Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
"දුම්රිය වේදිකාවේ පොඩි දුවෙක් එක්ක නිදා ගන්න ලැජ්ජ නැද්ද.? මෙතන නිදාගන්න එක කාටවත් කරදරයක් නැත්නම් මොකක්ද ප්‍රශ්නේ.?" - අපේ මිනිස්සුන්ට ලැජ්ජා හිතෙන්න බෙන්තොටදී සුදු මහත්තයෙක් දීපු උත්තරේ - Photos

- "දුම්රිය වේදිකාවේ පොඩි දුවෙක් එක්ක නිදා ගන්න ලැජ්ජ නැද්ද.? මෙතන නිදාගන්න එක කාටවත් කරදරයක් නැත්නම් මොකක්ද ප්‍රශ්නේ.?" - අපේ මිනිස්සුන්ට ලැජ්ජා හිතෙන්න බෙන්තොටදී සුදු මහත්තයෙක් දීපු උත්තරේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,410 Views
බිරිඳට පොඩි සද්දයක් දැම්මා නම් එක්කං යන්න තිබුණානේ...
මටයි චුටි දුවටයි අද ගාලු කොටුව බලන්න ඕනේ...
බිරිඳටයි ලොකු දුවටයි මුහුදේ නාන්න ඕනේ..
 
අපේ රටේ සංස්කෘතිය ගැන සදාචාරය ගැන විවිධ අයට තියෙන්නේ අමුතු අමුතු මත.
මහන්සියකට පාරක කෙනෙක් ඉදගෙන හිටියොත් ඒ දිහා කී දෙනෙක්නම් අමුතු කෝණයකින්බලනවද..?
සමහරු හිතන්න පුළුවන් මේ මනුස්සයට පිස්සු.. එහෙමත් නැත්නම් බීලා.. නැත්නම් ලැජ්ජාවක් නැද්ද කියලා..
ඒ වගේම තමයි පවුල් ජීවිතයක් ගතකරද්දිත්.. විවිධ නීති දාලා හිර ගෙදරක ඉන්නවා වගේ තමයි ජීවත් වෙන්නේ.

ඒ විදිහට අපේ රටේ අය හිතද්දි වෙනස්ම කතාවක් ගැන තැබූ අපූරු සටහනක් තමයි මේ.. කියලා බලන්න ඔබත් මේ කතාව...
 
