Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
"මෝඩයගේ දවසේ ඉපදෙන්නේ නැතිව හය වෙනිදා උපන්න එක සතුටක්." - එඩ්වඩ් ජයකොඩි

- "මෝඩයගේ දවසේ ඉපදෙන්නේ නැතිව හය වෙනිදා උපන්න එක සතුටක්." - එඩ්වඩ් ජයකොඩිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,755 Views
ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් වන එඩ්වඩ් ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. 
ඒ ආදරණීය චරිතය සිය උපන්දිනය ගැන මේ විදිහට හඬ අවදි කරලා තිබුණා.

අප්‍රේල් මාසයේ උපත ලැබීම ගැන මොකද හිතන්නේ..? 
අප්‍රේල් මාසේ හොඳ සරු භාග්‍යවන්ත මාසයක් නිසා ඒ මාසේ ඉපදුනු අපිත් භාග්‍යවන්තයි කියලා හිතෙනවා. 
ඒ වගේම ඉතිං මගේ උපත සිදුවෙන්නේ අප්‍රේල් මුල් සතියෙනේ. ඉතිං අප්‍රේල් පළවැනිදා උපදෙන්නේ නැතිව හයට ගිය එක හොඳයි. 
නැත්නම් ඒ දවසේ පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ මෝඩයගේ දවස කියලා. 
වෙලාවට ඒ දවසේ ඉපදුනේ නැහැ. දැන්නම් ඉතිං පොඩි පොඩි ක්‍රම තියෙනවනේ දරුවන් ඉපදෙන දවස වෙනස් කරගන්න. තමන්ට ඕනේ දවසට දරුවාව ගන්න පුළුවන්. ඉතිං අපේ අම්මලා තාත්තලාට එහෙම දේවල් තිබුණේ නැහැනේ. ඉතිං මට සතුටුයි මගේ උපත අප්‍රේල් මාසේසිදුවීම ගැන. මොකද ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ රටේ ජාතික අවුරුදු උත්සවය සමරනවා. ඒකත් විශේෂ දෙයක්නේ.
 
ඔබේ උපත ගැන මොනවද දන්නා විස්තර.? 
මගේ පවුලේ ඔක්කොම 7 දෙනයි. සහෝදරියෝ 4යි. සහෝදරයෝ 2 යි. ඉතිං ඒ අතරින් මගේ උපත සිදුවෙන්නේ 6 වෙනියට. ඒ අප්‍රේල් 6 දවසක. 
 
සාමාන්‍යයෙන් උපන්දිනය දවසට ඒ කාලේ සහෝදර සහෝදරියො එක්ක කොහොමද ගත කළේ..? 
ඇත්තටම අපේ ගෙදර කවදාවත් කිසිම කෙනෙකුගේ උපන්දිනයක් සමරලා නැහැ. 
ඒ දවසේ විශේෂයක්තිබිලා නැහැ. මොකද අපේ ගම්වල උපන්දිනය සමරනවා කියලා දෙයක් ඇත්තටම නැහැ. 
මම නම් මගේ උපන්දිනයක් වෙනුවෙන් ඒ කාලේ තියා අද වනතුරුත් කේක් එකක් කපලා නැහැ. මම ඒ දේට කැමතිත් නැහැ.
 
ඒත් ඔබ කලාකරුවෙක් විදිහට ඔබ වෙනුවෙන් යම් යම් දේවල් පිළියෙල කරනවනේ ඔබට ආදරය කරන පිරිස්..? 
මම ගුරුවරයෙක් විදිහට මට ආදරය කරන මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවො බොහෝ පිරිසක් ඉන්නවා. 
ඒ වගේම මගේ ආදරණීය මිත්‍රාදීන්. කලාකරුවෙක් විදිහට අපිට ආදරය කරන රසික රසිකාවියෝ බොහෝ පිරිසක් ඉන්නවා. 
ඉතිං ඒ අතර සමහර වෙලාවට විවිධ නාලිකාවලින් ගෙදරට එන්න අහනවා. 
ඒ අයත් අපිට ගොඩක් ආදරෙයිනේ. ඉතිං ඒ හැමෝම දන්නවා මම එහෙම කේක් කපන්න කැමති නැහැ කියලා. ඒ නිසා ඉතිං ඒ දවසට ඒ හැමෝමත් එක්ක මම එකතුවෙලා කරන්නේ ඒ දවසට යම්කිසි දානයක් හෝ පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීම තමයි.
 
