Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
13
‘මගේ දියුණුව බිරිඳගේ උත්සාහය’ - කොරෝනාවෙන් රස්සාව නැති වුණාම ජීවත් වෙන්න හොරකමට බැහැලා

- ‘මගේ දියුණුව බිරිඳගේ උත්සාහය’ - කොරෝනාවෙන් රස්සාව නැති වුණාම ජීවත් වෙන්න හොරකමට බැහැලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,293 Views
පසුගිය ආදරවන්තයන්ගේ දිනය දා කිරුළපන පොලිස් ස්ථානයට කලබලයෙන් දිව ආ තැනැත්තෙකි. 
 
“අනේ සර්, ඊයේ රෑ මගෙ කම්පැනියෙ ගබඩාව කඩලා ලක්ෂ ගාණක ටෝනර් අරන් ගිහින්”
 
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ කිරුළපන, ගජබා ක්‍රීඩාංගණය අසල පිහිටි තාක්ෂණික භාණ්ඩ ගබඩාවක් මෙලෙස කොල්ලයට ලක්ව ඇති බවයි.

පැමිණිලිකරුට අනුව නම් අතුරුදන්ව තිබුණේ ලක්ෂ තුනහමාරකට ආසන්න වටිනාකමැති ටෝනර් තොගයකි.
 
කිරුළපන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර ඇතුළු පිරිසගේ අවධානය පළමුකොටම යොමුවූයේ ගොඩනැඟිල්ලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන වෙතය.
 
ඒවාට අනුව අදාළ ගබඩාව වෙත රතු පැහැති ත්‍රිරෝද රථයක් පැමිණෙනුත්, ඉන් පිටව යනුත් පැහැදිලිව සටහන්ව තිබූ අතර, අවාසනාවට මෙන් එහි අංක තහඩුව කැමරා දර්ශනවල පැහැදිලිව සටහන්ව නොතිබිණි.
 
තව තවත් පැහැදිලි කර බැලීමේදී එහි පිටුපස කොටසේ ඉහළ ‘ලසන්ත’ යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් සටහන්ව තිබෙනු නිලධාරීන්ට දැකගැනීමට ලැබුණු අතර, ඊට අමතරව තවත් අපූරු වැකියක් අලවා තිබිණි.
 
ඒ ‘මගේ දියුණුව බිරිඳගේ උත්සාහය’ ලෙසයි.
 
සෑහෙන ප්‍රයත්නයක් දරා දන්නා තාක්ෂණික ශිල්ප සියල්ලක්ම යොදා දැඩි වීර්යයක් ගත්තද රථයේ අංකය ඉතා සුළු ප්‍රමාණයකින් හෝ පැහැදිලි කර ගැනීමට නොහැකිවීමෙන් පොලිසිය පත්වූයේ දැඩි අපහසුතාවකටය.
 
පොලිස් නිල සුනඛයන් පවා යොදවා සෝදිසි මෙහෙයුම් දියත් කළද කිසිදු පලක් නොවුණු අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ ඇඟිලි සලකුණු දත්ත විශ්ලේෂණයෙන්ද සාර්ථක ප්‍රතිඵලයක් අත්නොවිණි.
 
ඉතිරිව තිබූ එකම සාක්ෂිය වූයේ පෙර කී ‘මගේ දියුණුව බිරිඳගේ උත්සාහය’ - ‘ලසන්ත’ යන අකුරු කිහිපයත් පමණි.
 
නමුත් දිනකට වාහන දසදහස් ගණනක් අතුරු සිදුරු නොමැතිව දිවෙන ශ්‍රී ලංකාවේ මහාමාර්ගයක එකී වදන් කිහිපයකින් පමණක් ත්‍රිරෝද රථයක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරු කාර්යයකි.
 
සිද්ධිය සිදුව මාස එකහමාරකටත් වඩා කාලයක් ගත වුවද නිලධාරීන්ගේ අවධානය ඉන් මඳකුදු හෝ බැහැරව තිබුණේ නැත.
 
