Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
19
"ඔයාලා දෙන්නා අම්මගේ දේහය පසුපස ගමන් කරේ නැත්තම් කවදා හරි පසු තැවෙයි.." - ඩයනා කුමරිය ඝාතනය වූයේ පිලිප්ගේ නියෝගයකින්ද?

- "ඔයාලා දෙන්නා අම්මගේ දේහය පසුපස ගමන් කරේ නැත්තම් කවදා හරි පසු තැවෙයි.." - ඩයනා කුමරිය ඝාතනය වූයේ පිලිප්ගේ නියෝගයකින්ද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
"දෙන්නම මගේ පසු පසින් ඇවිද එන්න.."

"කාන්තා ඇසුර නතර කර ඩයනාව විවාහ කරගන්න කියලා චාල්ස්ට ලිපියකින් දැන්වුවා.."

රැජිනක් වුවත් සාමාන්‍ය කාන්තාවක් වුවත් සෑම ගැහැනියකටම පුරුෂයෙකුගේ ආදරය රැකවරණය අවශ්‍යය. සොබාදහමේ ඒ නියමය පරිදි වසර 74 ක් පුරාවට බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිනගේ ස්වාමිපුරුෂයා වශයෙන් ඇය ළඟින් සිටි ”ඩියුක්හි ආදිපාදවරයා’’ වන පිලිප් පසුගිය 10 වැනිදා යළිත් නොඑන්නටම ඇය හැරදා යන්නට ගියේය. මේ ඒ පිලිප් කුමරු ගැන කථාවයි.

කවුද මේ පිලිප්
ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ රජ පෙළපතට අයත් ඇන්ඩෲ කුමරු සහ බාටන්බර්ග්හි ඇලිස් කුමරියට දාව 1921 ජුනි 10 වන දින ග්‍රීසියේ ”කෝර්ෆු’’ දූපතේ ”මොන් රෙපෝස්’’ මාලිගයේ උපත ලද පිලිප් කුමරු මුලින් හැඳින්වූයේ ”ග්‍රීසිය සහ ඩෙන්මාර්කයේ පිලිප් කුමරු’’ යනුවෙනි. මොන් රෙපෝස් මාලිගයේ කෑම කාමරයේ මේසය මත උපත ලද පිලිප් කුමරු දරුවන් පස් දෙනකුගෙන් යුත් ඇන්ඩෲ සහ ඇලිස් පවුලේ බාලම සහ එකම පිරිමි දරුවා වූ බැවින් ඔහු උපතින්ම ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ රජ පෙළපත් දෙකෙහිම කිරුළ හිමි කුමරු විය.

1919 ඇරුඹි ග්‍රීක - තූර්කි යුද්ධයේ අණදෙන නිලධාරිවරයෙකු වශයෙන් පිලිප් කුමරුගේ පියා වන ඇන්ඩෲ කුමරු කටයුතු කළ අතර 1922 සැප්තැම්බර් 27 වන දින යුද්ධය අත්හැර දැමීමෙන් පසු ජයග්‍රාහී තූර්කි හමුදා රජය ඇන්ඩෲ කුමරු ඇතුළු රාජකීයන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට කටයුතු කරන ලදි. පිලිප්ගේ ධනවත් නැන්දනියක වන ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ජෝර්ජ් කුමරිය විසින් ඇන්ඩෲගේ පවුලට රැකවරණය ලබාදුන් අතර ඔවුන් පැරීසියට ආසන්න උප නගරයක් වන සෙන්ට් ක්ලවුඞ් හි පදිංචි විය.