ඇයි කේක් කපන්න අකමැති ඒ දවසට...? 
මම කේක් කන්නෙත් නැහැනේ.. ඒ නම් මම නිර්මාංශ නිසා.. කේක් වටලප්පන් කිසිම දෙයක් කන්නේ නැහැ.
 
පවුලේ අයගෙන් සර්ප්‍රයිස් එහෙම ලැබිලා නැද්ද..?
සර්ප්‍රයිස් කියලා නැහැ. අපි දෙයක් කළොත් හැමදාම කතා කරගෙන තමයි කරන්නේ.. 
විශේෂයෙන්ම අපි හතර දෙනා මමත්,චරිතාත් දුවත් පුතාත් එකට ඉද්දි විශේෂ දවසකට කළේ එකතුවෙලා මොනවා හරි කෑමක් හදපු එක. 
නැත්නම් කොහේහරි ඇවිදින්න යනවා. නමුත් සාද පවත්වලා එහෙම නැහැ. දැන්නම් ඉතිං ගොඩක් වෙලාවට දරුවො දෙන්නා අපිත් එක්ක ලංකාවේ නැහැනේ..
 
අවුරුද්දෙන් අවුරුද්ද වයසට යාම ගැන මොකද හිතන්නේ..? 
මට හිතෙන්නේ දැන් ජීවත් වුණා ඇති.. දැන් අපේ කාලය අවසන්.. දීර්ඝ චාරිකාවක් යන්න ඕනේ නැහැ කියලා මට හිතෙන්නේ. 
අපි ඕනෑම වෙලාවක මරණයට සූදානම් වෙන්න ඕනේ.. අපි අපෙන් ඉටුවෙන්න ඕනේ යුතුකම් ඉටුකරන්න හැමවෙලාවෙම සූදානමින් ඉන්නේ.. 
මම ජීවිතේ ගැන හැරිලා බලද්දි සතුටුවෙන්න පුළුවන් කියල තැනක ඉන්නවා. 
එක පැත්තකින් සමාජයට හානියක් අනර්ථයක් කරලා නැහැ කියන තැන. සමහරවිට යම් යම් අතපසුවීම් වැරදි වෙන්න පුළුවන් ඒ මිනිස් ස්වභාවයනේ.. 
ඉතිං ඒ හැමදේම නිවැරදි කරගෙන ඇස්දෙක පියාගන්න තියෙනවානම් හොඳයි කියන හැගීමතියෙනවා. 
මගේ දරුවෝ දැන් ලොකුයි. පුතා විවාහ වෙලා විදෙස්ගත වෙලා ඉන්නේ..දුවත් විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නවා. 
ඉතිං ඒ අය කැමති මාර්ගවලින් ඉදිියට යන්න අපිට පුළුවන් විදිහට යුතුකම් කරලා තියෙනවා. 
ඉතිං ඒ අය ඉදිරි ජීවිතේ හැඩ ගස්වගන්න ඕනෑ අපි හිටියත් නැතත්. මම මේ වෙද්දි අවුරුදු 30 කට ආසන්න කාලයක් පෙරදිග සංගීත ගුරුවරයෙක් විදිහට අධ්‍යාපන නිලධාරියෙක් විදිහට, අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කළා. 
ඉතිං ඒ ක්ෂේත්‍රයේ පුළුවන් දෙයක් මම යහපත්ව ඉටු කළා. 
ඉතං මම ඉගෙනගත්තු සංගීතය ඒ දැනුම තවමත් ලබාදෙනවා. ඒ නිසා ඇත්තටම මම දරුවන්ට හෝ වැඩිහිටියන්ට හෝ වේවා අපි දන්න දෙයක් හොඳින් කියලා දීලා අවසන් කරන්න ඕනෑ කියලා මම හිතන්නේ. 
ඒ නිසා මම කුඩු දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වාම තවමත් පංති කරගෙන යනවා. ඒක ඇත්තටම සුන්දයි.. 
මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්‍රාම ගියා කියලා විශේෂත්වයක් නැහැ. මොකද මම ක්‍රියාකාරීව තවමත් අධ්‍යාපන කටයුතුවලත්, කලාකටයුතුවලත් නියැළිලා ඉන්න නිසා. 
විශේෂයෙන් පුංචි දරුවෝ එක්ක වැඩ කරන එක හරිම සුන්දරයි. මම තවම ළමයි වෙනුවෙන් ගීත ලියනවා. ගයනවා. ඒ ළමා ලෝකෙට ගිහින් දරුවෝ එක්ක ඒ මොහොතවල ජීවත් වෙන්නෙ ඒ ලෝකෙට ගිහින් ඒ ජීවිතේ විඳිනවා වගේ තමයි දැනෙන්නේ..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top