බෙන්තොට දුම්රිය වේදිකාව....
අප්රේල් මස ග්රිෂ්ම දිනයකි...වහලක් නොමැති දුම්රිය වේදිකාවේ හිරු ගේ දැඩි රෂ්මිය දුම්රිය වේදිකාව මත පතිතවි ඇත....
වේදිකාවේ කොනක ඇත්තේ කොට්ටම්බා ගසකි...ඒ ගස යට සිසිල් සෙවන ගෙන දි තිබුනේ කාටත් පරාජය කල නොහැකි හිරු ...පරාජය කිරිමෙන් නොව, එකට එක් විමෙන් ජයගත් කොට්ටම්බා ගස විසිනි...!!!
ගස යට..සේවනේ..දුම්රිය වේදිකාව මත දෙදෙනෙක් වැතිර සිටි. බැලු බැල්මට වයස අවු 40-45 පමන වන හැඩිදැඩි පුද්ගලයෙකු හා වයස අවු 7-8 පමන සිගිති දියනියකි..
පෙනුමෙන් යුරොපිය සංචාරකයන් බව වටහා ගැනිමට අපහසු නොවිය..
ඔවුන්ට කරදරයක් නොමැත.කතා කිරිම කරදරයක් විය හැක....එම නිසා මා ඔවුන් දෙදෙනා දෙස මදක් ඇතින් බලා සිටියේ ⁣,මේ දසුන මගේ දෙනෙතට හා හදවතට නුහුරු නුපුරුදු ගතියක් ගෙන දුන් නිසාය...
ගාලු යැමට පැමිණියද ..මා හට පසුව දැන ගන්නට ලැබුනේ එදින දුම්රිය විනාඩි 20 ක් පමන ප්රමාද බවයි...විනාඩි විස්සනේ ...ඇති වැඩකුත් නැ..ඔන්න ඔහේ ඉන්නවා...
කාලය කෙමින් කෙමින් ගත විය..දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්රය ක්රියාත්මක විය..."අද දින ප.ව 2.25 ගාල්ල බලා ධාවනය විමට නියමිත දුම්රිය තවත් විනාඩි 10 ක් පමන ප්රමාද බව කරුණාවෙන් සලකන්න" පිළිවෙලින් දෙමලෙන් හා ඉංග්රීසියෙන් එය විකාශනය වුණි.
මෙය ඇසුන නිදා නොනිදා සිටි සංචාරකයා ඔලුව උස්සා වට පිට බැලිය..මා දුටු ඔහු මද සිනාවකින් මුව සරසා "හායි" කියා අතින් සංඤාවක් කරන ලද්දේ සුහදත්වය පෙන්විමටය..
මාද සුහද සිනාවකින් මුව සරසා ඔවුන් සිටින දිසාවට ගමන් කලා...මා අසලට පැමිණෙන විට නැගි සිටි සංචාරකයා...කතාව ආරම්බ කළා.
"කොහොමද" ?
හොදින් ඉන්නවා...ඔබලාට කොහොමද..?
"අපි හොදින්"....
සිගිති දියණිය තවමත් බිම වැතිරි...සිටි..ඇය නින්දක...
මේ ඔබගේ දියනියද..?
"ඔව් මේ මගේ එක් දියනියක්"
ඔබට තවත් දරැවන් සිටිද..?
"ඔව්" " මිට ලොකු වයස අවු 16 ක දියනියක් සිටිනවා" ඇය අම්මත් එක්ක මුහුදේ පිනලා හොටලේ ටිකක් විවේකය ගන්න ඕනේ කිව්වා"
අපි දෙන්නා ගාලු කොටුව බලන්න දුම්රියේ යනවා..."අද දුම්රිය ප්රමාදයි නේද.."
ඔව් අද දුම්රිය වෙනදා වගේම ප්රමාදයි...
සංචාරකයාට එය වැටහුනේ නැත...
"එ කිව්වේ."...!වෙනදා වගේම කිව්වේ."..???
මට මොවුන් ලංකාවේ පුරවැසියන් නොවන බව මදකට අමතක වුණා...
සමාවෙන්න...ලංකාවේ දුම්රිය සාමාන්යයෙන් කොහොමත් පරක්කු වෙනවා....අසාමාන්යයෙන් වෙන දේ තමයි වෙලාවට එන එක......
මම සිනා සුනේ ලැජ්ජාවෙනි...මම මටම ලැජ්ජ විය...
මම කතාව වෙනතකට යොමු කරමින් මගේ හිතේ පැවති කුතුහලයට ඔහුගෙන් පිළිතුර බලාපො⁣රොත්තු විය....
පරාදින ,වහල්, වැඩවස මානසිකත්වයත් සමග මාගේ හඬ විවර විය....
දැන් ඔය දෙන්නා විතරද ගාලු යන්නේ....?
"ඔව්" "අපි දෙන්නා විතරයි"... "ඇයි එහෙම ඇහුවේ"..?
නැ...එතකොට බිරිදවයි ...තරුණ දුවවයි මෙහෙ දාල යන්න ඔයාට බයක් සැකයක් නැද්ද..?
ඔහු සිනා නොවිනි...සිනාව ඉබේම ගියා....!!!
