දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත අයුරින් ගමන් කර පොලීසිය මගහැර සිටි තරුණයින් 04 දෙනා අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 යන වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.