Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
19
පත්තිනි මෑණියන්ගෙන් දේවත්වයේ වරම ලබා සිටින, දරුවන් නැති කාන්තාවන්ට පිහිට වෙන මණිමේඛලා දෙවඟන

- පත්තිනි මෑණියන්ගෙන් දේවත්වයේ වරම ලබා සිටින, දරුවන් නැති කාන්තාවන්ට පිහිට වෙන මණිමේඛලා දෙවඟනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

298 Views
මණිමේඛලා දෙවඟන සොබාදහමේ සියලු ශක්තීන් නියෝජනය කරනවා.
ඇසට පෙනෙන සිතට දැනෙන බුද්ධ ශක්තිය විශ්වයේ සැරිසරන නොපෙනෙන දේව ශක්තීන් ඒ තුළ පවතින බව විශ්වාස කරනවා.
සිතේ ශක්තිය, සිතේ විශ්වාසය රැඳුණු බිම්කඩ කුමක්ද? හදවතේ ප්රාර්ථනාවන් රැඳුණු බිම්කඩක් ඇත්නම් ඒ මණිමේඛලා දෙවඟනගේ පුදබිමයි.
මතු බුදුවන පත්තිනි මෑණියන්ගෙන් වරම් ලැබූ මුහුදු දෙවඟන හෙවත් කරුණාවේ දෙවඟන නම් ඒ මණිමේඛලා දෙවඟනයි.

මණිමේඛලා දෙවඟන කියන්නෙ මුහුදට අධිපති දෙවඟනයි. කරදිය මෙන්ම මිරිදියටද අධිපතිකම් දරයි. පත්තිනි මෑණියන්ගෙන් දේවත්වයේ වරම ලබා සිටියි.
මණිමේඛලා දෙවඟනගේ මෑණියන් වනුයේ මාධවී යි. මාධවී ගැබ් ගනුයේ නෘත්ය රැජනක්ව සිටියදීයි.
මණිමේඛලා දෙවඟන ගැන විවිධ කතා ජනප්රවාදවල එනවා.
ඒ පත්තිනි මෑණියන් සීනිගම පුදබිම වැඩ සිටි කාලයයි. පත්තිනි මෑණියන් වෙත පැමිණි විෂ්ණු දෙවියන් පත්තිනි මෑණියන්ට පවසා සිටියේ මෑණියන්ගේ සහෝදරයන් හත්දෙනා මුහුදේදී අනතුරට ලක්ව සිටින බවයි. අනතුරට පත් සහෝදරයන් බේරාගැනීම පත්තිනි මෑණියන් පැවරුවේ මුහුදු දෙවඟනටයි.
ඒ මණිමේඛලා දෙවඟනටයි. දෙවඟන ඔරු හතක් මවා පත්තිනි මෑණියන්ගේ සහෝදරයන් හත්දෙනා ආරක්ෂා සහිතව ගොඩබිමට ගෙන්වා බේරාගත් බව සඳහන්.
දෙවඟන කළ මෙම උපකාරයට ප්රතිඋපකාර කරමින් තමන්ගේ පුදබිමත්, ඒ ආශ්රිත මුහුදු කලාපයේ හිමිකම මණිමේඛලා දෙවඟනට ලබාදෙමින් පත්තිනි මෑණියන් වැඩම කරනු ලැබුවේ නවගමුව පත්තිනි දේවාල බිමටයි.
පවරා දීම සමගම මණිමේඛලාවන්ට හිමිකර දෙනු ලැබූවේ දේවත්වයේ වරමයි. දේවත්වයේ වරම මණිමේඛලාවන්ට ලබාදෙමින් පත්තිනි මෑණියන් කළ ප්රකා‌‌ශයක්ද මණිමේඛලා කතාව සඳහන් කරයි.
