සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහනට සමගාමීව ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇරඹුණු සත්පත්තිනි සෙත් ශාන්තිය අද අලුයම සාර්ථකව අවසන් කෙරුණා.
බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේ පැවති සත්පත්තිනි සෙත් ශාන්තිය ඊයේ මැදියම් රැයේ ආරම්භ වුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත රටට සහ සියලු රටවැසියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංවිධාන වූ සත්පත්තිනි සෙත් ශාන්තිය සදහා අලුත් සහල් පූජා කිරීම පසුගියදා දින 10 ක් පුරා ක්‍රියාත්මක වුණා.
ඒ, දිවයින පුරා විහිදී යන මාර්ග 3ක් ඔස්සේ විහාරස්ථාන 90 ක් කේන්ද්‍ර කරගනිමින්.
එහි අග්‍ර කොටස පළමුව බුදුන් වහන්සේට පූජා කෙරුණේ සහල් පූජාව ඇරඹුණු රුවන්වැලි මහ සෑ රදුන්, කිරිවෙහර චෛත්‍ය රාජයාණන්, මහියංගණය චෛත්‍ය රාජයාණන් සහ තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් අභියසදියි.
සත්පත්තිනි සෙත් ශාන්තියේදී, දේව දානය සකස් කිරීම ඔබ විසින් බැති සිතින් පූජා කළ සුපිරිසිදුව සකස් කරගත් නොඉඳුල් සහල් වලින් සිදුකළ අතර, සැමට පිං පෙත් පුරමින් ඉතිරි සහල් නව වසර පුරා දේව දානය සකස් කිරීමේ පින් කටයුතු වෙනුවෙන් සියලු පත්තිනි දේවාලවලට, පූජා කිරීමටයි හිරු කටයුතු සූදානම් කර ඇත්තේ.