Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
18
"බොර දියේ මාළුබාන තත්ත්වයකට පත්වෙලා. අවාසනාවකට මගේ නිහඬ පිළිවෙත හුඟක් අය තේරුම් අරන් ඉන්නේ නිවටකමක් කියලා." - විවාහක රූ රැජින කිරුළ නැවතත් කරළියට ගෙන ආ සටහන මෙන්න

- "බොර දියේ මාළුබාන තත්ත්වයකට පත්වෙලා. අවාසනාවකට මගේ නිහඬ පිළිවෙත හුඟක් අය තේරුම් අරන් ඉන්නේ නිවටකමක් කියලා." - විවාහක රූ රැජින කිරුළ නැවතත් කරළියට ගෙන ආ සටහන මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

89,521 Views
පිලිකුල් සහගත තත්ත්වයක්...
වීර චරිත මවාපාන්න උත්සහ ගන්නවා...
මමත් හැමදේම ඇසින් දුටු සාක්ෂිකරුවෙක්..
 
විවාහක රූ රැජිණ තරඟාවලියේදී ඇතිවුණු ආන්දෝලනාත්මක සිදුවීම ගැන කතාබහ තවමත් අවසන්වී නැහැ.
උදුරාගත් කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත හිමිවීමෙන් පසුවත් විවිධ පාර්ශව විවිධ මත සඳහන් කරමින් පවතින පසුබිමක Mrs Sri Lanka World 2020/21 ගැන ලංකාවේ නිල පුහුණුකරු සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.
 

එම සටහන පහතින්...
 
Mrs Sri Lanka World 2020/21 ගැන ශ්රී ලංකාවේ නිල පුහුණුකරු වශයෙන් මා පලමු පියවර ලෙස මෙසේ සටහනක් තබමි.
 
