මුලතිව් තන්නිමුරුප්පු තුනේ කණුව ප්‍රදේශයේ එකම කුඹුරු යායකදී අකුණු සැර වැදීමෙන් ගොවීන් තුන්දෙනෙකු ඊයේ (15)දා සවස එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම ගොවීන් තුන් දෙනා කුඹුරු යායේ ස්ථාන තුනක සිට ඇති අතර වර්ෂාවත් සමගම පුපුරා ගිය අකුණක සැර වැදීමෙන් ඔවුන් කුඹුරේදීම මිය ගොස් තිබෙනවා.
මියගිය ගොවීන් තුන් දෙනා මුලතිව් බටහිර කුමුලමුනෙයි පදිංචි කනපතිපිල්ලේ මයුරන් වයස අවුරුදු (35) ,පී.ස්වර්ණන් වයස අවුරුදු (35) හා මුලතිව් ව්ට්ටාපලෙයි පදිංචි එස්.සුජීවන් නමැති වයස අවුරුදු (46) යන තුන් දෙනාය.
මුලතිව් පොලීසියට සිද්ධිය පිළිබදව දැණුම් දීමෙන් පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.