Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
20
“ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා බලන්නේ නැහැ. අහුවුණොත් මරනවා” - මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ගුටි බැට හුවමාරු කරගත් හැටි

- “ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා බලන්නේ නැහැ. අහුවුණොත් මරනවා” - මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ගුටි බැට හුවමාරු කරගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,925 Views
“ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා බලන්නේ නැහැ. අහුවුණොත් මරනවා” කියා තර්ජනය කරමින් මහරගම නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන රසිකා ගුණසිංහ නමැති පස්මස් ගැබිනි මන්ත්‍රිවරියකට නගර සභා ගොඩනැඟිලි පඩිපෙළකදී පහරදුන් බව කියන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරියක් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සිද්ධිය සම්බන්ධයෙන් සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසද ඊයේ (19දා) නියෝග කළේය.

එසේ ඇප මත මුදා හැරුණේ මහරගම නගර සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරියක් වන ඉනෝජා මුණසිංහ නමැත්තියකි.
 
පහර කෑමට ලක්වූ බව කියන රසිකා ගුණසිංහ මහත්මිය මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එසේ ඇප මත මුදාහැරිණි.
 
පැමිණිලිකාර මන්ත්‍රිවරිය පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මහරගම නගර සභාවේ උප සභාපතිවරයකු වන මියගිය කරෝලිස් රාජපක්ෂ නමැති අයකුට අවසන් ගෞරවය සඳහා ඔහුගේ දේහය ඉකුත් 15දා මහරගම නගර සභා ගොඩනැඟිල්ලේ තැන්පත් කර තිබූ අවස්ථාවේ තමන්ද එම දේහයට අවසන් ගෞරව දක්වා පස්වරු 5.30ට පමණ එම නගර සභා ගොඩනැඟිල්ලේ ඉහළ මහලයේ සිට තවත් මන්ත්‍රිවරියන් පිරිසක් සමඟ පහළට බසිමින් සිටින විට සැකකාර මන්ත්‍රිවරියද පහළට බසිමින් සිටි බවත් “ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා බලන්නේ නැහැ. අහුවුණොත් උඹව මරනවා” කියා තර්ජනය කරමින් ඇය තමාට පහරදුන් බවයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය ඊයේ අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් සිල්වා මහතා කියා සිටියේ පහරකෑමට ලක්වූ මන්ත්‍රිවරිය මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇය ගැබිනියක් බවත්ය.
 
කානුවක් සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙරදී සිදුවූ කතාබහක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවත් ඇය ගැබිනියක් බව දැන දැනම මෙම පහරදීම සිදුකර ඇති බවට කරුණු වන බවත් ඇය දින කිහිපයක් පොලිසිය මඟහැර සිට පසුව පොලිසියට භාරවී ඇති බවත් නීතිඥ ප්‍රදීප් සිල්වා මහතා පැවැසීය.
 
සැකකාර මන්ත්‍රිවරිය වෙනුවෙන් කිත්ති උඩවත්ත, සුනිල් හෙට්ටිආරච්චි සමඟ ජේ‍යෂ්ඨ නීතිඥ විදුර පී. මංචනායක යන මහත්වරුන් පෙනී සිටි අතර එහිදී කරුණු දැක්වූ විදුර පී. මංචනායක මහතා කියා සිටියේ මෙය පහරදීමක් නොව බහින්බස් වීමක් පමණක් බවත්ය.
 
තවද ඇය පොලිසිය මඟහැර නොමැති බවද අවුරුදු සමයේ සැකකාර මන්ත්‍රිවරිය ප්‍රදේශයෙන් පිට සිට ඇති බැවින් පොලිසියට ඉදිරිපත් වීමට නොහැකි වී ඇති බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ මෙය සුළු සිද්ධියක් බවත් සමථ මණ්ඩලයක් තුළින් විසඳා ගැනීමට හැකියාව ඇති බවත්ය.
 
දෙපාර්ශ්වය දැක්වූ කරුණු පිළිබඳ අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේය. 
 
කුමුදු උපුල් ශාන්ත
පන්නිපිටිය _ හෂාන් පුෂ්පික
කොළඹ _ ජයසිංහ
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top