අධ්‍යාපනය සහ නාවුක හමුදා සේවය
පිලිප් පළමුවරට පැරීසියේ පිහිටි ඇමෙරිකානු පාසල වන ”එල්ම්ස්’’ හි අධ්‍යාපනය ලැබූ අතර 1930 වසරේදී එක්සත් රාජධානියේ ”චෙම්’’ පාසලට ඇතුළත් කෙරිණි. 1933 වසරේදී කුඩා පිලිප් ජර්මනියේ ”ෂුලේ ෂ්ලොස් සාලෙම්’’ පාසල වෙත ඇතුළත් කරන ලදි. ජර්මනියේ නාසිවාදයේ ව්‍යාප්තියත් සමග සාලෙම් පාසලේ නිර්මාතෘ කර්ට්හාන් ස්කොට්ලන්තයට පලා ගොස් ”ගෝර්ඩන්ටවුන් පාසැල’’ ආරම්භ කළ අතර පිලිප්ද ඔහු සමග ස්කොට්ලන්තයට ගොස් ගෝර්ඩන්ටවුන් වෙත ඇතුළත් විය.

1939 වසරේදී සිය පාසල් අධ්‍යාපනය නිමා කළ පිලිප් ”බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව’’ට ශිෂ්‍ය භටයෙකු ලෙස එක්වූ අතර ”ඩාර්ත්මූත්හි රාජකීය නාවික විද්‍යාලයෙන්’’ ශිෂ්‍ය භටයෙකු ලෙස පුහුණුව සම්පූර්ණ කළේ සිය පාඨමාලාවේ ”හොදම ශිෂ්‍ය භටයා’’ ලෙසට සම්මාන දිනා ගනිමිනි. 1940 වසර වන විට රාජකීය නාවික හමුදාවේ මධ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ පිලිප් ”එච්. එම්. එස්. රමිලීස්ට් යුද නෞකාව වෙත අනුයුක්තව ඉන්දීය සාගර කලාපයේ සේවය කළේය. පසුව ”එච්. එම්. එස්. කෙන්ට්’’ සහ ”එච්. එම්. එස්. ෂ්රෝප්ෂියර්’’ නෞකාවන්ට අනුයක්තව එකල බ්‍රිතාන්‍ය කොළණියක් වූ ශ්‍රී ලංකාවේද සේවය කර ඇත. 1940 වසර අගභාගයේ ඉතාලිය විසින් ග්‍රීසිය ආක්‍රමණය කිරීමෙන් පසු පිලිප් ”එච්. එම්. එස්. වේලියන්’’ වෙත අනුයක්ත කොට මධ්‍යධරණී මුහුද වෙත පිටත්කර හරින ලදි. 1941 දී දෙවන ලූතිනන් තනතුරට සහ 1942 දී ලූතිනන් තනතුරට උසස්වීම්ලද පිලිප් මෙම කාලය අතර තුර ”ක්‍රීට්’’ සහ ”කේ‍්‍රට්මැපටන්’’ සටන්වලට සම්බන්ධවෙමින් දක්‍ෂතා දැක්වූ අතර තම කැපවීම උදෙසා ”ග්‍රීක යුද කුරුසය’’ද හිමිකර ගත්තේය. 1950 ජූලි 16 වන දින රාජකීය නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර් තනතුර දක්වා උසස් වන පිලිප්ගේ ක්‍රියාකාරී නාවික හමුදා සේවය 1951 ජූලි මාසයෙන් පසු අවසන් වේ.

ප්‍රේමය සහ විවාහය
එංගලන්තයේ 6 වන ජෝර්ජ් රජ සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග 1939 වසරේදී ඩාර්ත්මූත්හි රාජකීය නාවික විද්‍යාලයේ චාරිකාවක නියැළුණ අතර එහිදී රැජින සහ පිලිප්ගේ මාමණ්ඩිය වන ලූවී මවුන්ට්බැටන් පිලිප්ගෙන් ඉල්ලා සිටියේ ”එලිසබෙත්’’ සහ ”මාග්‍රට් ’’ ගේ ආරක්‍ෂාව භාරව කටයුතු කරන ලෙසයි. මෙම සංචාරය අතරතුර එලිසබෙත් සහ පිලිප් ආදරයෙන් බැඳුන අතර ඔවුන් දිගටම ලිපි හුවමාරු කර ගැනීමට කටයුතු කර තිබුණි. මෙම කාලයේ එලිසබෙත් 13 වන වියෙහි පසුවිය.

