Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
18
"අපිට කිව්වා, විවාහ සහතිකය අරගෙන සැමියාව එක්කන් එන්න කියලා.." - ලෝකයම කතාව කළ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ නිරුවත එළියට

- "අපිට කිව්වා, විවාහ සහතිකය අරගෙන සැමියාව එක්කන් එන්න කියලා.." - ලෝකයම කතාව කළ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ නිරුවත එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67,228 Views
ප්‍රශ්න අහන වටයේදී විනිවිදබාවයක් තිබුණේ නෑ..
 
ජූරි ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙන්න හැදුවා කියන එක බොරුවක්..
 
2020, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලිය පසුගිය 4 වනදා නෙළුම් පොකුණ රඟහලේ දී අවසන් වුණේ, මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශාල පුවත් රැසකට ඉඩ ලබා දෙමින්. අදාළ තරගාවලියේ පුෂ්පිකා ද සිල්වා ජයග්‍රහණය කළ ද, ඇය දික්කසාද වී සිටීම හේතුවෙන් පසුගිය වසරේ ජයග්‍රාහිකා වන කැරොලයින් ජූරි විසින් පුෂ්පිකාගේ කිරුළ ගලා දෙවන ස්ථානය දිනාගත් තරගකාරියට පැවැත්වීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් මේ වනවිට පුෂ්පිකා හට යළිත් එම කිරුළ ලබාදීමට තරගාවලියේ සංවිධායක මඩුල්ල කටයුතු කළා. 

2020, මිසිස් ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් තරගය ඉවර සති දෙකකට පස්සේ ඇයි මෙහෙම සාකච්ඡාවක් කරන්න අදහස් කළේ..?
 
අපි දන්න පරිදි කෙනෙක් තරගාවලිය ජයගත්තා, තරගකාරියන් 20 දෙනෙකු අතරින් බොහෝ අය අපිත් එක්ක ඉන්නවා.. මානව ඉතිහාසයේ ආරම්භයේදී නිදහස්, නීති රීති තිබුණේ නෑ.. නමුත් අපි මේ ගැන කතා කරන්නේ, පසුගිය 4 වැනිදා විවාහක රූ රැජින තරගාවලිය අවසන් වුණා.. අපි මාස තුනක් විතර මේ වෙනුවෙන් වෙහෙස මහන්සිවෙලා වැඩ කළා.. මේ තරගයට සහභාගී වෙද්දී, අපි හැමෝම මිසිස්, අපි මිසිස් කෙනෙක් වෙන්නේ මිස්ටර් කෙනෙක් යටතේ, මේ බැඳීම ඇති වෙන්නේ විවාහය කියන මානුෂීය කාරණාව තුළින්.. විවාහය තමා මේ ලෝක ධාතුවේ තියෙන පැවැත්ම.. විවාහයේ සංකේතය තමා දරුවා කියන්නේ.. විවාහක කාන්තාවකට තමන් සතුව තියෙන හැකියාවන් පෙන්වන්න පුළුවන් වේදිකාව තමා මේ තරගාවලිය.. අපි ජනවාරි මාසේ සිට මේ වෙනුවෙන් මහන්සි වුණා.. අපිට මේක හංගන්න දෙයක් නෑ.. රටට ජයග්‍රහණය කරවන්න තමා මේක අපි කළේ.. 4 වෙනිදා සිදුවුණ සිදුවීමත් එක්ක, ජාත්‍යන්තර මාධ්‍ය පවා මේ ගැන කතා කළා.. දැන් අපි අසරණ වෙලා ඉන්නවා.. ඒ් ගැන කතා කරන්නයි මේක සැලසුම් කළේ..
 
ජයග්‍රාහිකාවට තියෙන ප්‍රධාන චෝදනාව තමා දික්කසාදය, සැමියාගෙන් වෙන්ව ජීවත් වීම.. මේක ප්‍රධාන තරග නීතින් අතර තිබුණා ද..
 