වසර 35 කට පසු ලෝක විවාහක රූ රැජින කිරුල 2019 වර්ෂයේ කැරොලයින් ජූරි විසින් ජයග්රහණය කලාය.
එහි ශ්රී ලංකාවේ පැවැත්වූ ජාතික තරගයේද නිල පුහුණුකරු ලෙස කටයුතු කළේ මා විසිනි. එදා සිට අද දක්වා Mrs Sri Lanka World තරගාවලියේ නිල පුහුණුකරු ලෙස මා කටයුතු කරමි.
මාගේ හැකියාව කෙරෙහි විශ්වාසය තබමින් ඒ සදහා මා හට අවස්ථාව ලබා දුන් චන්දිමාල් ජයසිංහයන් හට මම ස්තූතිවන්ත වෙමි.
පසුගිය අප්රේල් 04 වන දින පැවැත්වූ Mrs Sri Lanka World 2020/21 අවසන් මහා තරගයේ සිදුවූ සිද්ධිය හා ඉන් පසු සිදුවූ සිද්ධිදාමය පිලිබදව මා ඉතා උපේක්ෂාවෙන් සහ නිහඩව බලාසිටියෙමි.
මා එසේ නිහඩව බලා සිටියේ එම සිද්ධිය පිලිබඳ රටම පමණක් නොව මුලුමහත් ලෝකයම කතාබහට ලක්වෙන කාලසීමාවකදීය.
මා විශ්වාස කළේ මේ සිද්ධිය තවදුරටත් ඉදිරියට නොයනු ඇති බව සහ මෙය සමථයකට පත්වනු ඇති බවයි.
තවද මෙම තරගාවලියේ නිල පුහුණුකරු ලෙස මෙම තරගකාරියන් 20 දෙනා සමග , කැරොලයින් ජූරි සමග , ජාතික අධ්යක්ෂක සමග , සහ මෙම තරගයට සම්බන්ධ වූ බොහෝ අයවලුන් සමග මා ඉතා සමීපව කටයුතු කලේය.
අවාසනාවකට මාගේ නිහඩබව බොහෝ දෙනා වටහාගෙන ඇත්තේ නිවට කමක් ලෙස සහ යම් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කිරීමක් ලෙසයි.
එමෙන්ම සමහර පාර්ශව මෙය බොරදියේ මාලුබාන තත්වයකට පත්කරගෙන ඇත.
මා මීට පෙර කිසිදු මාධ්යකට අදහස් නොදැක්වූයේ මාගේ ප්රකාශ හරහා බොහෝ අයවලුන් අපහසුතාවයට පත්විය හැකි නිසාවෙනි .
නමුත් සමහරුන් සමාජය ඉදිරියේ ව්යාජ මත පතුරවමින් තමන්ගේ වැරදි වසාගැනීමට කටයුතු කිරීම ඉතා පිලිකුල් සහගත තත්වයකි.
තවද සමාජ මාධ්ය ඔස්සේ මේ දින වල කරලියට පැමිණ සිටින සමහර පුද්ගලයන් වීර චරිත මවාපෑමට දැඩි උත්සහයක යෙදෙන බවද දක්නට ලැබේ.
මේ සියලු දෙය දෙස මා පෙරකී පරිදි උපේක්ෂාසහගතව බලා සිටියේ රටට පෙර ගෞරවයක් ලබා දුන් මෙම වැඩසටහන් මාලාවට, මෙවරද දායකත්වයක් දෙමින් පසුගිය හතර වනදා තෙක්ම එක කණ්ඩායමක් ලෙස එකම අරමුණකින් ක්රියාකල සියලු දෙනා කෙරෙහිම අදටත් සිතෙහි වූ සහෝදරත්වයෙනි.
නමුදු අප බොහෝදෙනා විසින් ඉතා කැපවී ගොඩනැගූ සියලු දෙය ඉතා අල්ප පිරිසකගේ ආත්මාර්ථකාමී සිතුවිලි හමුවේ ව්යාජ ප්රකාශ හමුවේ විනාශ වන අයුරු තව දුරටත් මා හට බලා සිටිය නොහැක. එබැවින් ඒ හැමදේට පිළිතුරු ලබා දීමට දැන් කාලය එලබ ඇතැයි මම සිතමි.
සිදුවූ බොහෝ දේට මාද ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වෙමි. එක් කිරුලක් වෙනුවෙන් විසිදෙනෙකු තරග කලවිට එය හිමි වනුයේ එක් අයෙකුට බව අප සියලු දෙනා තේරුම් ගත යුතුය.
තරගයක ස්වභාවය යනු එයය.සියලුදෙනාම තම හිස පැලදීමට සිහින දුටු කිරුල අවසානයේදී වෙන අයෙකුගේ හිසෙහි ඇති විට යම් දුකක් හට ගැනීම පෘතග්ජන අප සියලු මනුශ්යයන්ගේ ස්වභාවයයි.
බොහෝ තරගකාරියන් එය උපේක්ෂාවෙන් විද දරාගත් බව මම දනිමි. නමුත් වෛරීසහගත අදහස් දරමින් තම ඊර්ෂ්යාසහගත සිතුවිලි පාලනය කරගත නොහැකි තරගකාරියන් කිහිපදෙනෙකු අනෙක් තරගකාරියන්ද තම අදහස් වලට නම්මාගනිමින් ඔවුන්ගේ කූටෝපාකාරී සිතුවිලිවලට අනුව ක්රියාකිරීමට පොලබවා ගැනීම නින්දාසහ ගතය.
ඔවුන් ක්රියාකරනුයේ සැබැවින්ම ඔබ වෙනුවෙන්ද නැතහොත් තරාගාවලිය පුරාවට ඔවුන් ඉස්මතු කිරීමට බොහෝ දේවල් කරමින් ඔවුන්ගෙන් අයෙකුට කිරුල ලබා දී අනික් දිනුම් ස්ථානද ඔවුන් අතර බෙදා ගනිමින් තම නමද ඒ හරහා බබලවා ගැනීමේ පටු අරමුනින් සිටි, ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකාරියගේ පැවැත්ම තහවුරු කරදෙන්නටද යන්න තීරණය කිරීම අනෙක් තරගකාරියන් වන ඔබ සතුය.
මෙම අවස්ථාවේදී ඔවුන් හාම එක්ව ඔවුන්ගේ මතය සපත වීමට ඉඩ හරිමින් නිහඩ පිලිවෙත අනුගමනය කලද ඔබ විසින්ම වරින්වර ඒ පිලිබදව මා හට පැමිණිලි කළ බව ඔබට තවමත් අමතක වී නැතැයි මම විශ්වාස කරමි.
නුදුරු දිනයකදී මාධ්ය හමුවක් හරහා සියලු සත්ය ලබාදෙන බලාපොරොත්තුවෙන් මම සමුගමි. Official Choreographer ලෙස මාගෙන් ඇසිය යුතු ඕනෑම ප්රශ්ණයක් Comment කරන්න . සියලු පිලිතුරු මාගේ මාධ්ය සාකච්ඡාවේදී ලබාදෙමි.
තම තමන්ගේ කතාවල තම තමන් සධාරණීයකරණය කර ගැනීම සාමාන්ය ස්වභාවයයි.
නමුත් මා මෙම තරගාවලියේ තරගකරුවෙකු හෝ විනිශ්චමණ්ඩලයේ සාමාජිකයෙකු නොවෙමි. මා එහි නිල පුහුණුකරු පමණක් වන අතර මා හට කැරොලයින් ජූරි, පුශ්පිකා ද සිල්වා, අශ්යා බස්නායක, දිනාලි රුවන්පතිරණ ඇතුලු සියලුම තරගකාරියන් එක සමානවේ.
තරගාවලිය පුරාවට මා ඔවුන් සියලු දෙනා එකසේ පුහුණු කළ බව වදනින් නොකීවද ඔවුන්ගේ හෘදසාක්ෂිය සාක්ෂි දරනු ඇත.
අවසානයේදී කීමට ඇත්තේ අප සියලුම දෙනාම විශ්වය විසින් විනිශ්චය කරනු ඇති බවය.
 
Rukmal Senanayake
Official Choreographer
Mrs Sri Lanka world 2019/20/21
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top