“දියණියනි, මගේ පුදබිම දැන් තුන් ආකාරයකින් පූජනීය වී තිබේ. අද සිට මෙහි මව් දෙවඟනක් සිටියි. ඒ පත්තිනි දේවතාවිය වන මමයි. මතු දේවත්වයට පත්වන දෙවිවරු හත් දෙනෙක්ද සිටියි. ඒ මගේ සහෝදරයන් හත් දෙනායි. දේවත්වයට පත්වූ දේවතාවියක්ද සිටියි. ඒ මණිමේඛලා දේවතාවියයි. අද මේ තිදෙනා එකවිට, එකට මුණ ගැසී සිටියි.
මේ හේතුව මතම අද දිනය බෙහෙවින් බලගතුයි. එම බලගතු බව කොටස් දෙකකින් යුක්තයි. ඉන් පළමුවැන්න වනුයේ බුද්ධත්වය ලබන දේවතාවියක් මෙහි සිටීමයි. දෙවැන්න වනුයේ එලෙස බුද්ධත්වය ලබන උත්තමාවියකගේ අසූ මහා ශ්රාවකයන්ගෙන් එක් කොටසක්ද මෙහි සිටීමයි.
මාගේ දියණියනි, මෙතෙක් කලක් මා සතුව පැවැති මාගේ සීනිගම පුදබිම ඇතුළු රුහුණු ප්රදේශය මෙතැන් සිට රැකීම නුඹට බාරයි.
සීනිගම පුදබිමට පැමිණෙන සියලු පිහිට පතන්නන්ට මණිමේඛකලාවනි, නුඹ පිහිට විය යුතුයි.දියණියනි, නුඹගේ රැඳෙන විමානය වූ වරුණ ලෝකයෙන් ඕනෑම මොහොතක නික්මීමට නුඹ සූදානම්ව සිටිය යුතුයි. වරුණ ලෝකයෙන් නික්මෙන නුඹ පිහිට ඉල්ලන්නන් සිටින තැන්හි සැරිසැරිය යුතුයි.
දියණියනි, අද දින නුඹ බුද්ධ ශ්රාවකයෙකි. පෙර ආත්ම භවයක නුඹ හින්දු භක්තිකයෙකි.
එම ආත්ම භවයන් දෙකෙහිම නුඹ මනු‌‌ෂ්යයෙකි. මෙයින් නුඹ වටහාගත යුතු දෙයක් තිබේ. ඒ මනු‌‌ෂ්ය ප්රජාවේ සියල්ලන්ට නුඹ එක හා සමානව සැලකිය යුතු බවයි.
දියණියනි, නුඹට ජාති භේද නොතිබිය යුතුයි. ආගම් භේද නොතිබිය යුතුයි. කවරකු හට හෝ අසමාන කොට නොසැලකිය යුතුයි. නුඹ කරුණාවේ දෙවඟන වනුයේ එම අර්ථයෙනුයි.
නුඹ සිටින මාගේ පුදබිම මුහුදු ගම්මානයක්. මේ කලාපයේ ජීවත්වන මුහුදට අධිපති මුහුදු දෙවඟන වන ඔබට මා රැස්කරගන්නා පින්වලින් කොටසක් ඔබේ දේවත්වයට මම අනුමෝදන් කරන්න කැමතියි”.
පත්තිනි මෑණියන්ගෙන් දේවත්වයේ වරම් ලැබූ මණිමේඛලා දෙවඟන සතු ශක්ති වරම් මණිමේඛලා කතා වස්තුව තුළ දක්වා ඇත්තේ එලෙසයි.දරුඵල අහිමි කන්තාවන්ට දරුවන් ලබාදීමට ඇති දිව්යමය හැකියාව, ගර්භණී මාතාවන්ගේ දරුගැබ ආරක්ෂා කිරීමේ විශේෂ වරම, විවාහ අපේක්ෂා ඉටුකරදීමේ වරම.
නවග්රහ අපල දුරුකරලීමේ හැකියාව, වා, පිත්, සෙම් කුපිත වූවන් එයින් මුදවාලීමේ හැකියාව, ජලය ආශ්රිත රැකියා කරන්නන්ට පිහිට වීමට ඇති හැකියාව, රැකියාවේ දුක් කරදර දුරු කිරීමට ඇති බලය, සියලු දනන්ගේ දුකට පිහිට වෙයි බිඳුණු ප්රාර්ථනාවන් ඉටු කිරීමේ හැකියාව මණිමේඛලා දෙවඟන සතු බව බැතිමත්තු විශ්වාස කරනවා.
