කොළඹ ජාතික රෝහලට ඊයේ සහ පෙරේදා දින දෙකෙහි හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතකළ සංඛ්‍යාව 309 ක් බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර ප්‍රකාශ කළා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 39 ක වැඩිවීමක් බවයි ඔහු කියා සිටියේ.
පසුගිය වසරේ එම දින දෙකෙහි වාර්තාවී ඇත්තේ හදිසි අනතුරු 188 ක් පමණයි.
මේ අතර මෙවර වාර්තාවූ හදිසි අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් මහමග සිදුවූ රිය අනතුරු වන අතර, එම සංඛ්‍යාව 77 ක්.
එමෙන්ම වැටීම් අනතුරු 73 ක් සහ හිංසන ක්‍රියා මෙන්ම පහරකෑම් 38 ක් වාර්තාවී තිබෙනවා.
කෙසේ වෙතත් ගිණිකෙළි අනතුරු වාර්තාවී ඇත්තේ හතරක් පමණක් වන අතර, එම සිදුවීම් හතරම නොසැළකිල්ල හේතුවෙන් සිදුව ඇති බවයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර කියා සිටියේ.