සත් වසරකට පසුව 1946 වසරේදී පිලිප් එලිසබෙත් විවාහ කර ගැනීම සඳහා 6 වන ජෝර්ජ් රජුගේ අවසරය ඉල්ලා සිටි අතර ඒ සඳහා රජුගේ අවසරය ලැබුනේ විවාහ ගිවිස ගැනීම එලිසබෙත්ගේ 21 වන උපන්දිනය පසුවන තෙක් කල් තැබීමේ කොන්දේසිය මතය. මේ අතර පිලිප් ඔහුගේ ග්‍රීක සහ ඩෙන්මාර්ක් රාජකීයත්වය අත්හරින ලද අතර බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයේ මවුන්බැටන් යන නාමය සිය නමට ඇතුළත් කර ගත්තේය. ඒ සඳහා වන උරුමය ඔහුට සිය මවගේ පාර්ශ්වයෙන් හිමිව තිබුණි. 1947 ජූලි 10 පිලිප් හා එලිසබෙත් අතර විවාහය නිල වශයෙන් නිවේදනය කෙරිණි.

රාජකීය සම්ප්‍රදායන්ට අනුකූලව එලිසබෙත් හා පිලිප්ගේ විවාහ මංගල්‍යට පෙර දින 6 වන ජෝර්ජ් රජු විසින් පිලිප් කුමරු ”එඩින්බරෝ හි ඩියුක්’’ සහ ”මෙරියෝනෙත් හි අර්ල්වරයා’’ මෙන්ම ”ග්‍රීන්විච්හි බැරන්වරයා’’ ලෙසට පත්කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙසට පිලිප් ”නයිට් ඔෆ් ද ගාටර්’’ තත්ත්වයට උසස් විය. ඒ අනුව රාජකීය පවුලේ සම්ප්‍රදායන්ට අනුව ඉන්පසුව පිලිප් හැඳින්වූයේ ”සර් පිලිප් මවුන්ට්බැටන්’’ වශයෙනි. එය 1947 නොවැම්බර් 20 වන දින සිට පේටන්ට් අයිතියට යටත් කර ඇත.

1947 නොවැම්බර් 20 වන දින ලන්ඩනයේ ”වෙස්මිනිස්ටර් ඇබේ’’ දේවස්ථානයේ පැවැති එලිසබෙත් - පිලිප් විවාහ මංගල්‍යය බී. බී. සී. සේවය මගින් පටිගතකර විකාශනය කළ අතර ලොව පුරා රටවල මිලියන 200 කට අධික ජනතාවක් එය ශ්‍රවණය කර තිබුණි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව පැවැති මෙම විවාහ මංගල්‍යයට ඩියුක් ආදිපාදවරයාගේ ජර්මානු ඥාතීන් කිසිවෙකුට ආරාධනා කර නොතිබීම විශේෂත්වයක් විය.

පිලිප් සහ එලිසබෙත්ගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් සහ සාමකාමී වූ අතර විවාහයෙන් පසු එඩින්බරෝ ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලන්ඩන්හි වෙස්මිනිස්ටර් චතුරස‍්‍රයේ පිහිටි ”ක්ලැරන්ස් මන්දිරයේ’’ වාසය කල අතර ඔවුන්ට දරුවන් හතර දෙනෙක් ලැබුණි. ඒ 1948 වසරේදී චාල්ස් කුමාරයාද, 1950 වසරේදී ඇනී කුමරියද, 1960 දී ඇන්ඩෲ කුමරු සහ 1964 දී එඞ්වඞ් කුමාරයාද වශයෙනි.