මේ දිනවල පවතින අවුරුදු උණුසුම තුළ ජනතාවගේම ආරක්ෂාව වෙනුවෙන්    කිරුළපන නගරයේ මෙන්ම අවට තදාසන්න ස්ථාන ගණනාවකම සිවිල් ඇ¾දුමින් සැරසුණු නිලධාරීන් විශාල ප්‍රමාණයක් රාජකාරියේ යෙදී සිටි අතර, කිරුළපන පිහිටි සුප්‍රසිද්ධ නාමයක් හිමි සුවිසල් නිමි ඇ¾දුම් වෙළෙඳසලක් ඉදිරිපිටද එලෙස නිලධාරීන් දෙදෙනෙක් රැ‍ඳී සිටියහ. 
 
වෙළෙඳසල කරා පැමිණි ත්‍රිරෝද රථයක් එහි ගාල් කෙරුණේ ඒ අතරවාරයේදීය.
 
රාජකාරියේ යෙදීසිටි සැරයන් ජයවීර (9233)  සහ කොස්තාපල් විජේසිංහ (37783) යන දෙදෙනාටම මෙකී ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් දැනුණේ මනා සුපුරුදු හැඟීමකි.
 
“මේක කොහේදි හරි දැකලා තියෙනවා.”
 
“පුදුමේ කියන්නේ මටත් මේක හොඳට දැකලා පුරුදුයි වගේ”
 
තවත් මොහොතක් දෙකක් එලෙස සැකයකින් යුතුව ගෙවී ගියේය.
 
“හරිනේ, මේ අර වැලන්ටයින් දවසෙ කේස් එකේ ත්‍රීවීල් එකනේ”
 
සී.සී.ටී.වී. දසුන්වල සටහන්ව තිබූ ලෙස ‘මගේ දියුණුව බිරිඳගේ උත්සාහය’ යන වදන් පෙළ මෙන් ‘ලසන්ත’ යන අකුරු කිහිපයද ඉතා පැහැදිලිව දැකගැනීමට ලැබිණි.
 
රථයෙහි වර්ණයද රතු පාටය.
 
තවත් කල්මැරීමට අවශ්‍යතාවක් නොවූ තැන එහි රියැදුරාද සමඟින් නිලධාරීන් දෙදෙනා ගමන් ගත්තේ පොලිස් ස්ථානය වෙතය.
 
සිය සාක්ෂි අකුරක් නෑර ගැළපෙද්දී රියැදුරා පැවැසුවේ හතරබීරි කතාවකි.
 
“ඔව් සර්, මේ වාහනේ මගේ තමයි. මම ඒක පිළිගන්නවා. ඒත් ඔය කියන දවසේ මේක තිබුණේ මා ළඟ නෙමෙයි. මගේ වයිෆ්ගේ ඥාති වෙන මල්ලි කෙනෙක් එයාගෙ ගෑනු ළමයව වැලන්ටයින් එකට හම්බවෙන්න යන්න මේක ඉල්ලගෙන ගියා”
 
රියැදුරුගේ ප්‍රකාශයත් සමඟ පොලිස් ඇස යොමුවුණේ ඉන් කියැවුණු ‘මල්ලි’ සෙවීමටය.
 
“එයා ඉන්නේ දෙමටගොඩ”
 
වැඩිදුරටත් ලැබුණු තොරතුරුවලට අනුව කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චිගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර, උප පොලිස් පරීක්ෂක චාමික ජයවීර, සැරයන්වරුන් වන ජයවීර (9233),  සනත් (37060), සුරංග (61413), කොස්තාපල්වරුන් වන  විජේතුංග (37783), කපිල (70225), මධුසංඛ (77413), අරුණ (78686), පුෂ්පකුමාර (75430) සහ දිල්ෂාණි (10133) යන නිලධාරීහු සිය මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර ත්‍රිරෝද රිය රැගෙන ගිය බව පැවැසෙන පුද්ගලයා පොලිස් භාරයට පත්විය.
 