⁣"මොනවට බය වෙන්නද...ඒගොල්ලො ඉන්නේ හොටලේනේ...අරක්ෂාව හොදයි..." දෙවනි කාරනය සැකයක් නැද්ද..කියන කාරනය."
"සැකයක් තියෙනවා නම් මම එයත් එක්ක මේ අවු 18 ක් ජිවත් වෙයිද"...? "මම එයාගෙන් අයින් වෙනවානේ"".......
"අනික වැදගත්ම කාරනය තමයි මම නිදහස අගයන මිනිහෙක්..අපිට අපේ සංස්කෘතිය තුලම එය උගන්නලා තියෙනවා...
මටයි චුටි දුවටයි අද ගාලු කොටුව බලන්න අවශ්යයි...බිරිදටයි ලොකු දුවටයි මුහුදේ නාන්න අවශ්යයි...ඉතින් අපි එකි නෙකාගේ නිදහසට ගරු කරලා මෙහෙම කළා.
මම යලිත් මගේ පරාදින වැඩවස්ම් මනසත් සමග හඩ විවර කලා....
බිරිදට පොඩි සද්දයක් දැම්මා නම් එක්කං යන්න තිබුනානේ"......
"ඔව්"..."එත් මම ඇයි එහෙම කරන්නේ" ඇයත් මනුෂ්යයෙක් ...ඇයටත් ජිවිතේ ආසාවන් අවස්ථා තියෙනවා...මම හා මගේ ආසාව වෙනුවෙන් ඇය සම්පුර්ණයෙන් කැපවිය යුතු නැ....
මගේ විනොදයට...ඇගෙන් බාධාවක් නැත්නම්...ඇගේ විනොදයට මගේ බාදවක් තිබිය යුතු නැ...අනිත මගේ විනෝදය මගේ මිස... ඇගේ වෙන්නේ නැ..."
"අපි අපේ නිදහස බුක්ති විදිනවා" ඒකේ ඇත්තේ සීමාවල් කීපයයි"
"මගේ හො ඇගේ නිදහස අපේ පවුලේ දියුනුවට හො පවුලේ අසමගියට බලපැමක් වෙන්න බැ"
"අපේ නිදහස අපේ ලමයින්ට බලපැමක් ඇති කරන්න බැ"
"අපේ නිදහස සමාජයට හිරිහැරයක් වෙන්න බැ.." එචචරයි...
මගේ දැස් රතුවිය...එය ලැජ්ජාවටද..සතුටටද,දුකටද මා නොදනි...
මගේ වැඩවසම්..පරාදින... ඊලග ප්රශ්නයද මම ඇසුවෙමි...
මේහෙම දුම්රිය වේදිකාවේ පොඩි දුවෙක් එක්ක නිදා ගන්න ලැජ්ජ නැද්ද..???? මම එසේ ඇසුවේ කිසිදිනක... අපට කෙතරම් වෙහෙස උවත් අප එසේ නොකරන නිසාවෙනි...
"ඇයි මම එහෙම නිදාගත්තාම මොකක්ද වැරැද්ද ..?"
"ඔබ කියන්නේ මම දුම්රිය එනකම් මේ ගිනි අවුවේ දුවවත් කර ගහගෙන ඉන්න ඕනේ කියලද"?...
"මම මෙතන නිදාගන්න එකෙන් කාටවත් කරදරයක් නැත්නම් මම මොකද එහෙම නොකරන්නේ."....." අනික මම මොකටද ලැජ්ජා වෙන්නේ...මම හොරකමක් කරනවා නෙමෙයිනේ.........මම ටිකක් මේ ගහ යට ඇලවුනා...එකෙන් කාටවත් හානියක් නැ...මමත් දුවත් සතුටින් හිටියා..."
"මම ජිවිතේ සැම විටම මගේ නිදහස බුක්ති විදිනවා"...."ඒකට මම ලැජ්ජ වෙන්නේ නැ...මම ලැජ්ජ වෙන්නේ කාගේ හරි නිදහසට බාධා කරනවා නම් හෝ පොදු දේපල හොරා කනවා නම් විතරයි"....
"අන්න මගේ දුම්රිය එනවා....සමාවෙන්න මම ඒකට ගොඩ වෙන්න ඕනේ..." හමුවිම හා කතා කිරිම සතුටක්."...එහෙනම් සමු ගමු....!!!
මම ඔවුන් දෙස බලා සිටින ලදි...මගේ හිතේ තවත් ප්රශ්න
අපි මේ විදිහට දුම්රිය වේදිකාවේ නිදාගත්තොත් මිනිස්සු මොනවා කියයිද....?
ඇත්තටම අපි ලැජ්ජ වෙන්නේ ලැජ්ජ විය යුතු දෙයට නොවේ...ඒ වගේම අපි ලැජ්ජවිය යුතු දෙයට ලැජ්ජ⁣ නොවේ...
පොදු දේපල හොරා කන උන් ලැජ්ජා නොවේ...
මෙය අපට ඇතිකර ඇති මානසිකත්වයයි..සංචාරකයාගේ පෞර්ෂය ...නිදහස ගැන ඇති දැක්ම පුලුල්ය...මගේ සංස්කෘතිය තුලින්ද මගේ මේ පෞර්ෂය හා නිදහස තිරණය කර තිබෙන්නේ....???..මම නොදනිමි........!!!
 
ජීවක සුසන්ත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top