* එළිසබෙත්ට බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමි වීම
1952 පෙබරවාරි 6 වන දින ජෝර්ජ් රජු මියයන විට පිලිප් සහ එලිසබෙත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල සංචාරයක් අතරතුර කෙන්යාවේ රැඳී සිටියහ. රජුගේ අභාවය පිළිබඳ පණිවුඩය ලද වහාම සංචාරය අවලංගු කොට බ්‍රිතාන්‍ය වෙත පැමිණීමට ආදිපාද යුවළ කටයුතු කළහ. 6 වන ජෝර්ජ් රජුගේ අවමංගල්‍යයෙන් පසු රාජකීය සම්ප්‍රදායන්ට අනුව 1952 පෙබරවාරි 06 වන දින බ්‍රිතාන්‍යයේ මහ රැජින සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායිකාව වශයෙන් එලිසබෙත් කිරුළු පැළඳුවාය. එලිසබෙත් බ්‍රිතාන්‍ය මහ රැජින ලෙස කිරුළු පැලඳීමෙන් පසුව රාජකීය මන්දිරයේ නම පිළිබඳව ගැටලූවක් මතුවූ අතර පිලිප්ගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයා ”හවුස් ඔෆ් මවුන්ට්බැටන්’’ යන නම යෝජනා කළ අතර පිලිප් යෝජනා කරන ලද්දේ ”එඩින්බරෝ හවුස්’’ යන නමයි. කෙසේ වුවත් එලිසබෙත් රැජිනගේ ආච්චී වන ”මේරි රැජින’’ මේ බව එවකට බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් වෙත දැන්වූ අතර ඔහුගේ උපදෙස් පිට රැජින විසින් රාජකීය මන්දිරය ”වින්ඞ්සර් මාලිගය’’ ලෙස නම් කරමින් රාජකීය ප්‍රකාශයක් නිකුත් කළේය. විවාහයෙන් පසු එලිසබෙත් රැජින සිය ස්වාමිපුරුෂයාගේ නම ගත යුතු වුවත් ඇතිවූ තත්ත්වය පිළිබඳ නොමනාප වූ පිලිප් කුමරු ”තමන්ගේ නම තම දරුවන්ට ලබාදීමට ඉඩ ලබා නොදුන් මෙ රටේ එකම මිනිසා මම’’ යැයි පසුව ප්‍රකාශ කර තිබුණි. ඔහු ශෝකයෙන් පවසා තිබුණේ ”මම ලේ වැකි ඇමීබාවෙක් මිස අන් යමක් නොවන බව මට හැගේ’’ යනුවෙනි. බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදායට අනුව රජු විසින් විවාහ කර ගන්නා කාන්තාවට ”රැජින’’ යනුවෙන් භාවිතා කිරීමේ අයිතිය ඇති නමුත් රැජිනක් විසින් විවාහ කරගන්නා පිරිමි පුද්ගලයෙකුට ”රජු’’ යන නාමය භාවිතා කිරීමට හැකි වන්නේ නැත.

