අද දින (13) නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් විසින් එම සැකකරුට ලබා දීම සදහා ගෙන එන ලද කලිසමක ඉන වාටියේ සූක්ෂම ලෙස සඟවාගෙන ගෙන එන ලද හෙරොයින් යැයි සැක සහිත තහනම් ද්‍රව්‍ය ග්‍රෑරෑම් 2 යි මිලි ග්‍රෑරෑම් 32 ක ප්‍රමාණයක් බන්ධනාගාර බුද්ධි අංශ භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකාරිය මෙම රැදියාවගේ බිරිඳ බවයි වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිදරව් වී ඇත්තේ.
අදාළ සැකකාරිය සහ අදාළ මත්ද්‍රව්‍ය, වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසිය වෙත භාර දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.