එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරි මාසයක කාලය තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගනු ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.
ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදානම් බවයි.