ඒ අනුව එලිසබෙත් මහ රැජිනගේ සැමියා හැඳින්වූයේ ඩියුක් ආදිපාදවරයා වශයෙනි. කෙසේ වෙතත් 1957 වසරේදී රැජින සිය ස්වාමිපුරුෂයාට ”බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කුමාරයා’’ යන නාමය පුදකළ අතර එය ගැසට් කිරීමෙන් නීතිගත කර තිබේ. එසේම කිරුළ පැළඳීමෙන් පසු එළසබෙත් මහ රැජින සිදුකළ ක්‍රියාවකින් ඇය පිලිප් කුමරුට දක්වන ආදරය සහ ගෞරවය ලෝකයටම පෙන්වා දුන්නාය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් මගින් ඇය නියෝග කර සිටියේ වෙනත් ආකාරයකින් ඉඩ සලසා ඇති අවස්ථාවන්හීදී හැර අන් සියලූ අවස්ථාවන් වලදී තමා අසල ස්ථානය, ප්‍රමුඛත්වය සහ ප්‍රමුඛතාව ඩියුක් ආදිපාදවරයාට හිමිවිය යුතු බවයි. කෙසේ වෙතත් පිලිප් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ස්වාමිපුරුෂයා වශයෙන් තමන්ට ඇති අධිකාරීමය බලය අයුතු ලෙස භාවිතා කිරීමට කිසි විටෙක නොපෙලඹුන අතර සම්ප්‍රදායීක උත්සව අවස්ථාවන්හිදී රැජින ළඟින් ඇවිදගොස් වාඩිවී සිටීමට වඩා වැඩියමක් කැපී පෙනීම සඳහා නොකළේය. 2012 වසරේ පැවැත්වුණ රැජිනගේ රාජාභිෂේකයේ දියමන්ති ජුබිලි උත්සවයේදී රැජින ප්‍රකාශ කර තිබුණේ ”ඔහු නිරන්තරයෙන් තමන්ට ශක්තිය හා මගපෙන්වීම ලබාදුන් බවයි.’’ පිලිප් කුමරු රාජකීය කටයුතු වලට වඩා වැඩියෙන් සිය අවධානය සමාජ සේවා කටයුතු සඳහා යොමුකළ අතර විවිධ සංවිධාන 800 කට ආසන්න සංඛ්‍යාවක ඔහු ප්‍රධාන අනුග්‍රාහකයා, සභාපති හෝ සාමාජිකයෙකු විය. මෙම සංවිධාන වෙනුවෙන් අරමුදල් සම්පාදනය සඳහා සංවිධානය කෙරුණ බොහෝ වැඩසටහන් වලටද ඔහුගේ සහභාගිත්වය ලැබුනි. ඔහු 1947 වසරේ සිට 2013 දක්වා වසර 64 ක් ”ජාතික පිටියේ ක්‍රීඩා සංගමයේ’’ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ තමන්ගේම මුණුපුරු විලියම් කුමරුය. දක්‍ෂ ක්‍රීඩකයෙකු වූ පිලිප් කුමරු අශ්ව කරත්ත පැදවීම සඳහා මෙන්ම සඳහා පෝලෝ ක්‍රීඩාව සඳහාද බෙහෙවින් ප්‍රිය කළ අතර 1960 දශකයේ මැද භාගයේදී එක්සත් රාජධානියේ හොඳම පෝලෝ ක්‍රීඩකයන් සිව්දෙනා අතර ඔහුද විය.

පිලිප් කුමරු දක්‍ෂ ගුවන් නියමුවෙකුද වූ අතර 1952 පළමු ගුවන් සැරියේ සිට ඔහුගේ 70 වන ජන්ම දිනය වන විට ඔහු ගුවන් පැය 5150 ක පලපුරුද්දක් අත්කරගෙන තිබුණි. 1959 වසරේදී ඔහු ඞී-ටර්බියුලන්ට් වර්ගයේ තනි ආසනයේ සැහැල්ලූ ගුවන් යානාවක් පදවමින් වාර්තා තැබූ අතර මේ වන තෙක් එවැනි ගුවන් යානාවක් පදවන ලද බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ එකම සාමාජිකයා ඔහු පමණි. පිලිප් දක්‍ෂ ලේඛකයෙක්ද වන අතර ඔහු පොත් 10 කට අධික සංඛ්‍යාවක් ලියා ප්‍රකාශයට පත්කර තිබේ.

* ඩයනාගේ මරණය
සම්බන්ධ චෝදනාවන්ට ලක්වීම
පිලිප් 1981 වසරේදී සිය වැඩිමහල් පුත්‍රයා වූ චාල්ස් කුමරු වෙත ලිපියකින් දන්වා තිබුණේ වෙනත් කාන්තාවන් ආශ්‍රය නවතා දමා ඩයනා ස්පෙන්සර් ආර්යාව විවාහ කර ගැනීමට සිත යොමු කරන කරන ලෙසයි. මාස කිහිපයකට පසු චාල්ස් ඩයනා විවාහ වූ අතර එම තීරණය සඳහා පිලිප් කුමරුගේ බලපෑම හේතුවූ බව කියැවේ. කෙසේ වෙතත් පසු කාලීනව චාල්ස් ඩයනා අතර ගැටලූ පැන නැගෙන විටදී රැජින සහ පිලිප් කුමරු එක්ව යුවළට අවවාද කරමින් ගැටලූ විසඳීමට උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව 1992 දී වෙන්වූ චාල්ස් ඩයනා 1996 දී දික්කසාද විය.

