මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුර යන පළාත් වලත් ගාල්ල, මාතර හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව, අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද එම දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙනවා.