2021, ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වන තෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ්, සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම සමඟයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ තරග දෙකකින් එක් තරගයක් පරාජයට පත් වූ අතර අනෙක් තරගය ජයගනු ලැබුවේ කඩුලු දහයකින්.
මේ අතර හෙට දිනයේදී පැවැත්වෙන තරගයට මුම්බායි ක්‍රීඩකයින් මේ වනවිටත් සිය පුහුණුවීම් ආරම්භ කර ඇති බව සඳහන්.
එමෙන්ම මේ වනවිට එම කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ Master mind at work ලෙස නම් කරමින් මහේල ජයවර්ධනගේ ඡායාරූපයක් ද එක් කර තිබීමත් විශේෂත්වයක් වනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මුම්බායි කණ්ඩායම දෙවන ස්ථානය පසුවන අතර එහි ප්‍රථම ස්ථානයේ පසුවන්නේ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.