25 හැවිරිදි ඔහු දෙමටගොඩ ස්ථිර පදිංචිකරුවකු වන අතර, දීර්ඝව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ අදාළ රථයෙන් ගොස් ගබඩාවෙහි තිබූ ටෝනර් තොගය ඔහු සොරාගත් බවයි.
 
“ඒවා මං සිංහපුර, කොළොන්නාව පැත්තේ කුලියට අරන් ඉන්න ගෙදරක හැංගුවා”
 
දෙමටගොඩින් ඉන්පසුව ගමන් ඇරඹුණේ සිංහපුර වෙතය.
 
නිවෙසට ඇතුළු වූ නිලධාරීන්ගේ දෑස් නළලට ගියේ එහි තිබූ භාණ්ඩ තොගය දුටු පසුය.
 
පැමිණිලිකරු පවසා තිබුණේ ලක්ෂ තුනහමාරක පමණ භාණ්ඩ අතුරුදන් බව නමුත් අදාළ නිවෙසේ ලක්ෂ 15කට අධික භාණ්ඩ තොගයක් විණි.
 
තවදුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරු සියල්ල වැමෑරුවේ ඒ වනවිටත් නහයටත් උඩින් වතුර ගොස් අවසන් නිසාය.
 
“මම වැඩ කළේ ඔය වැඩපළේමයි. කොරෝනා නිසා අපිට රස්සාව නැතිවුණා. කිසිම දෙයක් කරගන්න බැරිවුණා. කොච්චර උත්සාහ කළත් වෙන රස්සාවක් හම්බවුණෙත් නැහැ. පස්සෙ බැරිම තැන තමා එතැනම තිබුණ ටෝනර් උස්සලා විකුණලා කීයක්හරි හොයාගත්තේ. අවුරුද්දක් තිස්සෙ ඉඳලම මම ටික ටික ඔතැනින් බඩු පන්නනවා” සැකකරු පැවැසුවේ ඇඟට පතට නොදැනෙන ලෙසිනි.
 
ආදරවන්තයන්ගේ දිනයට නුවරඑළියේ පදිංචි පෙම්වතිය හමුවීමට යන බව පවසමින් ඔහු තමන් හරිහම්බ කරගත් ආයතනය කොල්ලකා තිබුණේ එලෙසිනි.
 
කොල්ල කෑ ටෝනර් තොගයෙන් රුපියල් 80,000ක පමණ වටිනාකමැති භාණ්ඩ ප්‍රමාණයක් ඔහු විකුණා තිබුණේ කුණුකොල්ලයටය.
 
“සමහර ටෝනර් රුපියල් තිස් හතළිස්දාස් ගාණක් වටිනවා. ඒත් සල්ලි වුවමනාවට මම ඒවා රුපියල් දෙතුන්දාහට විකුණුවා. හම්බවෙන ඕනෙම කෙනකුට මම ඒවා දීලා දැම්මා. මට ඕනෑ වුණේ ජීවත් වෙන්න සල්ලි විතරයි මහත්තයෝ”
 
වරද ඇත්තේ කොතැනදැයි නොතේරෙන මුත් කොරෝනා හේතුවෙන් සිය ජීවිකාව අහිමිව මෙලෙසින් අසරණ වූ තවත් දසදහස් ගණනක් තවමත් සමාජයේ සිටිති. හොඳින් ජීවත්වීමට නොහැකි වූ තැන බොහෝ පිරිස් පෙලඹෙන්නේ අසාධාරණයෙන් හෝ මුදල් සොයාගැනීමටය.
 
‘සියලු ගින්නටම වඩා බඩගින්න ලොකු වනවිට’ හොඳ නරක සාධාරණය අසාධාරණය ගැන සිතමින් සිටීමට මිනිසුන්ට ඇවැසි නොවේ.
 
මෙවන් වූ කටුක යථාර්ථයක තවත් එක් පුරුකක් වූ සැකකරු අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වසරක් පුරා සිදුකළ සියලු සෙල්ලම්වල අවසානය සනිටුහන් කරමිනි.
 
ඉංගිරිය _ එන්.පී. කහවල
මව්බිම 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top