගත් සාම්ප්රදායික මතයක් තියෙනවා නිල ඇඳුම් ඇඳගත් අය කරන දේවල් ඔක්කොම හරි, ඒවාට එරෙහි වෙන්න බැහැ කියල. ප්රතිපත්තියක් හැටියට එකෙන් මිදෙන්න ඕන.
ඒ සඳහා ජනතාව දැනුවත් වෙන්න ඕන. මේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කියන්නේ බත් කන එකයි, බස් එකේ යන එකයි විතරක් නෙවෙයි. ඉන් එහාට ගොඩාක් අයිතිවාසිකම් පුරවැසියන්ට තියෙනවා. ඒවා ගැන දැනුවත් වෙලා කටයුතු කරන්න ඕන."
 
අහිංසක ජෙරාඩ් සහ දරුණු ජෙරාඩ්
"පොලිසියට එරෙහිව ගියොත් මාව තවටිකක් හිර කරයි, තද කරයි; කළු ගලේ ඔලුව ගහ ගන්නවා වගෙයි.. ඔය වගේ සාම්ප්රදායික මත ටිකක් තියෙනවා. ඒවායින් මිදිලා ප්රජාවක් විදියට දනුවත්වෙලා තමයි මේක ඉදිරියට යන්න වෙන්නේ. දේශපාලකයාත් දැන ගන්න ඕන මිනිස්සුන්ගේ අයිතිකාරයා තමන් කියල හිතාගෙන, පොලිසිය යොදාගෙන වැඩ කරගන්න එක නවත්වන්න." ඔහු පැවසීය.
අයිතිවාසිකම් කෙසේ වෙතත්, සියලු පොලිස් පහරදීම් එළිමහනේ සිදු නොවේ. පොලිසිය තුළ සිදුවන පහර දීමක දී මෙකී අයිතීන් ප්රයෝගික වේද? තමන්ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් පොලිසිය තුළදී පියවරක් ඉදිරියට තැබූ ඇතැම් උදවියට අත්වූ ඉරණම පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්රතිභා මහානාමහේවා අතීත නඩු වාර්තා දෙකක් ගෙන හැර පෑවේය.
"එකක් තමයි ජෙරාඩ් පෙරේරා එරෙහි නීතිපති කියන නඩුව. ජෙරාඩ් නමින් දෙන්නෙක් ඉන්නවා වත්තල ප්රදේශයේ. එක්කෙනෙක් අහිංසකයි. අනිත් එක්කෙනා ටිකක් දරුණු ජෙරාඩ් කෙනෙක්. වත්තල පොලිසියේ අපරාධ අංශයේ ප්රධානියා අත්අඩංගුවට ගන්නවා එක ජෙරාඩ් කෙනෙක්. එයාට පොලිසිය ඇතුළේදී දිගටම පහර දුන්නා. එයත් උත්සාහ කළා පහර කෑමෙන් බේරෙන්න. එයා ප්රතිවිරෝධයක් දැක්වුවා. නමුත් මේක සිද්ධවෙන්නේ පොලිසිය ඇතුළේදී. පොලිසියෙන් ආ ප්රතිවිරෝධය ඊට වඩා වැඩි වුණා.
ලේ වමනේ යනකල් ගැහුවා. අන්තිමට බැලුවම මේ ගහල තියෙන්නේ අහිංසක ජෙරාඩ්ට. එයාව රෝහල් ගත කළා. එයාට වන්දි ගෙවන්න නියෝග ලැබුනා උසාවියෙන්."
"අනිත් උදාහරණය තමයි ශ්රියානි ද සිල්වා එදිරිව ජානක ඉද්දමල්ගොඩ නඩුව. පයාගල පොලිස් ස්ථානාධිපති සම්බන්ධ නඩුව. ඇත්තටම මෙතනදී අත්අඩංගුවට ගෙන තිබුණේ හොරෙක්. එයා මාල කඩන කෙනෙක්. එයාටත් ගහල ගහල නාගොඩ රෝහලට ගෙනාව. මේ පුද්ගලයත් පහර කෑමෙන් බේරෙන්න උත්සාහ කරපු කෙනෙක්. නමුත් පොලිසිය ඇතුළේදී ඒක කරන්න අමාරුයි."
පොලිසිය තුළ සිටියදී පුද්ගලයෙකු පහරකෑමට ලක්වීම "ඉතා අවාසනාවන්ත තත්ත්වයක්" ලෙස නීතිවේදී සේනක පෙරේරා ද පිළිගන්නා අතර පහරකෑමට ලක්වන තැනැත්තා එහිදී වඩාත් අසරණ වන බව ඔහු පවසයි.
 
ඝාතන, වධහිංසා "රැල්ලක් ද?" නීතිය දැනගමු ද?
ශ්රී ලංකාවේ 'පොලිස් කෲරත්වය' වැඩිවීමේ ප්රවණතාවක් තිබේද?
"අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් සහ වධ හිංසා"
ඊට එක හේතුවක් ලෙස ඔහු දක්වන්නේ පහර කෑමට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් සාක්ෂියක් ලබා දීමට පොලිසිය තුළ සේවයේ සිටි කිසිවෙකු ඉදිරිපත් නොවීමය.
 
