මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සිදුකරන නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්වීමට ඩ්‍රෝන තාක්ෂණයේ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දැන් ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබෙනවා.
ඒ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීමට ඕස්ට්‍ර්ලියානු දේශ සීමා මෙහෙයුම් පිළිබඳ නියෝජිත ආයතනය අධි තාක්ෂණික නවීන ඩ්‍රෝන යාත්‍රා 05ක් මෙරට පරිත්‍යාග කිරීමත් සමඟයි,
මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදු කෙරුණු මෙම පරිත්‍යාගයත් සමඟ මෙම ඩ්‍රෝන යාත්‍රා මෙහයවිමට අදාළ පුහුනුවක් ද ලබා දීමට නියමිතයි.
අන්තර්ජාලය ඔස්සේ පසුගිය 8 වනදා පැවැත්වූ උත්සවයකදී නීති විරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් වැළැක්විමට මෙරට ආරක්ෂක අංශ සිදු කෙරන කාර්රය භාරය විශේෂ පැසසුමකට ලක් වුණා.