තරගය වට දෙකක් තිබුණා, මුලින්ම 12 දෙනෙකු තෝරගත්තා, දෙවන වටයේදී 8 දෙනෙක් තෝරගත්ත, මුල් වටයේදී කමිටුව කිව්වා, සහභාගී වෙන්න නම් විවාහක කෙනෙක් වෙන්න ඕනේ කියලා.. අපේ විවාහ සහතිකය හා ස්වාමිපුරුෂයාවත් එක්කන් එන්න කියලා..තරගයට සහභාගි වෙන්න නුසුදුසු අයට අයින් වෙන්න විනාඩි 10 ක් දුන්නා..අපට පෞද්ගලික කාරණාවන් අප අදාළ නෑ.. මුලික සුදුසුකම අක්ටිව් විවාහයක් තියෙන්න ඕනේ කියන එක... දෙවන වටයේදී විවාහ සහතිකය ගත්තේ නෑ.. ස්වාමි පුරුෂයා ගැන ඇහුවේ නැහැ..  එයාලා විශ්වාසය කඩ කළා.. අපි දැනගෙන හිටියා කවුරුන් හරි දිනනවා කියලා.. 
 
ප්‍රශ්න අහන වටයේදී විනිවිදබාවයේ ගැටළු තිබුණා ද..?
 
ප්‍රශ්න අහන වටයේදී විනිවිදබාවය අවුල් සහගතයි.. මම මේ තරගාවලියේ අවසන් 7 දෙනා අතරට ආවා.. අපෙන් ප්‍රශ්න ඇහුවේ නිවේදකයින්... විනිසුරුවන් කිහිප දෙනෙකුට සිංහල බෑ.. විදේශ රටවලින් ආපු අය.. ඔවුන් ලාංකීකයින් නෙවෙයි.. සිංහල භාෂාවෙන් උත්තර දුන්න ඒවා පරිවර්තනය කරන්න, කවුරුත් හිටියේ නෑ.. පරිවර්තක කාරණය සිදු වුණේ කොහොමද කියලා දන්නේ නෑ.. ප්‍රසිද්ධියේ පැහැදිලි කිරීමක්  කළේ නෑ.. ලකුණු එකතු කරන්න වෙනම ඔඩිට් ෆෝර්ම් එකක් තියෙන්න ඕනේ..  මේකේ හිටියේ නෑ..
 
Best Supporting Husband තරගය මෙවර තිබ්බේ නැහැ නේද..?
 
පසුගිය තරගවලදී මේක දැක්කා.. මෙවර තිබුණේ නෑ.. සංවිධායකවරුන් සහ පුහුණුකරුවන් ඇහුවා, ස්වාමි පුරුෂයා එක්ක එන්න කැමති ද කියලා... 20 න් බහුතරයක් කැමති වුණා.. විදේශ ගතව හිටිය අය පවා ඇවිත් හිටියා තරගයට...නමුත් ඒ්ක කළේ නෑ.. පසුගිය අවුරුද්දේ සැමියාගේ ශූරතාවය පැළඳගෙන ඇවිත් ඉන්නවා දැක්කා..
 
කැරලොයින් ජූරි ඉංග්‍රීසි භාෂාවට මුල් තැන දෙන්න කටයුතු කළා කියන කතාව ඇත්ත ද..?
 
සමාජ මාධ්‍ය තුළ යන දේවල්වලට වඩා අපි තමා ඇත්ත කතාව දන්නේ, 
කැරලොයින් ජූරි අපට කිව්වේ, ඉංග්‍රීසි දැනගැනීම අමතර සුදුසුකමක් කියලා.. ජය ගන්න, අවශ්‍යයි කියලා කිව්වේ නෑ.. ඇය කිව්වේ ජාත්‍යන්තර මට්ටමේ තරගයට යද්දී, අනිත් අයත් එක්ක කතාබහ කිරීම පසුවෙන්න ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් තියෙන්න අවශ්‍යයි කියලා..
අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ සාමාන්‍ය දැනීම තිබුණා... කමිටුවේ අය ඇහුවා, සිංහල හැර වෙනත් භාෂා කතා කිරීමේ හැකියා තියෙනවා ද කියලා ඇහුවා.. විසි දෙනාටම සිංහල සහ ඉංග්‍රීසි දෙකම පුළුවන් වුණා..
 