යහපත උදෙසා වන මණිමේඛලා පූජාව අනුහස් සහිතයි. අනුහස් ලැබීමට නම් අනුහස අයදිනු ලබන්නන් ඒ සඳහා පිළිවෙත් සමූහයක් පිරිය යුතුයි. කතා වස්තුව එය දක්වා තිබෙනුයේ මෙලෙස.
සත් දිනක් පේවිය යුතුයි. අවමය දින තුනක් විය යුතුයි.
එම දිනයන් තුළ කිළි ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි.
පේවූ දිනට පසු එළඹෙන පළමු කෙම්මුර දිනයේදී පූජා භූමියට පැමිණීම අනිවාර්යයි. එහිදී පළමුව තුනුරුවන් වැඳ පුදා ගැනීම, දෙවනුව දෙවොල් දෙවියන් වැඳ පුදා ගැනීම, තෙවනුව මණිමේඛලා දෙවඟන වැඳ පුදා ගැනීම නිවැරදි පිළිවෙතයි.
දෙවඟන වැඳ පුදා ගැනීම සිදුකළ යුත්තේ පිහිට ඉල්ලීමේ ආරාධනාවක්ද කරමිනුයි. ඒ ක්රම තුනක් යටතේයි.
ක්රමානුකූල දේවාරාධනා භාරවීම. භාරවී මේ සංකේතාත්මක පූජා වට්ටිය. බලාපොරොත්තුවේ සෘජු පිහිට සහ අවශේෂ පිහිට ඉල්ලීම. ප්රාර්ථනාවන් ඉටුවූවාට පසු අංගසම්පූර්ණ දෙවඟන නෑවීමේ මංගල්යය කිරීම. මුරුතැන් දානය දීම. සමුදුරු පූජාව කිරීම. මෙය සප්ත මහා සාගරය සමග ගනුදෙනු කිරීමයි. සාගරයට පින්දීමයි.
සමුදුරට අධිපති දෙවඟන ප්රධාන නාගයන්ට පුද පූජා කර ආශිර්වාද ලබාගැනීම කළ යුතුයි. දෙවඟනගේ දේව කණ්ඩායමට ඇතුළත් නාග, යක්ෂ දෙවිවරු, පිරිවරට පින් දීම. පොළෝ මහී කාන්තාවට පින් ලබාදීම.
විශේෂ පූජාව වනුයේ සළුවක් මුහුදට පා කර යැවීමයි. අග්නි පූජාව, පලතුරු පූජාව සමග මල්පෙති ඉසීමේ පූජාවෙන් මණිමේඛලා පූජාව අංගසම්පූර්ණ වන බව කතා වස්තුව දක්වයි.
පූජාව මෙසේ කිරීමෙන් පිහිට ඉල්ලන්නන්ගේ ජීවිත ආලෝකමත් වෙයි. එය ලැබෙනුයේ ප්රධාන කරුණු තුනක් ඉටුකිරීමෙනුයි. ඒ, පේවීම, කැපවීම සහ ප්රාර්ථනා මතයි. මේ සෑම පූජාවක් අවසානයේදීම පත්තිනි මෑණියන්ට පින් දීම කළ යුතුයි.
සම්පූර්ණ මණිමේඛලා පූජාව කරුණු පහක් මත රඳා පවතියි. අංගසම්පූර්ණ මණිමේඛලා අවසන් පූජාව පුරා පොහොය දිනෙක තැබීම පොදු නියමයයි.
වසරකට පැවැත්වෙනුයේ පූජා දොළහක් පමණක් වීම මෙහි ඇති විශේෂත්වයයි. නියමය එක් පෝයකට එක් පූජාවක්ය යන්නයි.
