දිවයින් පුරා පැය 18ක කාලයක් තුල සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 18 වනදා දහවල් 12 සිට ඊයේ (19) උදෑසන 06 දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන් වැඩි වශයෙන් මාර්ග නීති උල්ලංඝනය කරන අයුරු මෙම විශේෂ රථවාහන මෙහෙයුමේදී නිරීක්ෂණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.