 
ජයග්‍රාහිකාවගේ කිරුළ ගලවද්දී හිස තුවාල වුණ කතාව ඇත්ත ද..? පරුෂ වචනත් කිව්වා ද..?
 
මම පුෂ්පිකාගේ එහා පැත්තේ හිටියා.. ක්ලිප්ස් ගැලෙව්වා විතරයි දැක්කා.. නමුත් තුවාල වෙන්න විදිහක් තිබුණේ නෑ.. කැරොලයින් මයික් එකෙන් කියපු දෙය පවා පුෂ්පිකාට ඇහුණේ නෑ.. කැරලොයින් ඔටුන්න ගැලෙව්වාම පුෂ්පිකා ඇහුවා ඇයි කියලා.. කැරලොයින් කිව්වා, ඔයා ඩිවෝස් කියලා... කවුද කිව්වේ කියලා පුෂ්පිකා ඇහුවා.. ලොකු බහින්බස්වීමක් සිදු වුණේ නෑ.. ඊට පස්සේ පුෂ්පිකා ගියා.. රණ්ඩු වුණේ නෑ..
 
චූලා සහ කැරොලයින් බීලා හිටියා ද..?
 
හෝල් එක ඇතුළට වතුර බෝතල් පවා ගේන්න දුන්නේ නෑ.. අපි පුහුණුවීම් කරද්දී, එළියට ගිහින් තමා වතුර බිව්වේ.. චුලා නිතරම හිටියේ තරගකාරීයන් එක්ක... ඒ වෙලාවේ බොන්න තරම් මානසිකත්වයක් තිබුණේ නෑ. අමුත්තන් එක්ක තමා කැරලොයින් හිටියේ.. එහෙම අය ඉන්න තැන බොන්න අවස්ථාවක් නෑ.. අපට එයා ළගින් මත්පැන සුවදක් දැනුණේ නෑ.. අපි එයාව හග් කළා.. 
 
මේ සිදුවීමෙන් අනතුරුව අනෙක් තරගකාරියන් සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් කලහකාරීව හැසිරුණා කියලා..?
 
මේ තරගකරුවන්, උගත් බුද්ධිමත් අය, ඔවුන්ගේ සැමියනුත් එහෙමයි..  තරගයේ තීරණය වෙනස් වුණායින් පස්සේ, ප්‍රේක්ෂකයින් වේදිකාව පිටුපසට ආවා.. කට්ටිය විරුද්ධත්වය පළ කළා.. තර්ක කරගත්තා.. නමුත් කිසිම අලාභ හානියක් සිදු කළේ නෑ.. පරුෂ වචන කියාගත්තේ නෑ.. එතන හිටියේ උගත් බුද්ධිමත් අයයි..  කලබලය පටන් ගද්දී, අපිව එක්කගෙන යන්නයි අපේ සැමියන් කටයුතු කළේ.. 
 
ලකුණු ලබාදීමේ ක්‍රියාපටි පාටිය අවුල් සහගතයි නේද..? 
 
ලකුණු ලබාදීම ගැන අපටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. කිරුළ දිනාගැනීමේදී මිනි පැජන්ට්වල ලකුණු බලපනවා කියලා.. අපි හැමෝම ඒ වෙනුවෙන් කැප වුණා.. ඒවා එක්ක බලද්දී මේ ලකුණු ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. පෞර්ෂත්ව පැජනට් එකට ලකුණු සියයට 50 ක් සහ අනිත් පැජන්ට්වලට ඉතුරු ඒ්වාට සියයට ලකුණු 50ත් එකතු වෙනවා කියලා.. ලකුණු ගැනත්, ප්‍රශ්න අහපු විදිහ ගැනත් අපට ලොකු ගැටළුවක් තියෙනවා..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top