ඒ යටතේ පූජාව දායකත්ව අංශ දෙකකින් යුතුවෙයි. ඉන් පළමුවැන්න ප්රධාන දායකත්වයයි. දෙවැන්න උප දායකත්වයයි. මෙය පරිවාර දායකත්වය ලෙසින් හඳුන්වයි. නමින් පමණක් වෙනස් වන දායකත්වයන් ලබන මහත් ඵල ආනිශංස එක හා සමානයි. මේ යටතේ පූජාවේ දැක්වෙන විශේෂත්වය වනුයේ දායකත්වය ලබාගැනීමේ අසීරුතාව පමණයි.
පූජාවට මේ මහා විශ්වයද ආශිර්වාද කරයි. ඒ චන්ද්රයා හරහායි. මනු‌‌ෂ්ය ලෝකයේ හොඳම සහ ළඟම අසල්වැසියා චන්ද්රයායි.
පෘථිවියේ පාරිසරික සමබරතාව රකින වඩදිය බාදිය ඇතිකරනුයේ චන්ද්රයායි. පෘථිවිය තම අක්ෂය වටා නියමිත ක්රමයට භ්රමණය වීමට දායක වනුයේ චන්ද්රයායි. චන්ද්රයා පෘථිවිය වෙනුවෙන්ම නිර්මාණය වූවක් බව විශ්වාස කළ හැකියි. අනෙක් අතට පෘථිවියේ ඇලවීම මිනිසාගේ වාසයට ඉතාම අහිතකරයි.
පෘථිවියට දිනකට කාල පරිච්ඡේද දෙකක් චන්ද්රයා ලබාදෙයි. ඒ දහවල සහ රැයයි. මෙම කාල දෙක සමාන කාලයකින් යුතුවීම මෙහි අනිත් විශේෂ ගුණයයි.
එහි අර්ථය දිවා රාත්රී ඇති කරන සමාන කාල පරිච්ඡේදයයි.
ජලයට අධිපති මණිමේඛලා දෙවඟන මනු‌‌ෂ්ය යහපතට තවත් දෙයක් ලබාදෙයි. ඒ ජල චක්රයයි. විස්මයජනක දෙය කරන ජල චක්රය අදියර තුනකින් යුක්තයි.
සූර්ය තාපය ජලය වාෂ්පකර වායු ගෝලයට ඇද ගනියි. ජලය ඝනීභවනය කර වළාකුළු නිපදවයි. වලාකුළු, වැස්ස හෝ අයිස් බවට හරවා නැවත පොළවට ලබාදෙයි. ලොව පැතිර පවත්නා සමුදුර කලතා චන්ද්රයා ගමන් කරන ආකාරය එයයි. එම ගමන තුළ රැඳී තිබෙනුයේ සිසිල සහ උණුසුමයි. මිනිස් ජීවිතයේ පැවැත්ම තහවුරු කරන සිසිල සහ උණුසුම ලැබෙනුයේ එම ආකාරයටයි.
ස්ත්රී දහම දහම් තිස් දෙකකට බෙදෙයි. ගැහැනියකගේ ගැහැනුකමේ ශක්තීන් එකසිය අසූවක් තිබෙයි. ස්ත්රිය වටා පාප කර්ම අසූහත් දහසක් කරකැවෙයි. එම පාප කර්ම අසූහත් දහස ස්ත්රියක් නැසිය යුතුයි. ධර්මතා තිස් දෙකක් වඩවා ඒ තුළ සිත, කය, වචනය තුන් දොර හැසිරවිය යුතුයි. එය හැසිරවූ විට ශක්තීන් එකසිය අසූවක් උපදියි. එම ශක්තීන් දෙවැනි අවස්ථාවේදී එක් දහස් අටසීයක් දක්වා වර්ධනය වෙයි. තුන්වැනි අවස්ථාවේදී එක් කෝටි අටසීයක් දක්වා වර්ධනය වෙයි.
පත්තිනි මෑණියන්, මණිමේඛලා දෙවඟන වනුයේ මෙවන් දහමක් ආරක්ෂා කරන පත්තිනියන්මයි. පත්තිනියන්ට පුද පූජා පවත්වනවා නම් පිහිට ඉල්ලනවා නම් එක් කෝටි අටසීයක් වන ශක්තීන්ගෙන් පිහිට ලැබෙන බව පත්තිනි පුවත කියයි.
 
උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top