කොරෝනා වෛරසය සුළඟින් ව්‍යාප්ත වන බවට විශේෂඥයින් පිරිසක් තහවුරු කරගෙන තිබෙනවා.
ඒ්, සඳහා වන සාක්ෂි ඔවුන් සතුව පවතින බවටයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යම් පුද්ගලයෙකු විසින් කතා කරන විට, කිවිසුම් පිට කරන විට ඔවුන්ගේ ඛේඨය හරහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බව ද එම විශේෂඥයින් පවසනවා.
විශාල ජල බිඳිති හරහා වෛරසය පහසුවෙන් පැතිරෙන බවට කිසිදු සාක්ෂියක් කණ්ඩායමට තහවුරු කරගැනීමට නොහැකි වීමත් විශේෂත්වයක් වනවා.
අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භ කර ඇති බව ද සඳහන්.
ලොව පුරා කොරෝනා අසාදිතයින් 139,828,469 මේ වනවිට වාර්තාවී තිබෙනවා.
එම පිරිස අතුරින් 3,002,476 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, සුවය ලැබු සංඛ්‍යාව 118,845,853 ක්.