එබැවින්, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පොලිසිය තුළදී නොවේ.
"මේකට තමයි පාලකයෝ මැදිහත් වෙන්න ඕන. පොලිසියට CCTV කැමරා සවි කිරීම, විමර්ශනයන් සහ ප්රශ්න කිරීම් මධ්යස්ථ නිරීක්ෂකයන් හමුවේ සිදු කිරීමට පහසුකම් සැලසීම වගේ දේවල් රජයෙන් කෙරෙන්න ඕන. එවැනි යාන්ත්රණයක් හැදෙන්න ඕන. දැනට තියෙන මට්ටමේ හැටියට පොලිසිය තුළ දී පහර දීමක් වුනොත් සමහර වෙලාවට ඒ පැමිණිල්ල ඒ පොලිස් ස්ථානය භාර ගන්නෙත් නැහැ." ඔහු පැවසීය.
එවැනි අවස්ථාවක දී අදාළ පොලිසිය විසින් පැමිණිල්ල භාරගැනීම ප්රතික්ෂේප කරනු ලබන්නේ නම් පළාතේ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ පැමිණිල්ලක් කිරීමේ පහසුකම් සලසා තිබේ. එසේත් නොමැතිනම් පොලිස්පතිවරයාගේ කාර්යාලයට ද පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ද මෙවැනි පැමිණිලි භාර ගනී. වධ හිංසාවන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරියේ ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව නීතිවේදියෝ පවසති.
 
"ඒකට පහර දෙන්නම ඕන නැහැ"
"මේ සියල්ල තිබුණත් ඒවා ක්රියාත්මක කිරීම සඳහා නිසි යාන්ත්රණයක් නැතිනම් වැඩක් නැහැ.
නිකමට හිතල බලන්න, සාමාන්ය කෙනෙකුට පුලුවන්ද නීතිපතිවරයා හමුවෙන්න.
හමුවෙන්න වෙලාවකවත් දේවි ද? ඒකයි කියන්නේ නීති ක්රියාත්මක වීම සඳහා නිසි යාන්ත්රණයක් පැවතිය යුතුයි. ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවකින් ජනතාව වෙනුවෙන් ඒ වටපිටාව සකස් කර දිය යුතුයි. ඒක ආණ්ඩුවේ වගකීම. එහෙම දවසක් උදා වුණොත් පොලිසියට වධ හිංසාව පවත්වාගෙන යන්න ලැබෙන්නේ නැහැ.
දේශපාලකයා එහෙම නොකරන්නේ ඇයි කියල ජනතාව තේරුම් ගත යුතුයි." නීතිඥ සේනක පෙරේරා ප්රකාශ කළේය.
පොලිසිය තුළ දී සිදුවන පහර දීම් බොහෝ විට සාධාරණීකරණය කෙරෙන්නේ අපරාධ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අවම බලය යෙදවීමක් සිදුකළ යුතු බව පැවසීමෙනි. නමුත් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා පවතින එකම මාර්ගය පහරදීම පමණක් දැයි ඇතැමුන් ප්රශ්න කරති.
කෙතරම් පහරදීම් සිදු වුවත් රටේ අපරාධ අඩුවී ඇති බවක් නම් පෙනෙන්නට නැත. එසේනම්, මෙම පහරදීම්වලින් ප්රතිඵල ලැබී ඇත්දැයි කෙනෙකු ප්රශ්න කළ හැකිය. මින් කියවෙන්නේ පහරදීම් පසෙක තබා අපරාධයක් හෙළිදරව් කර ගැනීම සඳහා වෙනත් කිසිදු යාන්ත්රණයක් ශ්රී ලංකා පොලිසිය සතුව නොමැති බව ද?
"මම උදාහරණයක් හැටියට නඩු තීන්දුවක් පෙන්වන්නම්. ජ්යෙෂ්ඨ විනිශ්චයකාර සරත් අඹේපිටිය මහතාව වෙඩි තබා ඝාතනය කළා. පොලිස් පරීක්ෂක රත්නායකටත් එතැනම වෙඩි තබා ඝාතනය කළා. පැය 24ක් ගතවෙන්නත් කලින් සියලුම තොරතුරු සොයා ගත්තා. ඒ පොලිසියේ දක්ෂතාවය නිසා. අන්න ඒකට ඉන්නවා SOCO කියන ඒකකය. ඒගොල්ලෝ තමයි අද පවතින නවීන තාක්ෂණය ඔස්සේ තොරතුරු සොයා ගන්නේ. ජංගම දුරකතනයක චිප් එකෙන් පුළුවන් ආගිය තැන්, ඇසුරු කළ පිරිස ආදී බොහෝ දේ අනාවරණය කර ගන්න.
ඒකට පහර දෙන්නම ඕන නැහැ." ආචාර්ය මහානාමහේවා පැහැදිලි කළේය.
"මේ හැම දේටම වඩා වැදගත් අපරාධ වැළක්වීමේ විද්යාව. එම හැදෑරීම් ඔස්සේ ලංකාවේ බොහෝ අපරාධ අඩුකර ගත හැකියි. නවීන තාක්ෂණය, මහජනතාවගේ සහාය සහ විද්වත් කමිටු සහාය පොලිසිය ලබා ගත යුතුයි."
"යම් හෙයකින් පොලිස් නිලධාරියෙක් වරදක් කළොත් අපි නීතිය අතට ගන්නවට වඩා, යාහැකි තැන් ගොඩක් තියෙනවා.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තියෙනවා. ඔම්බුඩ්ස්මන්වරයා ඉන්නවා. පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව තියෙනවා. නීතිපතිවරයාට මහජන පෙත්සම් ඉදිරිපත් කරන්න පුළුවන්. උසාවියෙන් නම් ශ්රේෂ්ඨාධිකරණය දක්වා යන්න පුළුවන්. ජනතාව මේවා ක්රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් විය යුතුයි." ආචාර්ය මහානාමහේවා අවධාරණය කළේය.
 
උපුටා ගැනීම - BBC සිංහල
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top