මාර්ගයේ ගමන් කරන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ රියදුරන් මත්පැන් පානය හෝ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබාදීමක් නොකරන බවයි.
අධිවේගී මාර්ග ආශ්‍රිතවද මෙම රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක අතර, අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරින් යොදවා, එය සිදුකරනු ලබනවා.