1997 අගෝස්තු 31 පැරීසියේ උමං මාර්ගයක් තුළදී ඩයනා මරණයට පත්වීමත් සමග රජ පවුලේ නියෝගයෙන් සැලසුම් සහගත ලෙස ඩයනා ඝාතනය කෙරුණ බවට චෝදනා නැගෙන්නට වූ අතර ඩයනාගේ පසුකාලීන පෙම්වතා ලෙස සැලකුණ ඩොඞී අල්ෆයිඞ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පිලිප් කුමරුගේ නියෝගයෙන් ඩයනා ඝාතනය සිදුකෙරුණ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් හෙලිදරව් නොවුණි. ඩයනාගේ අවමංගල්‍ය පෙරහැර පසුපසින් ඇවිදයෑම සම්බන්ධයෙන් විලියම් හා හැරී දෙදෙනා දෙගිඩියාවකින් පසුවන විට පිලිප් විලියම් කුමරු අමතා ප්‍රකාශ කර ඇත්තේ ”ඔබ ඔබගේ මවගේ දේහය පසුපසින් ඇවිද නොගියහොත් මතු දිනෙක පසුතැවිලි වීමට ඔබට සිදුවනු ඇත. මා ඒ පසු පසින් ඇවිද යන විට ඔබ දෙදෙනාද මා සමග එන්න යනුවෙනි. පසුව ඩයනාගේ දේහය පසුපසින් පිලිප්, විලියම්, හැරී මෙන්ම චාල්ස් කුමාරයාද ඇවිද යනු දක්නා ලදි.

* විශ්‍රාම ගැනීම සහ අවසන් කාලය
පිලිප් කුමරුගේ 90 වැනි ජන්ම දිනය යෙදුනු 2011 ජුනි මාසයේදී ඔහුගේ බිරිඳ වන බ්‍රිතාන්‍ය මහ රැජින ඔහුට රාජකීය නාවික හමුදාවේ ඉහළම නිලය වන ”ලෝර්ඞ් හයි අද්මිරාල්’’ නිලය ලබා දුන්නාය. එය බ්‍රිතාන්‍ය රජයේ ඉහළම නිලයන් කිහිපයෙන් එකක් වන අතර ඊට පත්විය හැක්කේ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයන්ට පමණි. සිය රාජකීය සේවයේ අවසන් අවස්ථාව ලෙස රාජකීය මැරීන් භටයන් හමුවීමෙන් අනතුරුව පිලිප් කුමරු 2017 අගෝස්තු 02 වන දින සේවයෙන් විශ්‍රාම ගත් අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 96 ක් විය. එතෙක් ඔහු නිල කටයුතු 22219 ක් සම්පූර්ණ කර ඇති බව වින්ඞ්සර් මාලිගය විසින් නිවේදනය කරන්නට යෙදුනි. බ්‍රිතාන්‍ය අගමැති ”තෙරේසා මේ’’ ප්‍රකාශ කර තිබුණේ ”විශිෂ්ට ජීවිත කාලයක් වෙනුවෙන් තම ස්තූතිය පළකරන බවයි. ‘‘2017 නොවැම්බර් 20 වන දින ඔහු සිය රාජකීය බිරිඳද සමග 70 වන විවාහ සංවත්සරය සමරනු ලැබූ අතර ”ප්ලැටිනම් විවාහ සංවත්සරයක්’’ සමරන ලද පළමු බ්‍රිතාන්‍ය රාජකීයන් දෙපල බවට එළිසබෙත් පිලිප් යුවළ පත්විය. ලොව ඕනෑම රටක රාජකීයන් සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් අය සම්බන්ධයෙන් වුවත් එය වාර්තාවක් විය හැකි කාරණයක් බව පෙනේ.

* පිලිප්ගේ හැර යෑම හා
බ්‍රිතාන්‍ය ජනතාවගේ ශෝකය
2021 ජනවාරි 09 වන දින පිලිප් සිය බිරිඳ වන එලිසබෙත් මහ රැජිනද සමග කොවිඞ් - 19 සඳහා වන එන්නත ලබාගත් අතර වින්ඞ්සර් මාලිගයේ කාර්ය මණ්ඩලයට අයත් වෛද්‍යවරයෙකු විසින් එන්නත ලබාදී තිබුණි. පෙබරවාරි 16 වන දින ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ”7 වන කිං එඞ්වඞ් රෝහලට ඇතුළත් කරන ලදුව නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පිලිප් කුමරුට සිදුවූයේ ඔහුගේ වයස හේතුවෙන් අසාත්මිකතාවයට ප්‍රතිචාර දැක්වීම සෙමෙන් සිදුවුන බැවිනි. පෙබරවාරි 23 වන දින බකිංහැම් මාලිගයෙන් නිවේදනයක් නිකුත් කරමින් පිලිප් කුමරු ප්‍රතිකාර ලබාගනිමින් සිටි බව සනාථ කර තිබුනි. මාර්තු 01 වන දින වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් පිලිප් කුමරු ”ශාන්ත බර්තොලමෙව් රෝහල’’ට මාරු කරන ලදුව එහිදී සිදුකෙරුණ සාර්ථක ප්‍රතිකාර වටයකින් පසු මාර්තු 05 වන දින නැවත 7 වන කිං එඞ්වඞ් රෝහලට මාරු කරනු ලදුව මාර්තු 16 වන දින රෝහලෙන් නිදහස් කර තිබුණි.

*”ඔපරේෂන් ෆෝර්ත් බ්‍රිජ්ට්
ඩියුක් ආදිපාදවරයාගේ මරණයෙන් පසු එය ජනතාවට සන්නිවේදනය කිරීමේ ජාතික සැලැස්ම ඔපරේෂන් ෆෝර්ත් බ්‍රිජ් ලෙස හැඳින්වේ. ඒ අනුව සිය 100 වන උපන්දිනයට මාස දෙකක් තිබියදී පිලිප් කුමරු අප්‍රේල් 09 වන දින වින්ඞ්සර් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව මාලිගය නිල වශයෙන් නිවේදනය කළ අතර රැජින ප්‍රකාශ කර තිබුණේ ”ඔහුගේ හැර යෑමෙන් තමන්ට විශාල අඩුවක් දැනෙන බවයි’’. පිලිප් කුමරුගේ හැර යෑමෙන් පසු බ්‍රිතාන්‍යයේ දින 8 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කර ඇති අතර වින්ඞ්සර් මාලිගයේ සහ බකිංහැම් මාලිගයේ ධජ අඩකුඹු කොට තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 17 වන දින වින්ඞ්සර් මාලිගයේ ”ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී’’ සිදුකිරීමට නියමිතය. මෙම කාලය තුළ එක්සත් රාජධානියේ සියලූ රූපවාහිනී ඉදිරිපත් කරන්නන් කළු පැහැයෙන් සැරසී සිටිය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු ටයි පටි පැලඳීම අනිවාර්ය කර ඇත. එසේම ඔවුන් සිය වම් අතෙහි ඉහළින් කළු පටියක් පැලඳීමද සිදුකළ යුතු බව නියම කර ඇත. මේ අතර බ්‍රිතාන්‍යයේ නගරයන්හී විශාල රූපවාහිනී තිරවල පිලිප් කුමරුගේ රුව සහිත ශෝක ප්‍රකාශ ප්‍රදර්ශනය කර තිබෙනුද දකින්නට ලැබේ. මේවා අතර බ්‍රිතාන්‍ය පුරා හමුදා කඳවුරු රැසක සහ නාවික යාත්‍රාවන්හිදී ආචාර වෙඩිමුර පැවැත්වීමද ශෝක කාලය තුළ නොකඩවා සිදුකෙරෙණු ඇත. එහිදී සෑම විනාඩි 40 කටම වරක් විනාඩියක කාලයකදී උණ්ඩ 41 ක් වෙඩිතැබීම සිදු වේ.

නන්දජීව සූරියබණ්ඩාර
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top