ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංචාරකයින් මෙරටට යළි ගෙන්වා ගැනීම සඳහා සිදුකරන මූලික පියවරක් ලෙස ඉන්දියානු මාධ්‍යවේදීන් සහ සංචාරක වෙළද වෘත්තිකයින් පිරිසක් පසුගිය දා මෙරටට රැගෙන එනු ලැබුවා.
ඔවුන් ජෛව බුබුළු සංචාරක ක්‍රමවේදය යටතේ රැගෙන යන බවටයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහන් කළේ.
අදාළ පිරිස දින 7ක් පුරා මෙරට සංචාරයක ද නිරත වී තිබෙනවා.
ජෛව බුබුළු සංකල්පය යටතේ රටේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව දැනුමක් ලබාදීම සහ විශේෂයෙන් ඉන්දියානු සංචාරකයන් අතර විශ්වාසය ඇති කිරීම මෙහි මූලික අරමුණයි.